Lakdiva Puvatha

lp 85පළමු සේන රජුගේ කාලයේදී ඉන්දියාවේ පඩි රටින් රජකු ලක්දිව කොල්ල කෑමට ආවේය. මහා යුද්ධ සේනාවක් රැුගෙන පැමිණී එම කොල්ලකරු පලවා හැරීමට සේන රජු හමුදාවක් යැවුවත් සුදුසු සෙන්පතියෙකු සිටියේ නැහැ. සතුරන් අනුරාධපුරයට ලං වුණා. සේන රජු අනුරාධපුරය අත්හැර ගියා. ඇතකු පිට නැගි සටන් බිමට ගිය මිහිඳු නම් කුමරෙකු සතුරන් අතින් මිය යනවාට වඩා සිය දිවි හානිකර ගැනිම සුදුසු යැයි සිතා දිවි නසා ගත්තා. ඔහුගේ පිරිසි ද ඒ අනුව ක‍්‍රියා කලා.

මේ සියල්ල දුටු කාශ්‍යප නම් සිංහල කුමරෙකු සතුරා මැදට පැන අශ්ව වල්ලක් මෙන් පෙනෙන සේ තම අශ්වයා හසුරුවමින් තනිව සටන් කලා. නමුත් කුමරාගේ උදව්වට කිසිවෙකු පැමිණියේ නැත. සතුරා අතින් මිය යනවාට වඩා ජිවත් විම ඉදිිරියට ප‍්‍රයොජනවත් යැයි සිතු කුමරා සතුරාට පහර දෙමින්ම එතැනින් පලා ගියා.

During the regime of King Sena – 1, a King from India came with troops to loot the country. King Sena sent out a large Army to battle with the enemy but there was no suitable General to guide the soldiers and therefore the enemy was able to reach Anuradhapura. King Sena left Anuradhapura. Prince Mihindu who went to battle on elephant back thought suicide is better than dying at enemy’s hand, killed himself. His troops followed same. Prince Kashyapa who saw all this sprang at the enemy. He guided his horse with great speed to appear as a circle of horses and fought the enemy all alone. None came to his help. Believing that living is useful for the future than to die at the enemy’s hand, Prince Kashyapa fled from battle fighting.

lp 84ඉන්පසු රජකමට පත් වන්නේ මිහිඳු රජුගේ සොහොදරයකු වු අටවන අග්බෝ රජුයි. තම මවට සියළු සත්කාර කල ඔහු සේවකයින්ට ද ඉතා කරුණාවන්ත විය.

දිනක් .දාසයා. කියා සේවකයෙකුට බැන වැදුණු රජු තමා අතින් බරපතල වරදක් සිදු වු යැයි සිතා සේවකයාගෙන් සමාව ඉල්ලා ඇත. ඉන් සෑහිමකට පත් නොවු රජ තම මෑණියන් ලවා තමා සංඝයා වහන්සේට දාස කොට දීමට සලස්වන ලදී. ඉන් පසු එම දාසකමේ වටිනාකමට වස්තුව දී රජු නිදහස ලබාගෙන ඇත.

King Agbo – VIII, a brother of King Mihindu became King next. He treated his mother in all possible ways and also was very kind to his servants. The King having abusing one of his servants a slave one day realized his mistake and apologized to the servant. Not being satisfied by it the king got his mother to offer him to the temple to slave (workhard). Eventually, the king offered wealth to the priests for the value of his slavery and freed himself.

lp 83ඉන්පසු රජකමට පවත්වන පළමුවන උදය රජතුමා වෙහෙර විහාර අලූත් වැඩියා කිරිමට, සංඝයා වහන්සේලාට සැලකීම මුලික කරගත් අතර ගිලණුන්ගේ සුභ සිද්ධිය උදේසා ද කටයුතු කල අයෙකි.

පළමු උදය රජු වසර 5ක රාජ්‍ය කාලයෙන් පසු තුන්වන මිහිඳු රජකමට පත්විය. ඉතා ධාර්මික රජෙකු වු තුන්වන මිහිඳු රජු ශිලා මේඝ යන නමින් ද ප‍්‍රසිද්ධ විය.

 

King Udaya – I, came into power next. His main concern was to renovate the temples and viharas, and to care for the Buddhist priests. He also worked for the well being of the sick. His period of rule lasted for five years. After King Udaya I Mihindu – III , became king. He was a very pious king and therefore was also popularly known as ‘Shilamega’.

lp 82සතුරන් මර්දනය කර රට සාමයෙන් තබාගත් දෙවන මිහිඳු රජු වෙහෙර විහාර අලූත් වැඩියා කිරිමට, භික්ෂුන් වහන්සේලාට උවමනා දේ සැපයීමට සහ රට වැසියාට හොඳින් සංග‍්‍රහ කිරිමට අමතක කලේ නැහැ.

අසරණයන්ට උපකාර කල රජු පයින් ගමන් කල නොහැකි අයට ගොනුන් සපයා දුන්නා. දෙමළ ජනතාවගේ ආගමට අනුව ගවයා පූජනිය වස්තුවක් වු බැවින් ඔවුන්ට අශ්වයන් ලබා දුන්නා. උදව් ඉල්ලීමට ලැජ්ජාවෙන් සිටි අසරණයින්ට රහසින් උපකාර කලා.

King Mihindu – II who defeated the enemy and maintained peace and harmony in the country didn’t forget to repair and renovate the temples and viharas, to provide necessary equipment for the Buddhist priests and to serve his countrymen well. The king helping the poor and helpless provided bulls to those who couldn’t walk. As the bull was considered a sacred treasure in the religion of the Tamil people (Hinduism) he gave them horses. The king secretly helped the destitute who were shy to ask for help.

lp 81දෙවන මිහිඳු රජුට දප්පුල ගෙන් නිතර කරදර සිදුවුණා. මේ නිසා රජුය දප්පුල සමග සටන් කිහිපයක් කිරිමට සිදු විය. සෑම සටනකින්ම පලා ගිය දප්පුල නැවත සේනා රැස් කර සටනට පැමිණියා. මේ නිසා රටටත් රට වැසියාටත් විශාල හානි සිදු විය.

මේ අයහපත් තත්වය අවසන් කිරිමට සිතූ රජතුමා භික්ෂුන් වහන්සේලා සහ රටේ උගතුන් ථුපාරාමයට කැඳව්වා. මේතෙක් සිදු වු දේ සහ ඉදිරියට කිරිමට බලාපොරොත්තු දේ විස්තර කලා. සියලූ දෙනාම රජුගේ අදහසට එකග වුණා.

සුදුසු පරිදි සකස් කරගත් රජු රුහුණු බලා පිටත් වුණා. රුහුණු වැසියන් ද රජුගේ පැත්ත ගත්තා. දප්පුල සමග ගිවිසුමක් ඇති කරගත් රජු රුහුණේ කොටසක් ඔහුට භාර කර රට සාමයෙන් තබාගත්තා.

Dappula continuously harassed King Mihindu – II. Therefore the king frequently engaged in battle with him. Each time Dappula was defeated he fled and returned with his troops, to battle. This brought in a lot of harm to the country and people. Intending to stop this bad and unpleasant situation the king invited the monks and scholars (educated people) of the country to ‘Thuparamaya’ and explained his plans to stop future attacks from Dappula. They agreed. The king settling the situation went to Ruhuna. He came to an agreement with Dappula and entrusted a section of Ruhuna for him to rule and brought in peace and harmony to the country.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit,. sed do eiusmod tempor incididunt.