මහා වංශ කතාවේ සදහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජු බුද්ධාගමේ දියුණුව පිණිස මහා විහාරය, ථූපාරාමය, ඉසුරුමුණිය, වැනි බොහෝ වටිනා ස්ථාන නිර්මාණයේ දී පුරෝගාමියා වූ බවයි. තවද මෙම රජු සමයේ ඉන්දියාවේ තම්රලිප්ත වරාය ලංකාවේ දඹකොළ හා මාතොට යන වරායන් අතර තිබූ සම්බන්ධතා තුළින් පෙනී යන්නේ ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික සබදකම් මෙන්ම වෙළද සබඳකම් ද පැවති බවයි.
ලංකාවේ සිංහල රජුන් එකසිය හැටක් පමණ සිටි බව පෙනෙනවා. මේ රජවරුන් රාජවංශ අටකට පමණ බෙදේ. දේවානම්පියතිස්ස රජතුමා අයත් වන්නේ ලංකාවේ මුල්ම රාජවංශය වන විජය රජතුමාගෙන් පැවත එන විජය රාජ වංශයට යි.
බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කර සෑදු ථූපය ථූපාරාමය යි. දේවානම්පියතිස්ස රජු ථූපාරාම දාගැබ තැනුවේ මිහිඳු මා හිමියන්ගේ උපදෙස් පරිදි ය. මහා වංශයේ සදහන් වන ආකාරයට රජතුමා ධාතූන් සහිත කරඬුව ඇතු පිටින් බිමට ගැනීමට සූදානම් වූ විට මුඟුලැතු ඊට ඉඩ දී නැත. එවිට මිහිඳුහිමියෝ ඇතුගේ හිසට වඩා පහත් තැනකට ධාතූන් වැඩමවීමට ඇත් රජ අසතුටු බව රජහට දන්වා ඇත. ඒ ඇසූ රජ වහා අබා වැවෙන් වියළි මැටි ගෙන්වා ඇතුගේ උස පමණට ථූපයක් කරවා එය මනාව සරසා ධාතූන් වහන්සේ එහි තැන්පත් කළේය.
The Mahavamsa records that king Devanampiyatissa, pioneered in the establishment of places such as the Maha viharaya, Thuparamaya, Isurumuniya in order to foster Buddhism. Further, the activities that took place between the sea ports, Thamraliptha of India with those of Dambakola and Mathota sea ports of Lanka shows that there have been cultural as well as trade connections.