Lakdiva Puvatha 85

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

lp-85පළමු සේන රජුගේ කාලයේදී ඉන්දියාවේ පඩි රටින් රජකු ලක්දිව කොල්ල කෑමට ආවේය. මහා යුද්ධ සේනාවක් රැුගෙන පැමිණී එම කොල්ලකරු පලවා හැරීමට සේන රජු හමුදාවක් යැවුවත් සුදුසු සෙන්පතියෙකු සිටියේ නැහැ. සතුරන් අනුරාධපුරයට ලං වුණා. සේන රජු අනුරාධපුරය අත්හැර ගියා. ඇතකු පිට නැගි සටන් බිමට ගිය මිහිඳු නම් කුමරෙකු සතුරන් අතින් මිය යනවාට වඩා සිය දිවි හානිකර ගැනිම සුදුසු යැයි සිතා දිවි නසා ගත්තා. ඔහුගේ පිරිසි ද ඒ අනුව ක‍්‍රියා කලා.

මේ සියල්ල දුටු කාශ්‍යප නම් සිංහල කුමරෙකු සතුරා මැදට පැන අශ්ව වල්ලක් මෙන් පෙනෙන සේ තම අශ්වයා හසුරුවමින් තනිව සටන් කලා. නමුත් කුමරාගේ උදව්වට කිසිවෙකු පැමිණියේ නැත. සතුරා අතින් මිය යනවාට වඩා ජිවත් විම ඉදිිරියට ප‍්‍රයොජනවත් යැයි සිතු කුමරා සතුරාට පහර දෙමින්ම එතැනින් පලා ගියා.

During the regime of King Sena – 1, a King from India came with troops to loot the country. King Sena sent out a large Army to battle with the enemy but there was no suitable General to guide the soldiers and therefore the enemy was able to reach Anuradhapura. King Sena left Anuradhapura. Prince Mihindu who went to battle on elephant back thought suicide is better than dying at enemy’s hand, killed himself. His troops followed same. Prince Kashyapa who saw all this sprang at the enemy. He guided his horse with great speed to appear as a circle of horses and fought the enemy all alone. None came to his help. Believing that living is useful for the future than to die at the enemy’s hand, Prince Kashyapa fled from battle fighting.

 

Lakdiva Puvatha 84

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

lp-84ඉන්පසු රජකමට පත් වන්නේ  මිහිඳු රජුගේ සොහොදරයකු වු අටවන අග්බෝ රජුයි. තම මවට සියළු සත්කාර කල ඔහු සේවකයින්ට ද ඉතා කරුණාවන්ත විය.

දිනක් .දාසයා. කියා සේවකයෙකුට බැන වැදුණු රජු තමා අතින් බරපතල වරදක් සිදු වු යැයි සිතා සේවකයාගෙන්  සමාව ඉල්ලා ඇත. ඉන් සෑහිමකට පත් නොවු රජ තම මෑණියන් ලවා තමා සංඝයා වහන්සේට දාස කොට දීමට සලස්වන ලදී. ඉන් පසු එම දාසකමේ වටිනාකමට වස්තුව දී රජු නිදහස ලබාගෙන ඇත.

King Agbo – VIII, a brother of King Mihindu became King next. He treated his mother in all possible ways and also was very kind to his servants. The King having abusing one of his servants a slave one day realized his mistake and apologized to the servant. Not being satisfied by it the king got his mother to offer him to the temple to slave (workhard). Eventually, the king offered wealth to the priests for the value of his slavery and freed himself.

 

Lakdiva Puvatha 83

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

lp-83ඉන්පසු රජකමට පවත්වන පළමුවන උදය රජතුමා වෙහෙර විහාර අලූත් වැඩියා කිරිමට, සංඝයා වහන්සේලාට සැලකීම මුලික කරගත් අතර ගිලණුන්ගේ සුභ සිද්ධිය උදේසා ද  කටයුතු කල  අයෙකි.

පළමු උදය රජු වසර 5ක රාජ්‍ය කාලයෙන් පසු තුන්වන මිහිඳු රජකමට පත්විය. ඉතා ධාර්මික රජෙකු වු තුන්වන මිහිඳු රජු ශිලා මේඝ යන නමින් ද ප‍්‍රසිද්ධ විය.

King Udaya – I, came into power next. His main concern was to renovate the temples and viharas, and to care for the Buddhist priests.  He also worked for the well being of the sick. His period of rule lasted for five years. After King Udaya I Mihindu – III , became king. He was a very pious king and therefore was also popularly known as ‘Shilamega’.

 

Lakdiva Puvatha 82

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

lp-82සතුරන් මර්දනය කර රට සාමයෙන් තබාගත්  දෙවන මිහිඳු රජු වෙහෙර විහාර අලූත් වැඩියා කිරිමට, භික්ෂුන් වහන්සේලාට උවමනා දේ සැපයීමට සහ රට වැසියාට හොඳින් සංග‍්‍රහ කිරිමට අමතක කලේ නැහැ.

අසරණයන්ට උපකාර කල රජු පයින් ගමන් කල නොහැකි අයට ගොනුන් සපයා දුන්නා. දෙමළ ජනතාවගේ ආගමට අනුව ගවයා පූජනිය වස්තුවක් වු බැවින් ඔවුන්ට අශ්වයන් ලබා දුන්නා. උදව් ඉල්ලීමට ලැජ්ජාවෙන් සිටි අසරණයින්ට රහසින් උපකාර කලා.

King Mihindu – II who defeated the enemy and maintained peace and harmony in the country didn’t forget to repair and renovate the temples and viharas, to provide necessary equipment for the Buddhist priests and to serve his countrymen well. The king helping the poor and helpless provided bulls to those who couldn’t walk. As the bull was considered a sacred treasure in the religion of the Tamil people (Hinduism) he gave them horses. The king secretly helped the destitute who were shy to ask for help.

 

Lakdiva Puvatha 81

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

lp-81දෙවන මිහිඳු රජුට දප්පුල ගෙන් නිතර කරදර සිදුවුණා. මේ නිසා රජුය දප්පුල සමග සටන් කිහිපයක් කිරිමට සිදු විය. සෑම සටනකින්ම පලා ගිය දප්පුල නැවත සේනා රැස් කර සටනට පැමිණියා. මේ නිසා රටටත් රට වැසියාටත් විශාල හානි සිදු විය.

මේ අයහපත් තත්වය අවසන් කිරිමට සිතූ රජතුමා භික්ෂුන් වහන්සේලා සහ රටේ උගතුන් ථුපාරාමයට කැඳව්වා. මේතෙක් සිදු වු දේ සහ ඉදිරියට කිරිමට බලාපොරොත්තු දේ විස්තර කලා. සියලූ දෙනාම රජුගේ අදහසට එකග වුණා.

සුදුසු පරිදි සකස් කරගත් රජු රුහුණු බලා පිටත් වුණා. රුහුණු වැසියන් ද රජුගේ පැත්ත ගත්තා. දප්පුල සමග ගිවිසුමක් ඇති කරගත් රජු රුහුණේ කොටසක් ඔහුට භාර කර රට සාමයෙන් තබාගත්තා.

Dappula continuously harassed King Mihindu – II. Therefore the king frequently engaged in battle with him. Each time Dappula was defeated he fled and returned with his troops, to battle. This brought in a lot of harm to the country and people. Intending to stop this bad and unpleasant situation the king invited the monks and scholars (educated people) of the country to ‘Thuparamaya’ and explained his plans to stop future attacks from Dappula. They agreed. The king settling the situation went to Ruhuna. He came to an agreement with Dappula and entrusted a section of Ruhuna for him to rule and brought in peace and harmony to the country.

 

Lakdiva Puvatha 80

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

සෙන්පති මිහිඳු ලක්දිව දෙවන මිහිඳු නමින්ද හැදින්වෙනවා. මොහුගෙන් රාජ්‍යය උදුරා ගැනීමට රටේ අධිපතියන් සමහරකු උත්සාහ කර ඇත. දප්පුල ඉන් ප‍්‍රධාන තැනක් ගනී. ඔහු සමග සෙන්පති මිහිඳුට කිහිපවාරයක් සටන් කිරීමට සිදු වූ බව සදහන් වේ. මුල්ම සටනින් ජය ගත් රජු ආපසු නගරයට පැමිණ භික්ෂූන්වහන්සේලාට ද රටවැසියන්ට ද නොයෙකුත් සංග‍්‍රහ කර ඇත. එපමණක් නොව තිරිසන් සතුන්ට ද සංග‍්‍රහ කළ බව ඉතිහාස පුවත් වලින් එළිවෙයි.

 

During this time some of the chiefs of the country tried hard to take over the state from General Mihindu, also known as Mihindu – II of Ceylon, by force. Dappula took a leading place in this struggle. It is stated that General Mihindu engaged in battle with Dappula many times. The King, winning his first battle with Dappula had returned to the city and entertained the monks and the countrymen in many ways. Historical information also states that he treated the animals too.

 

Lakdiva Puvatha 79

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

හත්වන අග්බෝ රජුගේ මරණින් පසු රජකම හිස් ව පවතින බව දැනගත් ලක්දිව උතුරේ අධිපතියන් අය බදු ගෙවීම නතර කළා. මෙය දැනගත් සෙන්පති මිහිඳු වහාම සේනා රැගෙන ගොස් ඔවුන් යටත් කර ගත්තා. තම කුඩම්මා වූ මියගිය රජුගේ බිසොව හමු වී තමා රට ආරක්ෂා කර දෙන බවටත් ඇයට රාජ්‍ය භාරගන්නා ලෙසටත් දැනුම් දුන්නා. නමුත් ඇයට වුවමනා වූයේ සෙන්පති මිහිඳු මරවා තමාට වුවමනා පරිදි කටයුතු කිරීමටයි. මෙය දැනගත් සෙන්පති මිහිඳු කුඩම්මා ඇදක සිරකර තබා රට පාලනය තමා අතට ගත්තා.

 

After the death of king Agbo – VII, the chiefs of northern Ceylon, realizing that there was no king to rule the country evaded paying tax. Coming to know about this, the General immediately taking troops subdued the chiefs to his control. General Mihindu asked his step mother, the queen of the dead king, Agbo – VI to reign the country and said he would safeguard the country for her. But the queen wanted to kill the General and rule the country as she wished. Being aware of this General Mihindu imprisoned his step mother in a bed and started to reign the country.

 

Lakdiva Puvatha 78

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

හයවන අග්බෝ රජුගේ මරණින් පසු හත්වන අග්බෝ නමින් රජකමට පත්වන්නේ යුව රජු වී සිටි අග්බෝ කුමාරයායි. මොහු පොළොන්නරුවෙහි වාසය කළ බව සදහන්ය. නොයෙකුත් ආගමික කටයුතු වල නියලුණු මොහු බොරු නඩු ගෙනෙන්නන්ට තදින් දඩුවම් කළ අයෙකි. ඔහු මිය යන විට ඔහුගේ පුත‍්‍රයාද  මියගොස් සිටි බැවින් රජකම හිස් විය. නමුත් රට ආරක්ෂා කර ගැනීම යුතුකමක් බව සිතූ හයවන අග්බෝ රජු පුත් සෙන්පති මිහිඳු රජකම භාරගත්තා.

 

After the death of King Agbo Selamewan – VI, crown prince – prince Agbo became king and reigned as Agbo – VII. It is stated that he lived in Polonnaruwa he was very pious engaged in many religious activities. He severely punished people who brought in false charges. As his son was also dead at the time the king died, the kingship became vacant. Realizing that it is his duty to protect the country General Mihindu – son of Agbo – VI, accepted the kingship.

 

Lakdiva Puvatha 77

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake

රජකමට පත් වූ අග‍්‍රබෝධි කුමාරයා හයවන අග්බෝ සෙලමෙවන් නමින් රජ වුණා. තමාට රජකම භාරදුන් කුමාරයාට යුවරජකම පැවරුවා. මේ දෙදෙනා සාමයෙන් රජකම් කිරීම දාමරිකයන්ට පහරක් වුණා. රජු කෙටවීමට කේලාම් පැතිරුවා. අවසානයේ රජුත් යුව රජුත් අතර ඇති වූ යුද්ධයෙන් යුව රජු පැරදුණා. පැරදී පලායන සහෝදර කුමරු ගැන රජුට දුකක් ඇති වුණා. ”අනේ මං මේ පරදවා පළවා හැරියේ අතේ තිබූ රජකම මට පැවරූ මගේම සහෝදරයා නේද?” කියා රජු මහජනයා ඉදිරියේම දුක් වුණා. අවසානයේ දෙදෙනා නැවතත් මිතුරු වී පෙර සේ සාමයෙන් කටයුතු කළා.

 

Prince Agrabodhi, who became the king, reigned as Agbo selamewan – VII.

He appointed his brother prince Agbo as crown prince. These two ruled the country harmoniously, a great threat to thugs and rebels. Intending to disrupt the peaceful reign, they spread false tales around putting the king and crown prince against each other, which at last led to a war between the two. Defeated in the war, the prince fled. The king seeing the fleeing prince repented in front of his countrymen of defeating him and felt sorry for the crown prince, who voluntarily handed over the kingship to him. Finally they became friends and peacefully ruled the country once again.

 

Lakdiva Puvatha 76

Written by Nadee Dissanayake ,Translated by Dilhara Karunanayaka ,and Art by S.A.Dissanayake
අග්බෝ රජුගේ ඇවෑමෙන් ඔහුගේ සහෝදර කාශ්‍යප කුමරු රජ විය. ඉතා ධාර්මික ලෙසින් තම පාලන කටයුතු කළ ඔහු සත්ව ඝාතනය නොකරන ලෙස මාඝාතය පැනවීය.ඉන් පසු රාජ්‍යයට පත් වන්නේ මිහිදු ඈපා රජුය. ඔහුට අග‍්‍රබෝධි නම ඇති පුතුන් දෙදෙනකු සිටියා. එක් කුමරකු රජුගේම පුතා වූ අතර අනිත් කුමාරයා තම සහෝදරයාගේ පුතා විය.

තම පුතුට ලක්දිව දකුණු ප‍්‍රදේශය භාරදුන් රජු සහෝදරයාගේ පුතාට යුව රජකම භාර දී නැගෙනහිර ප‍්‍රදේශය භාර කළා. රජු මරණයට පත්වන විට ළග සිටි රජුගේම පුතුට රජකම හිමි විය. නමුත් නීතියට අනුව රජකම හිමිවිය යුතු වූයේ යුව රජකම දැරූ කුමාරයාටයි. රජකමට ලෝභකම් නොකළ රජුගේ පුත් යුවරජ කැදවා රජකම පවරා දුන්නා.

After the death of king Agbo – II, his brother prince Kashyapa became king. The king being very religious ruled the country righteously. He imposed ‘Magathaya’ – a law to stop animal slaughter.

King Mihindu Epa came in to power next. He had two sons named Agrabodhi. One was his own son and the other prince was his brother’s son. The king while handing over the southern region of Ceylon to his son appointed his brother’s son the viceroy and entrusted him the powers of the eastern region. At the death of the king his son who was near him became king. But according to the law the crown prince had the right to be king. The king’s son voluntarily handed over the kingship to the crown prince – prince Agrabodhi.

 

Page 3 of 11