Lakdiva Puvatha 75

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

හත්වන සියවසේ ආරම්භයත් සමග අවසන් වන දෙවන අග්බෝ රජුගේ රාජ්‍යය කාලයෙන් පසු ලක්දිව ඉතිහාසය අවුල් වේ. ශ්‍රේෂ්ඨ රජකු නොමැති වූ නිසා දුර්වල රජවරු රාජ්‍යයට පොර කෑහ.රටේ සංවර්ධනයක් සිදු නොවුණි. රටවැසියාට නොයෙක් දුක් ගැහැට විදීමට සිදු විය. වෙහෙර විහාර කඩා බිද ඒවායේ වූ වස්තු පැහැර ගන්නා පිරිස් බිහි විය.

The history of Lanka is steeped in confusion during the period following the reign of king Agbo which concluded at the beginning of the seventh century. Since there was no powerful king, weak kings struggled to gain kingship. Due to this situation countrymen had to undergo untold misery. Gangs of looters who ransacked Dagobas and temples too made their appearance.

Read more...
 

Lakdiva Puvatha 74

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

පළමු අග්බෝ රජුගෙන් පසු දෙවන අග්බෝ රජුගේ කාලය එළඹිණ. ගිරිතලේ සහ කන්තලේ වැව් මෙතුමා විසින් කරවන ලදී.මේ රජුගේ කාලයේදී ථූපාරාමයෙහි කොටසක් බිදවැටී ඇත. ජෝතිපාල නම් තෙරුන් වහන්සේ විසින් එය රජුට දන්වන ලදී. රජතුමා දාගැබෙහි තැන්පත් කර තිබූ බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව ලෝවා මහා පායෙහි තබා දාගැබ ප‍්‍රතිසංස්කරණය කරවා ධාතූන් නැවත තැන්පත් කරන ලදී.මොහුගේ රාජ්‍යය කාලය වසර දහයක් පමණ වේ.

After king Agbo, there dawned the era of Agbo- ll. He was instrumental in the construction of the Giritale and Kantale tanks. During his time a part of the Thuparamaya dagoba had collapsed.A thera named Jothipala informed the king about this matter. The king removed the sacred right jaw bone relic of Lord Buddha enshrined in the Dagoba and deposited it at Lovamahapaya, and after having attended to the repair work of the damaged part, redeposited the relic back in the previous place. His period of rule lasted for about a decade.

Read more...
 

Lakdiva Puvatha 73

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

සුඵ මුගලන් රජුගෙන් පසු රජවන පළමු අග්බෝ රජ ලක්දිව වැව් බැදීමට ද ප‍්‍රසිද්ධ විය. මේ රජුගේ කාලයේ සක්දාමල, අසක්දාමල, දැමී, බෑබිරී, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප් කොටඈපා යනුවෙන් මහා කවීහු දොළොස්දෙනෙකු වූහ. මොවුන් කළ පොත පත පසු කාලයේදී දකුණු ඉන්දියානු කොල්ලකරුවන් විසින් ගිනිබත් කරන ලද බව ඉතිහාස කතා වල කියවේ.ධාර්මික පාලනයක් ගෙන ගිය මෙතුමා වසර තිස්තුනකට ආසන්න කාලයක් රාජ්‍යය කළේය.

King Agbo who succeeds king Sulu Mugalan became famous for his work on the construction of tanks. During his kingship there lived the famous twelve poets named, Sakdamala, Asakdamala, Demi, Bebiri, Dalabiso, Anuruth, Dalagoth, Dalasala, Kithsiri, Paravadu, Suriyabahu and Kasupkotaepa.  Historical stories unfold that their literary works have been set ablaze by marauders coming from South India. This king, who administered righteously, ruled the country for nearly thirty three years. . 

Read more...
 

Lakdiva Puvatha 72

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

ලක්දිව රජකම මුගලන් කුමරුන්ට හිමි වූ අතර වැව් බැදීමට ප‍්‍රසිද්ධියක්  ද ලැබුණි.මාමා ද මුගලන් නම් වූ නිසා මොහු සු`ඵ මුගලන් නමින් හැ`දින් වුණි.ධාර්මිකව රජකම් කළ මොහු කුඩා දරුවන්ට ධර්මය ඉගැන්වීමට සිතුවේය. ධර්මය කවියෙන් ලියවා ගායනාකරුවන් ඇතුන් පිට නංවා රාත‍්‍රී කාලයෙහි දහම් කවි ගායනා රටවැසියන්ට ඇසීමට ඉඩ සාදා දුන්නේය.

Thus, the kingship befell on prince Mugalan, who later became famous as a constructer of irrigation tanks. Since his uncle too bore the name Mugalan, he came to be known as Sulu Mugalan. Being a pious king he thought of teaching dhamma to small children. He  got the dhamma transcribed into to verse- form, and employed minstrels to go about on elephant back  during night time, singing these verses,  so that  fellow countryman could hear them.

Read more...
 

Lakdiva Puvatha 71

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

සිලාකාල රජුගේ හදිසි මරණය ඔහුගේ වැඩිමහල් පුතු මුගලන් කුමරුන්ට ආරංචි වන විට රජුගේ දෙවැනි පුත් දප්පුල කුමරු පැමිණ රජකම හිමිකරගෙන තිබුණි.මෙම අසාධාරණ ක‍්‍රියාවෙන් කැළඹුණු මුගලන් කුමරු යුද්ධයකට සූදානම් වූයේය. දප්පුල කුමරු ද සටනට සැරසුණේය. පුද්ගලික හේතුවකට සටන් කර රට වැසියා විනාශ කිරීම අයුක්තිසහගත බැවින් දෙදෙනා ඇතුන් පිට නැගී තනිව සටන් කළ යුතු බවට ගිවිස ගත්හ.යුධ පිටියට පැමිණි ඇතුන් දෙදෙනා මහා ඝෝෂා කරමින් හිස් එකට හප්පා ගනිද්දී අවට ගිගුම් දුන්නේය. ඇතුන්ගේ ශරීර ලෙයින් තෙත් විය. අවසානයේ මුගලන් කුමරුගේ ඇතුගේ දළIපහරක් වැදී දප්පුල කුමරුගේ ඇතු පසු බසිද්දී පරාජිත හැ`ගීමෙන් යුතු දප්පුල කුමරු හිස සි`දගැනීමට සැරසුණේය. මුගලන් කුමරු එසේ නොකරන ලෙසට ආයාචනා කර සිටියත් අයුක්තියෙන් ඔසවන ලද දප්පුලගේ හිස සි`දගැනීම නවතාලන්නට නොහැකි විය.

At the time when news of the sudden death of King Silakala reached his eldest son Mugalan, the second son Dappula had already come and assumed kingship. Prince Mugalan, who was disgruntled by this unreasonable act, made preparations to wage war. Prince Dappula too started to get ready for an attack. Since it was felt unreasonable to destroy the lives of fellow countrymen by waging a war for a personal cause, the two of them came to an agreement to fight single handed on elephant back. Accordingly, the two of them arrived at the battle ground on elephant back, and while the trumpeting elephants started to attack each other with their heads, the neighbor hood trembled. The bodies of both elephants became blood stained. In the end when prince Mugalan’s elephant gored with its tusks prince Dappula’s elephant making the latter to retreat, Prince Dappula in a defeated mood got ready to slay his own head. Even though at that moment prince Mugalan pleaded with prince Dappula not to do so, it was not possible to prevent Dappula from slaying his own head, that which rose itself unrighteously..

 
Read more...
 

Lakdiva Puvatha 70

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

සිලාකාල පසුව අඹ හෙරණ සලමෙවන් නමින් ද ප‍්‍රසිද්ධ විය. තමාට ලැබුණු අඹ වගයක් භික්ෂූන් වහන්සේලාට බෙදා දී අනුභව කළ නිසා මෙම නම ලැබුණු බව කියවේ.

සිලාකාල රජු ලම්බකර්ණ වාංශිකයෙකි. මොහුගේ මෙහෙසිය වූයේ මුගලන් රජුගේ සහෝදරියයි.

සිලාකිල රජුට මුගලන්, දප්පුලා, උපතිස්ස නමින් පුත්තු තිදෙනකු වූහ. වැඩිමහල් කුමරුට ලක්දිව නැගෙනහිර කොටසත් දෙවෙනි කුමරාට මලය රටත් පැවරූ රජ උපතිස්ස කුමරා තමා ළගම තබා රාජ්‍යය විචාරීය. සිලාකාල රජු දහතුන් වසරක් රජ කළේය.

Silakala, later on came to be known as Amba Herana Salamevan. It is said that this was because he had partaken some mango fruits which he had received after distributing them to the venerable Sangha.

 By clan, Silakala was a Lambakarna. His queen happened to be the sister of king Mugalan.

 King Silakala begot three sons named Mugalan, Dappula and Upatissa. Whereas, the king allocated the authority over the eastern part of Lanka to his eldest son Mugalan, and the Malaya Rata to the second prince, he kept with him prince Upatissa while engaging himself in his royal duties.  King Silakala ruled for a period of thirteen years

 

Lakdiva Puvatha 69

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

කුමාර ධාතුසේන රජුගේ අභාවයෙන් පසු ඔහු පුත් කීර්තිසේන රජු බලයට පත්වේ. ඉන් පසු සිවයා, උපතිස්ස යන රජවරු බලයට පත් වූ බව කියවේ. උපතිස්ස රජුගේ පුත් කාශ්‍යප ධර්මයෙන් කාලය ගෙවද්දී සිලාකාල නම් තැනැත්තෙක් බල ලෝභයෙන් සේනා රැුස් කරන්නට වූයේය. මුලදී ඇතකු පිට නැගී කාශ්‍යප කුමරු සිලාකාල මර්දනය කිීමට සමත් වූවත් අවසානයේ සිලාකාල ජය ලැබුවේය.

On the death of King Kumara Dhatusena, his son Kirthisena succeeds to the throne. After him it is said that king sivaya and Upatissa ascended the throne. While prince Kashyapa, son of king Upatissa was spending his time righteously, a person named Silakala craving for power started to gather forces. Even though at the beginning prince Kashyapa riding an elephant was capable of suppressing Silakala, at the end Silakala was victorious

 

Lakdiva Puvatha 68

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

දැහැමින් වසර දහඅටක් රජකම් කළ මුගලන් රජුගේ රාජ්‍ය කාලය තුළ බුදුන් වහන්සේගේ කේශ ධාතූන් දඹදිව සිට ලක්දිවට ගෙන එන ලදී.

ඉන් පසු රජකමට පත් වන්නේ මුගලන් රජුගේ පුත් කුමාරදාස කුමරුයි. මොහු කුමාර ධාතුසේන නමින් ද හැ`දින්වේ.

මේඝදූත කාව්‍යය නිර්මාණය කළ ඉන්දියානු මහා කවි කාලිදාසයන් මෙතුමාගේ කළ්‍යාණ මිතුරෙකි. කාලිදාසයන්ගේ අකල් මරණයෙන් කම්පාවට පත් රජු කාලිදාසගේ දැවෙන දර සෑයට පැන දිවි නසාගත් අතර එය දුටු ඔහුගේ බිසෝවරුන් පස්දෙනෙක් ද එම ගින්නට පැන දිවි නසා ගත් බව කියවේ. ඔවුන් සත්දෙනා දැවුණු තැන බෝ පැළ හතක් හට ගත් බවත් එබැවින් එතන හත්බෝධිවත්ත නමින් ප‍්‍රසිද්ධ වූ බවත් සදහන් වේ.

During the eighteen years of pious rule the sacred hair relics of Lord Buddha were brought to Lanka from Dambadiva.
Subsequently, it is prince Kumaradasa, son of king Mugalan, who becomes the king. He is also identified by the name of Kumara Dhatusena.
He was a very intimate friend of Kalidasa, the great Indian poet who composed the famous  epic Meghaduta. On hearing the death of Kalidasa he was so grief stricken that he committed suicide by leaping into the burning pyre of Kalidasa. It is said that on seeing this tragedy, five queen consorts of king Kumaradasa too followed suit. At this place where seven persons got burnt, seven Bo saplings came to being, and hence the place came to be popularly known as Hathbodhiwatte.

 

Lakdiva Puvatha 67

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

මුගලන් කුමරු ලක්දිව රජකමට පත් වීමත් සමග මහා විහාරයෙහි භික්ෂූන් වහන්සේලා විසින් නව රජු ආදරයෙන් පිළිගන්නා ලදී. කාශ්‍යප රජුට පක්ෂපාතීව සිටි ඇමතිවරුනට මුගලන් රජුගෙන් මහත් පීඩා අත් විය. නමුත් පසුව භික්ෂූන්වහන්සේලා වෙතින් බණ අසා සන්සුන් වන රජු දැහැමි ක‍්‍රියාවල නියැලේ.

සහෝදරයාගේ විෂ්මය ජනක නිර්මාණය වූ සීගිරිය දැක ගැනීමට පවා අකමැති වූ මුගලන් රජු එය සංඝයාවහන්සේලාටම පවරන ලදී.

On prince Mugalan’s ascension to the throne of Lanka, the bhikshus of the Maha viharaya cordially welcomed the new king. The ministers who were loyal to king Kashyapa were subjected too much harassment in the hands of king Mugalan. But, later on after listening to the sermons of the Bhikshus, he calmed down and set forth to embark on pious activities.
King Mugalan who did not even wish to see Sigiriya, the marvelous creation of his brother, bestowed it to the Sangha.      

 

Lakdiva Puvatha 66

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

සීගිරි කාශ්‍යප රජතුමා රජ වී අවුරුදු දහඅටක් ගත වන විට මුගලන් කුමරු සේනාවක් සම`ග ලක්දිවට ගොඩ බසී. මුගලන් කුමරු හා සටනට නොයන ලෙස කාශ්‍යප රජුට උපදෙස් ලැබුණත් රජු තම යුධ සෙන`ග රැගෙන සටනට යයි.

සටන් කරන අතරතුරදී කාශ්‍යප රජ ඉදිරියෙහි වූ මඩ වගුරක් දැක වෙනත් මගකින් ඉදිරියට යාම පිණිස ඇතු ආපස් හරවයි. කාශ්‍යප රජුගේ සේනාව එය තේරුම් ගත්තේ පැරදී ආපසු යාමට සූදානම් වූ ලෙසිනි. සේනාව රජු ද තනි කර දමා වහා ආපසු පලා ගියහ. කාශ්‍යප රජ මුගලන් කුමරුගේ සේනාව ඉදිරියේ අසරණ වූයේය. මුගලන් කුමරුගේ සේනාව ප‍්‍රීති ඝෝෂා පවත්වද් දී කාශ්‍යප රජ තම අසිපත ගෙන හිස සි`ද ගත් බව වංශකතා වල පැවසේ.


At the time king Sigiri Kashyapa was completing eighteen years of rule prince Mugalan landed in Lanka.Even though king Kashyapa had been advised not to fight with prince Mugalan, yet he takes his armies and goes to fight with him.

Whilst fighting, king Kashyapa noticing a puddle of mud, got his elephant to go backwards so that he could advance forward taking another route. Unfortunately, Kashyapa’s armies misunderstood the reversal of the elephant to be an act of the king to  retreat, and as a result the  worriers of the king forsook him and fled away. Thus, king Kashyapa became helpless in the face of prince Mugalan’s men. According to Vamsa katha lore, it is said that when Mugalan’s men were applauding victoriously, king Kashyapa tragically beheaded himself.

 

Page 4 of 11