Lakdiva Puvatha 45

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake
සිරිසබෝ රජුගේ කාලයේදී එනම් කි‍්‍ර.ව.250ට ආසන්න කාලයේදී ලක්දිව මහා නියගයක් ඇති විය. ඉන් රටවැසියා මහත් පීඩාවට පත්වූහ.තමාගේ ධාර්මික බව සැබෑනම් ඒ බලයෙන් වැසි වසින තුරු නොනැගිටිමි’යි සිතාගෙන රජතුමා රුවන් වැලි සෑ මඵවෙහි වාඩි විය. ටික වේලාවකින් අහස අන්ධකාර වී ගිගුරුම් සහිත වැසි කඩා හැලෙන්නට විය. මහා වැස්සේ තෙමෙන රජු ඉවතට ගෙන යාමට ඇමතිවරුන් සූදානම් වුවත් තමා වැසි ජලයේ පාවෙන තුරු නොනැගිටින බව රජුගේ අධිෂ්ඨානය බව ඇමතිවරුන්ට පැහැදිලි විය. සෑ මඵවේ ජලය බසිනා කපොඵ වසා මඵව වැසි ජලයෙන් පිරවීමට ඇමතිවරු කටයුතු කළහ. වැසි ජලයෙහි පාවීමට පටන් ගත් රජතුමා නැගී සිටියේය.
 

Lakdiva Puvatha 44

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake
ඉන් පසු රජකමට පත්වන්නේ සිරිසඟබෝධි කුමාරයාය. මේ රජු ඉතා ධාර්මිකව රට පාලනය කළ බව සදහන්වේ. රජුගේ ධාර්මික පාලනය තුළ නීති රීති ලිහිල් වීම හේතුවෙන් රටේ තැනින් තැන සොර බිය ඇති විය.රජු මෙය මැඩලීමට සොරුන් අල්ලා ප‍්‍රසිද්ධියේ නඩු අසා බන්ධනාගාර ගත කළේය. නමුත් රහසිගත ඔවුන්ට අවවාද දී ධාර්මික ජීවිත ගත කරන ලෙසට පොරොන්දු කරවාගෙන ඈත පෙදෙස් වලට යැවීය. ඉන් පසු සොහොනෙන් මළ සිරුරු ගෙන්වා පුඵස්සා සිරගතව සිටි සොරුන්ට මරණ දඩුවම් හිමි වූ බව රට වැසියනට ඇගවීය. මෙමගින් සිරිසඟබෝ රජුට සොර බිය මැඩලීමට හැකි විය.
 

Lakdiva Puvatha 43

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake
ගජබා රජුගේ ඇවෑමෙන් ඔහුගේ බිසවගේ පියා මහඵනා රජු හය අවුරුද්දක් රජ කළේය. ඔහුගේ ඇවෑමෙන් පුත් භාතිය තිස්ස රාජ්‍යයෙහි අභිෂේක ලැබීය. බුදු සසුන කෙරෙහි භක්තිමත් වූ මොහු මහා විහාරය වටා මහා ප‍්‍රාකාරයක් කරවීය. භාතියතිස්ස රජුගෙන් පසු චූලනාග, කුඞ්ඩනාග, සිරිනාග, වෝහාරතිස්ස යන රජවරු පිළිවෙළට රජ වූහ. මේ කාලයේ අභයගිරි විහාරය, මහාවිහාරය යනුවෙන් බුදු දහම මුල් කර ගත් විහාර දෙකක් විය. වළගම්බා රජු කල මෙම විහාර දෙකෙහි ඇති වූ ආගමික වෙනස්කම වෝහාරතිස්ස රජුගේ කාලයේදී උග‍්‍ර විය. රජු කපිල ඇමතිවරයා සම`ග එකතු වී වෛතුල්‍යවාදය මර්දනය කර ලක්දිව බුදු සසුන ආරක්ෂා කළ බව මහාවංශයෙහි ස`දහන් වේ. වෛතුල්‍යවදය යනු ඉන්දියාවේ අශෝක රජු කල බුදු දහම වැනසීමට මහණ වෙස් ගත් වෛතුල්‍ය බමුණකු විසින් ඇති කරන ලද්දකි. මහා වංශය මහායාන ධර්මය හ`දුන්වන්නේ වෛතුල්‍යවාදය නමිනි.මහා වංශය මහා විහාරයට සමිබන්ධ භික්ෂූන් විසින් ලියූ බැවින් අභයගිරි විහාරය ගැන මහා වංශයේ ස`දහන් විවේචන මැදිහත්ව සැලකීම වඩාත් උචිතය.
 

Lakdiva Puvatha 42

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake
ගජබා රජ සොළී රටට යාමේ පුවත රාජාවලියේ මෙසේ විස්තර කෙරේ.නීලමහා යෝධයා සමග සොළී පුරයට යන ගජබා රජුගෙන් පැමිණියේ කුමක් සදහාදැයි සොළී රජ විමසයි. තම පිය රජුගේ කාලයේ ගෙන ආ දොළොස් දහසක් සෙන`ග ආපසු ගෙන යාමට පැමිණි බව පවසද්දී, තනිවම පැමිණියේ ඇයිද කියා සොළී රජු අසයි. තමා තනිව නොපැමිණි බවත් නීලමහා යෝධයා සමග පැමිණි බවත් ගජබා රජු විස්තර කරයි. ගෙන ආ සෙනග යළි මුදා හැරීමට අකමැති වන සොළී රජු, ”වැලි මිරිකා තෙල් ගත හැකි ද? යකඩ මිරිකා වතුර ගත හැකි ද? බොළ`ද කතා රාජ සභා මැද නොකියව”යි අවවාද කරයි.ඒ සම`ග නීලමහා යෝධයා යගදාව මිරිකීමට පටන් ගනී. ඉන් ජලය වෑස්සෙනවා දැක සොළී රජු ඇතුඵ පිරිස බිය වෙති.අවසානයේ ගජබා රජුට අවනත වන සොළී රජු පොළී දොළොස් දහසකුත් සමග විසිහතර දහසක් සෙනග ආපසු ලක්දිවට රැුගෙන යාමට ඉඩ දෙයි.

 

Lakdiva Puvatha 41

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

වංකනාසික තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ඔහු පුත් ගජබා ගැමුණු වසර විසිදෙකක් අනුරාධපුරයෙහි රාජ්‍යය කළේය. රටේ තොරතුරු සෙවීමට වෙස්වලා ඇවිදීම රජුගේ සිරිත විය.
දිනක් මෙසේ ඇවිදින රජුට එක්තරා නිවසකින් අදෝනාවක් ඇසී පසු දින ඊට හේතු විමසීමට කටයුතු කළේය. පිය රජු කාලයේදී සොළී රටට ගෙන ගිය දොළොස් දහසක් සෙනග අතරට තම පුතුන් දෙදෙනා ද අයත් වූ බව පවසමින් හැඩූ ගැහැණියට පුතුන් දෙදෙනා ලබා දීමට රජු එකග වූයේය.

After the death of king Vankanasika Tissa, his son Gajaba Gemunu ruled at Anura dhapura for a period of twenty two years. He was in the habit of travelling around disguised, in order to inquire as to what was happening in the country. On one of such travels he having heard a moan and cry coming out of a house, made enquiries regarding it the following day. He having learnt that it was a woman lamenting over the fact that her two sons had been in the group of youths seized during the time of his father’s period of rule, there upon promised to get back the sons.

Read more...
 

Lakdiva Puvatha 40

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

සිංහලයන් දොළොස් දහසක් ඉන්දියාවේ කාවීර පටුනෙහි කුලීකරුවන් ලෙසට පැහැරගෙන ගියේ වංකනාසික තිස්ස රජු කාලයේදී බව මහාවංශයෙහි නොකියවුණත් රාජාවලිය, පූජාවලිය වැනි පොත් වල සදහන් වේ.ජනකතා වල කියවෙන අන්දමට පාඵ පෙදෙස් වල සැගවී සිටි දාමරිකයන් තරුණයකු දුටු විට අල්ලා අත් පා බැද නැවට දමාගත් බව පැවසේ. ‘බිල්ලෝ එනවා’ යනුවෙන් ළමුන් බිය ගැන්වීමට අපේ මව්වරුන්ගේ කටට හුරු වූයේ ද ඉන් පසුව බව ඇතමෙක් කියති.

Even though the great chronicle Mahavamsa does not state, literary works such as the Rajavaliya and Pujavaliya indicate that during the reign of king Vankanasika Tissa twelve thousand Sinhala men were seized away to work as labourers at the Kaveri Patuna in India. According to folk tales, there have been thugs lying in ambush seizing yongsters at sight and after tying up their limbs were loaded into a ship. Some say that the words ‘ billo enava’ that our mothers used to utter to scare   off children started after this incident. 

 

Lakdiva Puvatha 39

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

උනාවැකියේ හැටියට වසභ රජුගේ ආයු කාලය ඉදිරියට වසර දොළහක් පමණක් විය. එය තව දිගු කර ගැනීමට භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් පරිදි ශාසනයට නොයෙකුත් සේවා කරන ලදී. හතළිස් හතර අවුරුද්දක් ජීවත් වූ මේ රජු ලක්දිව මුල් යුගයේ වැව් බැදි රජවරුන් අතරට ද එකතු වන ලෙසින් වැව් කර්මාන්තයට දායක වූයේය.තම පුතු වංකනාසික තිස්ස කුමරුට සුදුසු භාර්යාවක් සොයා යාමේදී ශුභ රජු ඉතා රහසිගතව උඵවඩුවාගේ රැකවරණයෙහි තැබූ දියණිය හමුවේ. ශුභ රජුගේ දියණිය සරණපාවා ගන්නා වංකනාසික තිස්ස රජු වසර තුනක් වසභ රජුගේ ඇවෑමෙන් පසු අනුරාධපුරයෙහි රාජ්‍යය කළේය.

According to forecasts Vasabha would live for only twelve years ahead. In order to prolong his life he rendered various services to the sasanaya on the advice of Bhikshus. This king who lived for forty-four years built so many tanks that he gets into the record of kings who built tanks during the early period of the history of Lanka. While Vasabha was going in search of a suitable partner for his son prince Vankanasika Tissa, he meets the daughter of king Subha who had been kept in hiding secretly to be looked after under the guardianship of the tile craftsman. King Vankanasika Tissa who marries the daughter of king Subha ruled at Anuradhapura for three years after the death of king Subha.

 

Lakdiva Puvatha 38

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

තමා මරා වසභ නැමැත්තෙක් රජවන බව ශ‍්‍රාස්ත‍්‍රකාරයකුගෙන් දැනගත් ශුභ රජු වසභ නමින් රටේ සිටි සියඵදෙනා මරා දැමීමට කටයුතු කළේය. රජුගේ සෙන්පතියාට ද වසභ නමින් බෑණා කෙනෙකු විය. සෙන්පතියා තමාගේ යහපත පිණිස බෑණා රජුට පාවා දීමට තීරණය කර එය බිරිදට පවසයි. සෙන්පති සැමියා සමග වසභ රජ ගෙදර බලා පිටවී යද්දී නැන්දා විසින් බුලත් විටක් පිළියෙළ කර දෙන ලදී. අතර මගදී විටෙහි හුණු නොතිබුණු බැවින් හුණු ගෙන ඒමට වසභ ආපසු පිටත් කර යවන ලදී. නැන්දණිය පුතු ගෙන්වා ගැනීමට එසේ කළ බව පවසා වහා පලා ගොස් පණ බේරා ගන්නා ලෙසට වසභට අවවාද කළාය.මහා විහාරය වෙත ගොස් රුකවරණය ලබා ගන්නා වසභට එක්තරා ශ‍්‍රාස්ත‍්‍රකාරයකුගෙන් වසභ නමැත්තෙකු රජවන බව අසන්නට ලැබේ. තමා රජකම ලබාගත යුතුයැයි තීරණය කරන වසභ රුහුණට පලා ගොස් බල සේනාවක් සමග පැමිණ ශුභ මරා රාජ්‍යය ලබා ගනී. සෙන්පති මාමා ද රජු අතින් මරුමුවට පත් වේ. තම ජීවිතය ගලවා ගැනීමට උපකාර කළ සෙන්පති බිරි`ද තම මෙහෙසිය කරගත් වසභ රජු අනාවැකි විශ්වාස කරමින් දැහැමින් රාජ්‍යය කළේය.

King Subha having learnt through a soothsayer that he will one day be assassinated by a person named Vasabha took action to kill all persons in the country who bore the name Vasabha. The chief of the king’s forces had a nephew by the name of Vasabha, and he thinking of his own safety decided that Vasabha should be betrayed to the king, and then told his wife about it. When Vasabha was leaving to the palace with the husband who was the chief of forces, the aunt prepared and handed over a pack of betel to be chewed on the way. On the way to the palace realizing that there was no chunam with the betel, Vasabha was sent back to get some chunam. Vasabha who returned was told by the aunt that the chunam was purposely not included so that she could get him back. The aunt advised Vasabha to immediately flee from the impending danger. 

Read more...
 

Lakdiva Puvatha 37

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

ඉන් පසු ඉළනාග රජු පුත් චන්ද්‍ර මුඛ සීව (සද මුහුණ) කුමරු වසර අටකුත් මාස හයක් රාජ්‍යය කළේය. නමුත් සද මුහුණු රජු සොයුරු යසලාලක තිස්ස අතින් දිය කෙළියෙහි යෙදී සිටියදී මරුමුවට පත් වේ. වසර හතකුත් මාස අටක් යසලාලක තිස්ස රජු රාජ්‍යය කළේය.රජු හා රූපයෙන් සමාන ශුභ නම් දොරටු පාලයකු රජවාසලෙහි වූයේය. යසලාලක තිස්ස රජු විනෝදයට ඉතා කැමතිය. වාසලට එන ඇමතියන් රැවටීමට ශුභ සමග ඇදුම් මාරු කර ඇද තනතුරු ද මාරු කර සිටීමට පුරුදු වූ යසලාලක තිස්ස රජුට අමාත්‍යවරු රජු වෙසින් සිටින ශුභට වදින විට සිනහව පාලනය කර ගැනීමට නොහැකි විය.මෙසේ සිනාසෙන යසලාලක තිස්ස රජු දෙස බැලූ ශුභ දිනක් ”මේ දොරටු පාලයා කුමක් නිසා මා ඉදිරියේ සිනාසෙන්නේ ද මොහු හිස ගසා දමව” යි අණක් නිකුත් කළේය. මෙසේ රජකමට පැමිණ ශුභ දොරටු පාලයා හය වසරක් රජකම් කළේය.

Subsequently, king Ilanaga’s son Chandramukha seeva (Sanda Muhuna) ruled for eight years and six months. Chandramukha died in the hands of his brother Yasalalaka Tissa while engaged in waterports with him. King Yasalalaka Tissa thereafter ruled for seven years and eight months. At this time there was a gate keeper in the palace by the name of Subha who closely resembled king Yasalalaka Tissa. The king was a person who loved humour very much. Yasalalaka was in the habit of fooling his ministers visiting the palace, by exchanging his regalia and royal title with Subha, and each occupying the place of the other in their respective places of duty. King Yasalalaka doing so, and seeing his ministers worshipping Subha could not control himself in his own laughter.  One day Subha looking at the king rolling in laughter exclaimed ‘for what reason is this gate keeper laughing at me’, and ordered ‘Cut off his head immediately’. Thus Yasalalaka’s life tragically came to an end, and in this manner Subha the gate keeper became king and ruled for six years.

 

Lakdiva Puvatha 36

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

ටික කලකට පසු බල සෙනගත් සමග රුහුණු රටට ගොඩ බට ඉළනාග රජු ලම්බකර්ණයන් පරාජය කර රාජ්‍යය ලබා ගත්තේය.වංශ කතා වලට අනුව රජු රුහුණට පැමිණි වේලේද මගුලැතු රජු සොයා පැමිණි බවත්, මගුලැතු වාසය කළ පෙදෙස හස්ති බෝග ජනපදය ලෙසින් නම් කර ඇතුටම දුන් බවත් සදහන් වේ.නැවත බලයට පත් වූ රජු ලම්බකර්ණයන්ට ඉතා දරුණු වධ හිංසා දීමට සූදානම් වූ නමුත් රජුගේ මව ඉදිරිපත් වී කරුණු කියා රජු තුළ අනුකම්පා සිත් ඇති කළ නිසා දඩුවම් ලිහිල් විය.අනුරාධපුරයේ හය වසක් රාජ්‍යය කළ ඉළනාග රජු මාගම පිහිටි මහා දාගැබ මහත් කොට බැද වූ බවට ද සදහන් වේ.

After a while, King Ilanaga returning to the Island landed in the Ruhunu Rata accompanying an army of men defeated the Lambakarnas and regained his throne. According stories in the vamsas, it is said that when the king set foot to the Ruhunu Rata, the royal elephant also came in search of him. The king in gratitude, having named the area where the elephant lived as Hasthiboga Janapadaya best owed it to the elephant. King Ilanaga having assumed power was intent in imposing extremely cruel punishments on the Lambakarnas. But however, the king’s mother having explained matters, persuaded the king to be sympathetic, and thereafter the punishments were mitigated. It is noted that King Ilanaga who ruled at Anuradhapura for six years did construction work enlarging the existing size of the Maha Dagaba situated at Magama.    

 

Page 7 of 11