Lakdiva Puvatha 25

Written by Nadee Dissanayake ,Translated by U.R.Jayaweera Bandara ,Art by S.A.Dissanayake
වළගම්බා රජු වතගතව සිටින කාලයේදී වරක් තණසීව නම් ගම් දෙටුවකුගේ ආරක්‍ෂාව යටතේ සිටියේය. දිනක් තණසීවගේ බිරිඳ රජ බිසව ද සම`ග අසල කන්දකට යද්දී දෙදෙනා අතර ඇති වූ අමනාපයෙන් ගම්දෙටුවාගේ බිරිඳ බිසව රැුගෙන ගිය කූඩයට පයින් ගැසුවාය. බිසව අඩ අඩා රජු වෙත ගිය අතර තණසීවගේ බිරිඳ විසින් කියූ විස්තරයට තණසීව කුපිත වී දුන්න ගෙන පිටත් වුයේය. ඔහු ඒමට පෙර රජු බිසව ද කුමරුන් දෙදෙනා ද ගෙන එතැනින් වහා පිට විය. නමුත් වැඩිමහල් කුමරු ඉදිරියට එන ගම්දෙටුවා දැක විද්දේය. මින් හටගත් වියවුල සංසි`දී ගියේ සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් පසුවය.

එම කලබලය අතරේම රජතුමා ‘‘මම වළගම්බා රජ වෙමි’’ ය කියා තමා පිළිබඳ රහස අනාවරණය කර යුද හමුදාවක් රැුස් කළේය. ‘‘බුදු සසුනට අනුග‍්‍රහයක් කළ හැක්කේ රජතුමා සමග එක් වීමෙන්ද, දෙමළුන් සමග එක්වීමෙන් දැ’’ යි භික්‍ෂූන් වහන්සේලා ඇසූ ප‍්‍රශ්නයට ‘‘රජතුමා සම`ගයැයි’’ වැසියන් දුන් පිළිතුරෙන් පසු රජුට වැසියන්ගේත්, භික්‍ෂූන් වහන්සේලාගේත් සහාය ඇතිව බල සේනාවක් ගොඩ නගා ගැනීමට හැකි විය. බලසෙනග සමග අනුරාධපුරයට ගොස් දාඨිය නම් දෙමළා මරා රාජ්‍යය ගැනීමට රජුට හැක විය.

 
During king Valagamba’s exile in the forest, he was once under the protection of a village chieftain named Thanaseeva. One day, whence over some displeasure which arose between Thanaseeva’s wife and the queen who were on their way to a nearby hillock, the chieftain’s wife kicked the   basket carried by the queen.  While the queen returned to the king weeping, Thanaseeva on hearing what the wife related got enraged and set off with his bow. Before Thanaseeva could arrive, the king quickly left the place taking away the queen and the two princes, the elder prince seeing the chieftain arriving shot at him with his bow. The squabble which had thus arisen came to be settled after the Bhikshus mediated in the matter.

Read more...
 

Lakdiva Puvatha 24

Written by Nadee Dissanayake ,Translated by U.R.Jayaweera Bandara ,Art by S.A.Dissanayake
සතුරු සේනාවේ දෙමළු පස් දෙනා අතුරෙන් කෙනෙක් සෝමා දේවිය දැක ඇය රැගෙන පලා ගියේය. තව කෙනෙක් අනුරාධපුරයෙහි තිබූ බුදුරජාණන් වහන්සේගේ පාත‍්‍රා ධාතූන් වහන්සේ රැගෙන පලා ගියේය. ඉතිරි පස්දෙනා එකිනෙකා මරා අනිකා ප‍්‍රධානියා වෙමින් වසර දාහතරක් රටේ වාසය කළෝ්ය. මේ කාලය තුළ වළගම්බා රජු ජීවත් වුයේ වෙස්සගිරි විහාරය අසල වන ගැබකය. රජුට ආරක්‍ෂාව ලබා දීමට තිස්ස ස්ථවරයන් වහන්සේ ඉදිරිපත් වුයේය.

Of the five Damilas in the enemy camp, one seeing Queen Somadevi kidnapped her, while another snatched away the Buddha’s Bowl relic from Anuradhapura. The remaining three Damilas lived in the country for fourteen years killing each other and becoming the chief in turn. During this time king Valagamba lived in exile in a forest close to the Vessagiri temple. It was Tissa, a Buddhist monk who volunteered to provide security for the king.

 

Lakdiva Puvatha 23

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake
පලා යන වළගම්බා රජුගේ රිය පසු පසින් සතුරන් එන බව දුටු රජු හැකි උපරිමයෙන් රථයේ වේගය වැඩි කිරීමට උත්සාහ ගත්තේය. රජු සමග රථයේ ගමන් ගත් අය තවත් විය. රජුගේ බිසෝවරුන් වූ ගර්භනී අනුලා දේවියත්, සෝමා දේවියත්, මහාචූල මහානාග කුමාරවරුන් දෙදෙනාත් යන අය අතුරෙන් සේමා දේවිය ස්වකැමැත්තෙන්ම රථයේ බිමට බැසීමට තීරණය කළේ රට බේරා ගැනීමට රජු ජීවත් විය යුතු නිසාත්, අනුලා දේවිය දරු උපතකට සුදානම්ව සිටින නිසාත් කුමාරවරු කුඩා නිසාත් රථයේ බර අඩු කර වේගය වැඩි කිරීමට තමාට කළ හැකි එකම දේ එය බව තේරුම් ගත් නිසාය. සෝමා දේවිය සතුරාට බිලි වූයේත් විහාරමහා දේවිය මුහුදට බිලි වූයේත් අපේ රට වෙනුවෙනි.

The fleeing king Valagamba noticing the enemies following after him tried his best to accelerate the speed of the vehicle to its maximum. There were others who travelled in the vehicle. Queen Somadevi who was travelling in the vehicle along with Anula, the other queen of the king pregnant at the time, and princes Mahachula and Mahanaga, on her own decided to get down from the vehicle. This was because she realized the facts that, the only wise things to do were to lighten the load of the vehicle in order that it could speed faster and save the king’s life for the protection of the country, queen Anula was in a delicate state being pregnant, and that the two princes were of tender age. It is nothing but for the sake of the country that Queen Soma devi as well as Viharamahadevi sacrificed their lives to the enemy and to the sea, respectively
 

Lakdiva Puvatha 22

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake
වළගම්බා රජු අභිෂේක ලබා පස්වන මාසයෙහි රුහුණේ තිස්ස නම් දාමරිකයෙක් එම ප‍්‍රදේශය අල්ලා ගෙන රජුගේ රාජ්‍ය ඉල්ලා ලියුම් යැවීය. රජුට යුධ කිරීමට ශක්තියක් නොතිබූ බැවින් බුද්ධිමත්ව උපක‍්‍රමශීලීව කටයුතු කළේය. මේ කාලයේ  දෙමළු හත්දෙනෙකු සේනා සහිතව මාතොටින් ගොඩ බැස තිබුණි. ‘‘රාජ්‍ය දැන් තොපගේය. වහා සතුරන් පන්නා දමා රාජ්‍ය භාර ගන්න’’යැයි කියා රජු විසින් දාමරිකයාට පිළිතුරක් යවන ලදී. දෙමළුන් හා යුද්ධයට ගිය තිස්ස පැරදී විනාශයට පත්විය.

ඉන්පසු වළගම්බා රජු ද දමිළ හමුදාවෙන් පරාජයට පත්විය. පරාජයට පත් රජු රථයක නැගී තීර්ථකාරාමය ඉදිරියෙන් පලා යද්දී ගිරි නම් නිගණ්ඨයා ‘‘මහා කළු සිංහලයා පලා යනවෝ’’ කියා සතුරන්ට දැනෙන්නට කෑ ගැසුවේය. එය ඇසූ රජු කෙදිනක හෝ නිගණ්ඨාරාමය විනාශ කර ඒ ස්ථානයේ විහාරයක් කරවන්නට සිතා ගත්තේය

In the fifth month after the coronation of king Valagamba, a thug named Tissa of Ruhuna having subjugated the area, sent letters to the king demanding his kingdom. Since the king did not possess sufficient military power to wage war he acted wisely and strategically in the circumstances. At this time seven Damilas (Dravidians) had along with armies landed at port Mathota. The king hurriedly dispatched a reply to the thug stating “Now the kingdom is yours. Quickly chase away the enemies and take over the kingdom”. In the end, Tissa who went to war against the Damilas, lost the war and got himself destroyed.
Read more...
 

Lakdiva Puvatha 21

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake
සද්ධාතිස්ස රජුගෙන් පසු ථුල්ලත්ථන, ලජ්ජිතිස්ස, ඛල්ලනාට යන රජවරුන් රජ කළත් වළගම්බි රජු තරම් ප‍්‍රසිද්ධියට පත් නොවීය. මේ රජවරු හතරදෙනාම සද්ධාතිස්ස රජුගේ පුතණුවෝය. ඛල්ලනාට රජ ඇමතියකු අතින් මරණයට පත්විය. මේ අවස්ථාවේදී වළගම්බා කුමරු ඇමති මරා රාජ්‍යය හිමි කර ගත්තේය.
ඇමතියා අතින් මරණයට පත් සිය සොහොයුරාගේ පුත් කුමරා පුත් තනතුරෙහි තබා ගත් වළගම්බා රජු එම කුමරාගේ මෑණියන් වූ අනුලා දේවී බිසෝ තනතුරට පත්කර ගත්තේය.

Even though king Saddhatissa was succeeded by kings Thullatthana, Lajjatissa, Khallanata, they did not receive the same publicity as that of king Valagamba. All these four kings were the sons of king Saddhatissa. King Khallanata was assassinated by a minister. On this occasion prince Valagamba killed the minister and occupied the throne. He then adopted the prince son of his assassinated brother as his own son and married the prince’s mother, the widowed queen Anula, appointing her as his queen consort.
 

Lakdiva Puvatha 20

Written by Nadee Dissanayake ,Translated by U.R.Jayaweera Bandara ,Art by S.A.Dissanayake
දුටුගැමුණු රජතුමාගේ රාජ්‍යය කාලය තුළ රට ස්වයංපෝෂිතව තිබුණි. දුටුගැමුණු රජුගෙන් පසු රජකමට පත් තිස්ස රජු සද්දාතිස්ස නමින් ප‍්‍රසිද්ධ විය. රුවන්වැලි සෑයේ ඇත් පවුර ඇතු`ඵ ඉතිරි වැඩ කොටස් සම්පූර්ණ කිරීම, ගින්නකින් විනාශ වූ ලෝවාමහාපාය සත් මහල් කොට තැනවීම මෙතුමාගේ කාලයේදී විය.මහා වංශයෙහි ස`දහන් වන ආකාරයට මෙතුමා විසින් දිගා වැව දක්වා යොදුනෙන් යොදුනට විහාර කරවා ඇත. සද්ධාතිස්ස රජු වසර 18 රාජ්‍යය කරන ලදී.

The country was self sufficient during the reign of king Dutugemunu. On the demise of king Dutugemunu, king Tissa who succeeded to the throne came to be known as Saddhatissa. His period of rule saw the completion of the unfinished Elephant wall (Eth pavura) encircling Ruvanveli seya and the reconstruction of the Lovamahapaya destroyed by fire, raising it to now to be a seven storied edifice. According to the great chronicle Mahavamsa, he had built Viharas at an interval of one Yoduna each from Digaveva.  The king Saddhatissa ruled for 18 years.
 

Lakdiva Puvatha 19

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

ලක්දිව එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා බුද්ධාගමේ දියුණුවට විශාල සේවයක් කළේය. එළාර සමඟ කළ යුද්ධයේදී මිය ගිය මිනිස් ජීවත ගැන සිත් තැවුලට පත් වූ රජුගේ කනස්සල්ල දුරු කිරීමට භික්‍ෂූන් පිරිසක් වැඩම කරවන ලදී. රජු විසින් මිරිසවැටිය දාගැබ කරවනු ලැබුයේ තමාට අමතක වූ පිළිවෙතක් සැමරීමටය.

ලෝහ ප‍්‍රාසාදය සහ මහා ථූපය නමින් රුවන් වැලි මහා සෑය සෑදීමට මුල් වුයේ දුටුගැමුණු රජතුමායි. මෙතුමාගේ රාජ්‍ය කාලය ක‍්‍රි.පු. 161-137 දක්වා වසර 24 ට සීමා වේ.

King Dutugemunu who brought the entire country under his rule did a great service to foster Buddhism. In order to appease his remorse over the human deaths at the battle with the king Elara, he invited a host of Buddhist monks. The Mirisavetiya  Dagaba was constructed by the king to commemorate  his regret over his forgetfulness to perform a customary performance.

It was King Dutugemunu who pioneered the construction of Loha Prasadaya and the Ruvanveli Seya also known as the Maha Stupa. His reign is limited to 24 years, from161-137 B.C.
 

Lakdiva Puvatha 18

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

ලක් ජනතාවගේ ප‍්‍රාර්ථනා ඉටු කරමින් ගැමුණු කුමරු බලාසෙනග සමඟ පැමිණ අනුරාධපුරයේදී එළාර හා ද්වන්ද සටනක යෙදුනි. එළාර මරා බලයට පැමිණීමට ගැමුණු කුමරුට කණ්ඩුල ඇතාත්, නන්දිමිත‍්‍ර, සුරනිමල, මහා සෝණ, ගෝඨයිම්බර, ථෙරපුත්තාභය, භරතය, වේළුසුමන, ඛංජදේව, පුස්සදේව සහ ලාභිය වසභය යන මහා බලැති යෝඨයින් දසදෙනාත් සහාය වූහ.

මිනිසකු මළ කල්හි ඔහු කළ සියළු අයහපත් දේ අමතක කර ඔහු සතු සුළු ගුණයක් හෝ ඉස්මතු කිරීම සිංහල බෞද්ධයාගේ සිරිතයි.

ගැමුණු කුමරු ද ඒ අනුව යමින් එළාරගේ මළ සිරුරට සියළු ගරු සැලකිලි දක්වා සොහොනක් ද ඉඳි කරවීය.

Prince Gemunu while satisfying the aspirations of the people of Lanka arrived at Anuradhapura with an army of worriers and engaged in a duel with Elara. Prince Gemunu established himself in power having slain Elara with the able  the support of Kandula , the elephant and the ten big giants namely, Nandimitra, Suranimala, Maha sona, Gotayimbara, Thera putthabhaya, Bharathaya, Velusumana, Khanchadeva , Pussadeva and Labhiya Vasabha.

It has been a noble quality practiced among the Sinhala Buddhists that when a man dies, to praise even the little good that he has done during his life time.
In keeping with this tradition Prince Gemunu after having paid much respect to the dead body of Elara, constructed a mausoleum in his memory.

 

Lakdiva Puvatha 17

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

ගැමුණු කුමරුගේ සටන්කාමී තරුණ විය ගැන නොයෙකුත් සිංහල ජන කතා ඇත. රජගෙදරින් පලාගොස් ගැමියන් අතරේ වෙසෙමින් ගොවිතැන් කළ බව ද වරින් වර කුඩා භටකණ්ඩායම් රැගෙන ගොස් සතුරාට පහරදී පලා ගිය බවද ජනකතා පවසයි.

වරක් මෙසේ පලා යද්දී කුමරු මැහැල්ලකගේ පැලේ පිල්කඩ මත හිඳ විඩා හරින්නට විය. මැහැල්ල කිසිදු විස්තරයක් නොදැන මේ තරුණයා ගැන අනුකම්පා සිත් ඇති වී බත් ටිකක් පිස උණු උණුවේම පිඟානකට දමා කෑමට දුන්නාය. අධික බඩගින්නේ සිටි කුමරු උණු බත් කෑමට ගොස් අතත් කටත් පුච්චා ගත්තේය. මෙය දුටු මැහැල්ල ‘‘පුතේ උඹේ බත් කෑමත් හරියට ගැමුණු කුමාරයාගේ යුද්ධ කිරීම වගේ’’ යැයි කීවාය.

ඉක්මනින් උණු බත් කෑ හැක්කේ කෙසේදැයි කුමරා ඇසූ විට ‘‘බත් ගුලිය ගුලිය කඩලා පිඟාන වටේ තියාපන්. එතකොට බත නිවේවි. ඊට පස්සේ කොනක සිට කාපන්’’ යැයි මැහැල්ල කීවාය.

ඉතිං අම්මේ, ගැමුණු කුමාරයා සටන් කළ යුත්තේ කෙසේදැයි කුමරා ඇසූ විට, ‘‘සතුරු බල සෙනග විශාලයි. ඒ නිසා සෙනඟ කොටස් වලට බෙදලා පහර දෙන්න  ඕනෑ. එහෙම කළොත් ගැමුණු කුමාරයාගේ ජය නියතයි’’ මැහැල්ල කීවාය.

එදා මැහැල්ලගේ උපදෙස් අනුව ගැමුණු කුමරු යුද්ධය සැලසුම් කළ බවයි ජනකතාවේ සඳහන් වන්නේ.

There are many folk tales wound around the belligerent youth of prince Gemunu. It is said that prince Gemunu deserted the palace to go and live with villagers engaging himself in agricultural work, and that  occasionally he gathered armies of men, attacked the enemy,and ran away.

During one of these retreats he had been  resting  himself on a side wall of the veranda  of the little hut of an old woman.  The old woman who had no idea of this young man took great pity on him , cooked rice and offered it steaming  hot in a plate. The prince who was in great hunger started to eat and scorched his fingers and  mouth.

Seeing what happened the woman said “  Son, this is like prince Gemunu engaging in war”.          

To a question raised by the prince as to how hot rice could be eaten soon, the old woman replied “ Break up the mass of rice into small chunks  and place them round the plate. Then the rice will cool down.”  

The prince  then posed the question, “mother, then how should prince Gemunu  fight”,  she replied “ The army of the enemy is very large. Hence it should be broken into smaller sections and attacked. If done that way prince Gemunu  is sure to win”

According to folk lore, prince  Gemunu had  afterwards planned  battles  according to this advice  given by the old woman.

 


Read more...
 

Lakdiva Puvatha 16

Written by Nadee Dissanayake ,Translated by Ranjit Jayaweera Bandara ,and Art by S.A.Dissanayake

කාවන්තිස්ස රජුටත් විහාර දේවියටත් දාව උපන් පළමු පුත් ගාමිණී අභය නම් ද දෙවන පුත් තිස්ස නම් ද වූහ./කුමරුන් දෙදෙනාට බත් කවන මංගල්යණයේදී මව් බිසවට ද බත්  කැවීමට අවස්ථාවක් ලැබුණි. දේවිය, ‘‘දරුවනි, සම්බුද්ධ ශාසනය හැර දමන්නාහු නම් තොප අනුභව කරන මේ ආහාර නොදිරව’’යි කියා කුමාරවරුන්ට කිරිබත් ගුලි දෙකක් කැවුවාය. කුමාරවරු එය සතුටින් ගෙන කෑහ. /

මාරවරු දස දොළොස් වයස් වූ කළ ඔවුන් ගැන විමසීමට පිය රජු භික්ෂූින් වළදා ඉඳූල් බත් තැටියක දැමූ බත් කොටස් තුනකට බෙදා කෑමට නියම කරන ලදී./භික්ෂූ‍න් කෙරෙහි නොකලකිරෙන බව කියා එක් කොටසක් ද සහෝදරයන් දෙදෙනා තරහා නොවන බව කියා තවත් කොටසක් ද අනුභව කළ යුතු වූ අතර ‘‘දෙමළුන් හා යුද්ධ නොකරන්නෙමු’’ යැයි සිතා තෙවන කොටස අනුභව කළ යුතු විය.

කුමාරවරු දෙදෙනා මුල් දෙකොටස සතුටින් අනුභව කළ අතර තෙවන බත් කොටස තිස්ස කුමරු ආපසු තැටියට දැම්මේය. ගැමුණු කුමරු ඇඳට ගොස් අත් පා හකුළුවා වැතිර ගත්තේය.

කුමාරවරු දෙදෙනා මුල් දෙකොටස සතුටින් අනුභව කළ අතර තෙවන බත් කොටස තිස්ස කුමරු ආපසු තැටියට දැම්මේය. ගැමුණු කුමරු ඇඳට ගොස් අත් පා හකුළුවා වැතිර ගත්තේය.
උදාර වචන ගැන බිසොව රජතුමාට පවසද්දී රජතුමා තුෂ්ණීම්භූත විය.

 There were two sons born unto king Kavantissa and Vihara devi, and the elder was by name Gamini Abhaya, and the younger was Tissa. At the initial ceremony of feeding rice to the two princes, the queen mother too had the opportunity to feed them. The queen in feeding two lumps of milk rice to the princes respectively, declared “Children, if you abandon the Sambuddha Sasana, this food that you eat shall not digest”. The princes happily ate what was fed.
At the time the princes reached the ages of twelve and ten, the father king wished to check on their attitudes. He therefore, divided what had been left over onto a refuse- plate by the Bhikkhus who has had their meals, and thereafter requested the sons to eat them saying that in eating the first portion they should say that they will not get disgusted of Bhikkhus, in eating the second that the two brothers will never be angry with each other, and the third portion to be eaten thinking, “We will not go to war with Damilas.”

While both princes happily took the first two potions, prince Tissa put the third portion back into the plate, and prince Gemunu went to his bed and laid himself bending his hands and legs.

Even though, queen Vihara requested prince Gemunu to straighten his hands and legs when sleeping, he replied “  How can I sleep  with stretched hands and legs when on one side across the river are the strong Damilas, and the  vast dumb sea on the other side.
While the queen was repeating to the king the great words uttered by the prince the king was astonished.  

 

Page 9 of 11