Lakdiva Puvatha

සෝළින් මිහිඳු රජු සෝළි රටට යැව්වා. නමුත් රුහුණේ සිංහලයන් අධෛර්යට පත් වුනේ නැහැ. රුහුණු වැසියන් අතරින් මතු වු කීර්ති සහ බුද්ධ නමැති විරයන් දෙදෙනෙක් සෝළි සේනාවට පහර දුන්නා. සෝළි පිරිස පොලොන්නරුවට පලාගියා.

The captors sent king Mihindu to the ‘Soli’ empire. But the countrymen did not withdraw. They along with two brave young men – Keerthi and Buddhi, fought back. Defeated ‘Soli’ troops fled to Polonnaruwa.

පස්වන මිහිඳු රජු රුහුණට පලා යාමෙන් පසු රට පාලනයට රජ කෙනෙක් නොව්ණි. රට හැම තැන අධිපතියන් බිහිවුණා. ඉන්දියාවෙන් ලංකාවට පැමිණි අශ්ව වෙළෙන්දන් මෙම තොරතුරු සෝළි රජුට දැන්වුවා. සෝළි රජ සේනාවක් ඒවා ලක්දිව පාලනය අල්ලා ගත්තා. රජරට දාගැබ් පිළිම කඩා බිඳ දමමින් වටිනා දේ පැහැරගත් ඔවුන් මිහිඳු රජු අල්ලා සිරභාරයට ගත්තා.

There was no king to rule the country, when king Mihindu V fled to Ruhuna. Many rulers emerged from all over and the country was in an unstable situation. Horse traders who came from India informed this situation to the king of the‘Soli’ empire. The king then sent in a troop to take over power of Ceylon. They destroyed many ‘dagabos’ and statues in ‘raja Rata’ and looted valuables and finally captured and imprisoned king Mihindu..

හතරවන මිහිඳු රජු අගමේසිය කරගත්තේ කළිගු රටේ කුමාරිකාවක්. මේ නිසා සිංහල කළිගු රජ පෙළපත් දෙක අතර මතභේද ඇතිවුණා.

හතරවන මිහිඳු මිය යන විට ඔහුගේ පුතුන් බාලවියේ පසු වුණා. සෙන්පතියා හිතු මනාපේට දකුණු ඉන්දියාවෙන් සෙබළුන් ගෙන්වා රජරට ප‍්‍රදේශයේ පාලනය කරගෙන ගියා.

මිය ගිය රජුගේ බිසව ලක්වැසියන්ට වඩා දකුණු ඉන්දියානු රටවල් සම`ග සමීපව සිටියා. රටේ අරක්‍ෂාව, සංවර්ධනය බිඳ වැටිමෙන් අසරණ වු සිංහලයා සුසුම් හෙළුවා.

King Mihindu – IV, appointed a princess from the state of ‘Kalingu’ as the empress, this created a dispute among the two Sinhala ‘Kalingu’ families. At the time of the death of the king his sons were in their childhood. Therefore the general brought in troops as he wished, from north India and continued to rule Raja Rata.

හතර වන උදය රජුගේ කාලයේ දී ඉන්දියාවේ සෝළි රජු දුතයන් යවා ලක්දිව ඇති පඩි රජුගේ ඔටුන්න ආදී රාජ්‍ය භාණ්ඩ ආපසු ඉල්ලා සිටියා.

උදය රජු ඒ කිසිවක් දුන්නේ නැත. සෝළි රජ කෝපයට පත් වුණා. ඔහු සටනට හමුදාවක් ඒව්වා. උදය රජ රාජ්‍ය භාණ්ඩ රැගෙන රුහුණට පලා ගියා. සෝළින් බලාපොරොත්තු සුන් වී ආපසු ගියා.

During the time of King Udaya – IV, The King of India sent in deciples to ask back the throne and othe state equipment belonged to the ‘Pandi’ king of Ceylon.

90හයවන දප්පුල රජුගේ කාලයේදී ඉන්දියාවේ පඬි රටේ රජු සෝළි රජුට බියෙන් තමාගේ රට අත්හැර ලක්දිවට ආවා. සෝළි රජ පරාජය කර රටවල් දෙකම පඬි රජුට ලබා දෙන්නට සිංහල රජු සුදානම් වුවත් රටේ අධිපතියන් ඊට විරුද්ධ වුණා.

තම නිසා අනවශ්‍ය ආරවුලක් ලක්දිව තුල ඇතිවන බව තේරුම්ගත් පඬි රජු තමාගේ ඔටුන්න ඇතුළු රාජකීය භාණ්ඩ මෙහි දමා කේරල දේශයට පලා ගියා.

During the regime of king Dappula – VI, the ‘Pandi’ king of India gave up the rule of his country and came to Sri Lanka in fear of king Soli. Although the Sinhala king wanted to defeat king Soli and handover the rule of both countries to the ‘Pandi’ king, the chiefs of Sri Lanka was against it. Realizing that it would create an unwanted disruption in the country the Sinhala king gave up his throne and fled to the state of ‘Kerala’.

89දෙවන සේන රජතුමා පඬි රටට යුද්ධ පිණිස යාමට සේනා රැස් කරන අතරේ සිංහල රජුගේ ආධාර පතා පඬි රටේ කුමරෙක් ලක් දිවට ආවා. ඔහු ද ආපසු යැවීමට දෙවන සේන රජතුමා සමත් වුණා.

සිංහල සේනා සමඟ පඬි රටට ගිය සිංහල සෙන්පතියාට යුධ කර පඬි රට අත්කර ගැනීමට හැකිවුණා.

While king Sena – II, who came to power next was organizing troops to battle against India a prince from India came in search of help from him. The king was able to tactfully send him back.

The Sinhala General, who went to India with his troops battled the enemy and took over the power of India to his control.

88ඉන්පසු ශිලාමේඝ රජු(සේන රජු)අනුරාධපුරයට පැමිණ වාසය කලා. ඔහු තම නෑදැයන්ටත්, මහජනතාවටත්, භික්ෂුන්ටත් විවිධාකාරයෙන් සංග‍්‍රහ කලා. ඔහු තම රාජ්‍යයෙන් විසිවෙනි වර්ෂයේදී පරලෝ සැපත් වුණා.

After the departure of Waragunawarman, king Sena – 1 came back to live in Anuradhapura. He treated the monks, the public and his relations in many ways and took care of them. The king passed away in the 20th year of his regime.

87සේන රජු කල ලක්දිව කොල්ල කෑමට පැමිණි වර්ගුණවර්මන් පඬි රජු වැඩි කලක් ලංකාවේ සිටියේ නැත. ඔහු පලා ගොස් සිටි සේන රජු වෙත දුතයන් යැව්වා. සේන රජු ද දුතයන් එව්වා. රජුගේ දුතයන් පැමිණි වහාම ඔවුන්ට අනුරාධපුරය පවරා දුන් වර්ගුණවර්මන් එදිනම නැව් නැග ආපසු ගියා.

The ‘Pandi’ king Waragunawarman, who came to loot Ceylon didn’t stay long in the country. He sent out his messengers to meet king Sena – 1, who by that time had fled Anuradhapura. King Sena also sent in his messengers in return and as soon as king Sena’s messengers arrived Waragunawarman immediately handed over the rule of Anuradhapura to them and sailed back to India.

86පළමු සේන රජුගේ කාලයේදී ලක්දිව කොල්ල කෑමට පැමිණි පඬි රජු අනුරාධපුරය අල්ලා ගත්තා. වර්ගුණවර්මන් නමැති මේ කොල්ලකරුවාට අනුරාධපුරය අල්ලා ගැනිමට පහසු වුයේ සේන රජුට පුහුණු සිංහල සේනාවක් නොසිටි බැවිනි. කොල්ලකරු රජුගේ භාණ්ඩාගාරයේ තිබු වස්තුවත්, වෙහෙර විහාර වල තිබු වටිනා දේත් පැහැර ගත්තා.

During the regime of King Sena – 1, king Waragunawarman from India came to loot Ceylon and conquered Anuradhapura. It was easily done as there were no trained Sinhala troops to battle the enemy. The looter robbed the king’s wealth and many valuables from temples.

lp 85පළමු සේන රජුගේ කාලයේදී ඉන්දියාවේ පඩි රටින් රජකු ලක්දිව කොල්ල කෑමට ආවේය. මහා යුද්ධ සේනාවක් රැුගෙන පැමිණී එම කොල්ලකරු පලවා හැරීමට සේන රජු හමුදාවක් යැවුවත් සුදුසු සෙන්පතියෙකු සිටියේ නැහැ. සතුරන් අනුරාධපුරයට ලං වුණා. සේන රජු අනුරාධපුරය අත්හැර ගියා. ඇතකු පිට නැගි සටන් බිමට ගිය මිහිඳු නම් කුමරෙකු සතුරන් අතින් මිය යනවාට වඩා සිය දිවි හානිකර ගැනිම සුදුසු යැයි සිතා දිවි නසා ගත්තා. ඔහුගේ පිරිසි ද ඒ අනුව ක‍්‍රියා කලා.

මේ සියල්ල දුටු කාශ්‍යප නම් සිංහල කුමරෙකු සතුරා මැදට පැන අශ්ව වල්ලක් මෙන් පෙනෙන සේ තම අශ්වයා හසුරුවමින් තනිව සටන් කලා. නමුත් කුමරාගේ උදව්වට කිසිවෙකු පැමිණියේ නැත. සතුරා අතින් මිය යනවාට වඩා ජිවත් විම ඉදිිරියට ප‍්‍රයොජනවත් යැයි සිතු කුමරා සතුරාට පහර දෙමින්ම එතැනින් පලා ගියා.

During the regime of King Sena – 1, a King from India came with troops to loot the country. King Sena sent out a large Army to battle with the enemy but there was no suitable General to guide the soldiers and therefore the enemy was able to reach Anuradhapura. King Sena left Anuradhapura. Prince Mihindu who went to battle on elephant back thought suicide is better than dying at enemy’s hand, killed himself. His troops followed same. Prince Kashyapa who saw all this sprang at the enemy. He guided his horse with great speed to appear as a circle of horses and fought the enemy all alone. None came to his help. Believing that living is useful for the future than to die at the enemy’s hand, Prince Kashyapa fled from battle fighting.

lp 84ඉන්පසු රජකමට පත් වන්නේ මිහිඳු රජුගේ සොහොදරයකු වු අටවන අග්බෝ රජුයි. තම මවට සියළු සත්කාර කල ඔහු සේවකයින්ට ද ඉතා කරුණාවන්ත විය.

දිනක් .දාසයා. කියා සේවකයෙකුට බැන වැදුණු රජු තමා අතින් බරපතල වරදක් සිදු වු යැයි සිතා සේවකයාගෙන් සමාව ඉල්ලා ඇත. ඉන් සෑහිමකට පත් නොවු රජ තම මෑණියන් ලවා තමා සංඝයා වහන්සේට දාස කොට දීමට සලස්වන ලදී. ඉන් පසු එම දාසකමේ වටිනාකමට වස්තුව දී රජු නිදහස ලබාගෙන ඇත.

King Agbo – VIII, a brother of King Mihindu became King next. He treated his mother in all possible ways and also was very kind to his servants. The King having abusing one of his servants a slave one day realized his mistake and apologized to the servant. Not being satisfied by it the king got his mother to offer him to the temple to slave (workhard). Eventually, the king offered wealth to the priests for the value of his slavery and freed himself.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Get to know latest updates from CUP