Lakdiva Puvatha

lp80සෙන්පති මිහිඳු ලක්දිව දෙවන මිහිඳු නමින්ද හැදින්වෙනවා. මොහුගෙන් රාජ්‍යය උදුරා ගැනීමට රටේ අධිපතියන් සමහරකු උත්සාහ කර ඇත. දප්පුල ඉන් ප‍්‍රධාන තැනක් ගනී. ඔහු සමග සෙන්පති මිහිඳුට කිහිපවාරයක් සටන් කිරීමට සිදු වූ බව සදහන් වේ. මුල්ම සටනින් ජය ගත් රජු ආපසු නගරයට පැමිණ භික්ෂූන්වහන්සේලාට ද රටවැසියන්ට ද නොයෙකුත් සංග‍්‍රහ කර ඇත. එපමණක් නොව තිරිසන් සතුන්ට ද සංග‍්‍රහ කළ බව ඉතිහාස පුවත් වලින් එළිවෙයි.

 

During this time some of the chiefs of the country tried hard to take over the state from General Mihindu, also known as Mihindu – II of Ceylon, by force. Dappula took a leading place in this struggle. It is stated that General Mihindu engaged in battle with Dappula many times. The King, winning his first battle with Dappula had returned to the city and entertained the monks and the countrymen in many ways. Historical information also states that he treated the animals too.

lp79හත්වන අග්බෝ රජුගේ මරණින් පසු රජකම හිස් ව පවතින බව දැනගත් ලක්දිව උතුරේ අධිපතියන් අය බදු ගෙවීම නතර කළා. මෙය දැනගත් සෙන්පති මිහිඳු වහාම සේනා රැගෙන ගොස් ඔවුන් යටත් කර ගත්තා. තම කුඩම්මා වූ මියගිය රජුගේ බිසොව හමු වී තමා රට ආරක්ෂා කර දෙන බවටත් ඇයට රාජ්‍ය භාරගන්නා ලෙසටත් දැනුම් දුන්නා. නමුත් ඇයට වුවමනා වූයේ සෙන්පති මිහිඳු මරවා තමාට වුවමනා පරිදි කටයුතු කිරීමටයි. මෙය දැනගත් සෙන්පති මිහිඳු කුඩම්මා ඇදක සිරකර තබා රට පාලනය තමා අතට ගත්තා.

 

After the death of king Agbo – VII, the chiefs of northern Ceylon, realizing that there was no king to rule the country evaded paying tax. Coming to know about this, the General immediately taking troops subdued the chiefs to his control. General Mihindu asked his step mother, the queen of the dead king, Agbo – VI to reign the country and said he would safeguard the country for her. But the queen wanted to kill the General and rule the country as she wished. Being aware of this General Mihindu imprisoned his step mother in a bed and started to reign the country.

lp78හයවන අග්බෝ රජුගේ මරණින් පසු හත්වන අග්බෝ නමින් රජකමට පත්වන්නේ යුව රජු වී සිටි අග්බෝ කුමාරයායි. මොහු පොළොන්නරුවෙහි වාසය කළ බව සදහන්ය. නොයෙකුත් ආගමික කටයුතු වල නියලුණු මොහු බොරු නඩු ගෙනෙන්නන්ට තදින් දඩුවම් කළ අයෙකි. ඔහු මිය යන විට ඔහුගේ පුත‍්‍රයාද මියගොස් සිටි බැවින් රජකම හිස් විය. නමුත් රට ආරක්ෂා කර ගැනීම යුතුකමක් බව සිතූ හයවන අග්බෝ රජු පුත් සෙන්පති මිහිඳු රජකම භාරගත්තා.

 

After the death of King Agbo Selamewan – VI, crown prince – prince Agbo became king and reigned as Agbo – VII. It is stated that he lived in Polonnaruwa he was very pious engaged in many religious activities. He severely punished people who brought in false charges. As his son was also dead at the time the king died, the kingship became vacant. Realizing that it is his duty to protect the country General Mihindu – son of Agbo – VI, accepted the kingship.

lp77රජකමට පත් වූ අග‍්‍රබෝධි කුමාරයා හයවන අග්බෝ සෙලමෙවන් නමින් රජ වුණා. තමාට රජකම භාරදුන් කුමාරයාට යුවරජකම පැවරුවා. මේ දෙදෙනා සාමයෙන් රජකම් කිරීම දාමරිකයන්ට පහරක් වුණා. රජු කෙටවීමට කේලාම් පැතිරුවා. අවසානයේ රජුත් යුව රජුත් අතර ඇති වූ යුද්ධයෙන් යුව රජු පැරදුණා. පැරදී පලායන සහෝදර කුමරු ගැන රජුට දුකක් ඇති වුණා. ”අනේ මං මේ පරදවා පළවා හැරියේ අතේ තිබූ රජකම මට පැවරූ මගේම සහෝදරයා නේද?” කියා රජු මහජනයා ඉදිරියේම දුක් වුණා. අවසානයේ දෙදෙනා නැවතත් මිතුරු වී පෙර සේ සාමයෙන් කටයුතු කළා.

 

Prince Agrabodhi, who became the king, reigned as Agbo selamewan – VII.

He appointed his brother prince Agbo as crown prince. These two ruled the country harmoniously, a great threat to thugs and rebels. Intending to disrupt the peaceful reign, they spread false tales around putting the king and crown prince against each other, which at last led to a war between the two. Defeated in the war, the prince fled. The king seeing the fleeing prince repented in front of his countrymen of defeating him and felt sorry for the crown prince, who voluntarily handed over the kingship to him. Finally they became friends and peacefully ruled the country once again.

lp76අග්බෝ රජුගේ ඇවෑමෙන් ඔහුගේ සහෝදර කාශ්‍යප කුමරු රජ විය. ඉතා ධාර්මික ලෙසින් තම පාලන කටයුතු කළ ඔහු සත්ව ඝාතනය නොකරන ලෙස මාඝාතය පැනවීය.ඉන් පසු රාජ්‍යයට පත් වන්නේ මිහිදු ඈපා රජුය. ඔහුට අග‍්‍රබෝධි නම ඇති පුතුන් දෙදෙනකු සිටියා. එක් කුමරකු රජුගේම පුතා වූ අතර අනිත් කුමාරයා තම සහෝදරයාගේ පුතා විය.

තම පුතුට ලක්දිව දකුණු ප‍්‍රදේශය භාරදුන් රජු සහෝදරයාගේ පුතාට යුව රජකම භාර දී නැගෙනහිර ප‍්‍රදේශය භාර කළා. රජු මරණයට පත්වන විට ළග සිටි රජුගේම පුතුට රජකම හිමි විය. නමුත් නීතියට අනුව රජකම හිමිවිය යුතු වූයේ යුව රජකම දැරූ කුමාරයාටයි. රජකමට ලෝභකම් නොකළ රජුගේ පුත් යුවරජ කැදවා රජකම පවරා දුන්නා.

After the death of king Agbo – II, his brother prince Kashyapa became king. The king being very religious ruled the country righteously. He imposed ‘Magathaya’ – a law to stop animal slaughter.

King Mihindu Epa came in to power next. He had two sons named Agrabodhi. One was his own son and the other prince was his brother’s son. The king while handing over the southern region of Ceylon to his son appointed his brother’s son the viceroy and entrusted him the powers of the eastern region. At the death of the king his son who was near him became king. But according to the law the crown prince had the right to be king. The king’s son voluntarily handed over the kingship to the crown prince – prince Agrabodhi.

lp 75හත්වන සියවසේ ආරම්භයත් සමග අවසන් වන දෙවන අග්බෝ රජුගේ රාජ්‍යය කාලයෙන් පසු ලක්දිව ඉතිහාසය අවුල් වේ. ශ්‍රේෂ්ඨ රජකු නොමැති වූ නිසා දුර්වල රජවරු රාජ්‍යයට පොර කෑහ.රටේ සංවර්ධනයක් සිදු නොවුණි. රටවැසියාට නොයෙක් දුක් ගැහැට විදීමට සිදු විය. වෙහෙර විහාර කඩා බිද ඒවායේ වූ වස්තු පැහැර ගන්නා පිරිස් බිහි විය.

The history of Lanka is steeped in confusion during the period following the reign of king Agbo which concluded at the beginning of the seventh century. Since there was no powerful king, weak kings struggled to gain kingship. Due to this situation countrymen had to undergo untold misery. Gangs of looters who ransacked Dagobas and temples too made their appearance.

 

lp 74පළමු අග්බෝ රජුගෙන් පසු දෙවන අග්බෝ රජුගේ කාලය එළඹිණ. ගිරිතලේ සහ කන්තලේ වැව් මෙතුමා විසින් කරවන ලදී.මේ රජුගේ කාලයේදී ථූපාරාමයෙහි කොටසක් බිදවැටී ඇත. ජෝතිපාල නම් තෙරුන් වහන්සේ විසින් එය රජුට දන්වන ලදී. රජතුමා දාගැබෙහි තැන්පත් කර තිබූ බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව ලෝවා මහා පායෙහි තබා දාගැබ ප‍්‍රතිසංස්කරණය කරවා ධාතූන් නැවත තැන්පත් කරන ලදී.මොහුගේ රාජ්‍යය කාලය වසර දහයක් පමණ වේ.

After king Agbo, there dawned the era of Agbo- ll. He was instrumental in the construction of the Giritale and Kantale tanks. During his time a part of the Thuparamaya dagoba had collapsed.A thera named Jothipala informed the king about this matter. The king removed the sacred right jaw bone relic of Lord Buddha enshrined in the Dagoba and deposited it at Lovamahapaya, and after having attended to the repair work of the damaged part, redeposited the relic back in the previous place. His period of rule lasted for about a decade.

 

lp 73සුඵ මුගලන් රජුගෙන් පසු රජවන පළමු අග්බෝ රජ ලක්දිව වැව් බැදීමට ද ප‍්‍රසිද්ධ විය. මේ රජුගේ කාලයේ සක්දාමල, අසක්දාමල, දැමී, බෑබිරී, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප් කොටඈපා යනුවෙන් මහා කවීහු දොළොස්දෙනෙකු වූහ. මොවුන් කළ පොත පත පසු කාලයේදී දකුණු ඉන්දියානු කොල්ලකරුවන් විසින් ගිනිබත් කරන ලද බව ඉතිහාස කතා වල කියවේ.ධාර්මික පාලනයක් ගෙන ගිය මෙතුමා වසර තිස්තුනකට ආසන්න කාලයක් රාජ්‍යය කළේය.

King Agbo who succeeds king Sulu Mugalan became famous for his work on the construction of tanks. During his kingship there lived the famous twelve poets named, Sakdamala, Asakdamala, Demi, Bebiri, Dalabiso, Anuruth, Dalagoth, Dalasala, Kithsiri, Paravadu, Suriyabahu and Kasupkotaepa. Historical stories unfold that their literary works have been set ablaze by marauders coming from South India. This king, who administered righteously, ruled the country for nearly thirty three years. .

 

lp 72ලක්දිව රජකම මුගලන් කුමරුන්ට හිමි වූ අතර වැව් බැදීමට ප‍්‍රසිද්ධියක් ද ලැබුණි.මාමා ද මුගලන් නම් වූ නිසා මොහු සු`ඵ මුගලන් නමින් හැ`දින් වුණි.ධාර්මිකව රජකම් කළ මොහු කුඩා දරුවන්ට ධර්මය ඉගැන්වීමට සිතුවේය. ධර්මය කවියෙන් ලියවා ගායනාකරුවන් ඇතුන් පිට නංවා රාත‍්‍රී කාලයෙහි දහම් කවි ගායනා රටවැසියන්ට ඇසීමට ඉඩ සාදා දුන්නේය.

Thus, the kingship befell on prince Mugalan, who later became famous as a constructer of irrigation tanks. Since his uncle too bore the name Mugalan, he came to be known as Sulu Mugalan. Being a pious king he thought of teaching dhamma to small children. He got the dhamma transcribed into to verse- form, and employed minstrels to go about on elephant back during night time, singing these verses, so that fellow countryman could hear them.

lp 71සිලාකාල රජුගේ හදිසි මරණය ඔහුගේ වැඩිමහල් පුතු මුගලන් කුමරුන්ට ආරංචි වන විට රජුගේ දෙවැනි පුත් දප්පුල කුමරු පැමිණ රජකම හිමිකරගෙන තිබුණි.මෙම අසාධාරණ ක‍්‍රියාවෙන් කැළඹුණු මුගලන් කුමරු යුද්ධයකට සූදානම් වූයේය. දප්පුල කුමරු ද සටනට සැරසුණේය. පුද්ගලික හේතුවකට සටන් කර රට වැසියා විනාශ කිරීම අයුක්තිසහගත බැවින් දෙදෙනා ඇතුන් පිට නැගී තනිව සටන් කළ යුතු බවට ගිවිස ගත්හ.යුධ පිටියට පැමිණි ඇතුන් දෙදෙනා මහා ඝෝෂා කරමින් හිස් එකට හප්පා ගනිද්දී අවට ගිගුම් දුන්නේය. ඇතුන්ගේ ශරීර ලෙයින් තෙත් විය. අවසානයේ මුගලන් කුමරුගේ ඇතුගේ දළIපහරක් වැදී දප්පුල කුමරුගේ ඇතු පසු බසිද්දී පරාජිත හැ`ගීමෙන් යුතු දප්පුල කුමරු හිස සි`දගැනීමට සැරසුණේය. මුගලන් කුමරු එසේ නොකරන ලෙසට ආයාචනා කර සිටියත් අයුක්තියෙන් ඔසවන ලද දප්පුලගේ හිස සි`දගැනීම නවතාලන්නට නොහැකි විය.

At the time when news of the sudden death of King Silakala reached his eldest son Mugalan, the second son Dappula had already come and assumed kingship. Prince Mugalan, who was disgruntled by this unreasonable act, made preparations to wage war. Prince Dappula too started to get ready for an attack. Since it was felt unreasonable to destroy the lives of fellow countrymen by waging a war for a personal cause, the two of them came to an agreement to fight single handed on elephant back. Accordingly, the two of them arrived at the battle ground on elephant back, and while the trumpeting elephants started to attack each other with their heads, the neighbor hood trembled. The bodies of both elephants became blood stained. In the end when prince Mugalan’s elephant gored with its tusks prince Dappula’s elephant making the latter to retreat, Prince Dappula in a defeated mood got ready to slay his own head. Even though at that moment prince Mugalan pleaded with prince Dappula not to do so, it was not possible to prevent Dappula from slaying his own head, that which rose itself unrighteously..

lp 70සිලාකාල පසුව අඹ හෙරණ සලමෙවන් නමින් ද ප‍්‍රසිද්ධ විය. තමාට ලැබුණු අඹ වගයක් භික්ෂූන් වහන්සේලාට බෙදා දී අනුභව කළ නිසා මෙම නම ලැබුණු බව කියවේ.

සිලාකාල රජු ලම්බකර්ණ වාංශිකයෙකි. මොහුගේ මෙහෙසිය වූයේ මුගලන් රජුගේ සහෝදරියයි.

සිලාකිල රජුට මුගලන්, දප්පුලා, උපතිස්ස නමින් පුත්තු තිදෙනකු වූහ. වැඩිමහල් කුමරුට ලක්දිව නැගෙනහිර කොටසත් දෙවෙනි කුමරාට මලය රටත් පැවරූ රජ උපතිස්ස කුමරා තමා ළගම තබා රාජ්‍යය විචාරීය. සිලාකාල රජු දහතුන් වසරක් රජ කළේය.

Silakala, later on came to be known as Amba Herana Salamevan. It is said that this was because he had partaken some mango fruits which he had received after distributing them to the venerable Sangha.

By clan, Silakala was a Lambakarna. His queen happened to be the sister of king Mugalan.

King Silakala begot three sons named Mugalan, Dappula and Upatissa. Whereas, the king allocated the authority over the eastern part of Lanka to his eldest son Mugalan, and the Malaya Rata to the second prince, he kept with him prince Upatissa while engaging himself in his royal duties. King Silakala ruled for a period of thirteen years

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Get to know latest updates from CUP