Lakdiva Puvatha

lp17ගැමුණු කුමරුගේ සටන්කාමී තරුණ විය ගැන නොයෙකුත් සිංහල ජන කතා ඇත. රජගෙදරින් පලාගොස් ගැමියන් අතරේ වෙසෙමින් ගොවිතැන් කළ බව ද වරින් වර කුඩා භටකණ්ඩායම් රැගෙන ගොස් සතුරාට පහරදී පලා ගිය බවද ජනකතා පවසයි.

වරක් මෙසේ පලා යද්දී කුමරු මැහැල්ලකගේ පැලේ පිල්කඩ මත හිඳ විඩා හරින්නට විය. මැහැල්ල කිසිදු විස්තරයක් නොදැන මේ තරුණයා ගැන අනුකම්පා සිත් ඇති වී බත් ටිකක් පිස උණු උණුවේම පිඟානකට දමා කෑමට දුන්නාය. අධික බඩගින්නේ සිටි කුමරු උණු බත් කෑමට ගොස් අතත් කටත් පුච්චා ගත්තේය. මෙය දුටු මැහැල්ල ‘‘පුතේ උඹේ බත් කෑමත් හරියට ගැමුණු කුමාරයාගේ යුද්ධ කිරීම වගේ’’ යැයි කීවාය.

ඉක්මනින් උණු බත් කෑ හැක්කේ කෙසේදැයි කුමරා ඇසූ විට ‘‘බත් ගුලිය ගුලිය කඩලා පිඟාන වටේ තියාපන්. එතකොට බත නිවේවි. ඊට පස්සේ කොනක සිට කාපන්’’ යැයි මැහැල්ල කීවාය.

ඉතිං අම්මේ, ගැමුණු කුමාරයා සටන් කළ යුත්තේ කෙසේදැයි කුමරා ඇසූ විට, ‘‘සතුරු බල සෙනග විශාලයි. ඒ නිසා සෙනඟ කොටස් වලට බෙදලා පහර දෙන්න ඕනෑ. එහෙම කළොත් ගැමුණු කුමාරයාගේ ජය නියතයි’’ මැහැල්ල කීවාය.

එදා මැහැල්ලගේ උපදෙස් අනුව ගැමුණු කුමරු යුද්ධය සැලසුම් කළ බවයි ජනකතාවේ සඳහන් වන්නේ.

There are many folk tales wound around the belligerent youth of prince Gemunu. It is said that prince Gemunu deserted the palace to go and live with villagers engaging himself in agricultural work, and that occasionally he gathered armies of men, attacked the enemy,and ran away.

During one of these retreats he had been resting himself on a side wall of the veranda of the little hut of an old woman. The old woman who had no idea of this young man took great pity on him , cooked rice and offered it steaming hot in a plate. The prince who was in great hunger started to eat and scorched his fingers and mouth.

Seeing what happened the woman said “ Son, this is like prince Gemunu engaging in war”.

To a question raised by the prince as to how hot rice could be eaten soon, the old woman replied “ Break up the mass of rice into small chunks and place them round the plate. Then the rice will cool down.”

The prince then posed the question, “mother, then how should prince Gemunu fight”, she replied “ The army of the enemy is very large. Hence it should be broken into smaller sections and attacked. If done that way prince Gemunu is sure to win”

According to folk lore, prince Gemunu had afterwards planned battles according to this advice given by the old woman.

කාවන්තිස්ස රජුටත් විහාර දේවියටත් දාව උපන් පළමු පුත් ගාමිණී අභය නම් ද දෙවන පුත් තිස්ස නම් ද වූහ./කුමරුන් දෙදෙනාට බත් කවන මංගල්යණයේදී මව් බිසවට ද බත් කැවීමට අවස්ථාවක් ලැබුණි. දේවිය, ‘‘දරුවනි, සම්බුද්ධ ශාසනය හැර දමන්නාහු නම් තොප අනුභව කරන මේ ආහාර නොදිරව’’යි කියා කුමාරවරුන්ට කිරිබත් ගුලි දෙකක් කැවුවාය. කුමාරවරු එය සතුටින් ගෙන කෑහ. /

lp16මාරවරු දස දොළොස් වයස් වූ කළ ඔවුන් ගැන විමසීමට පිය රජු භික්ෂූින් වළදා ඉඳූල් බත් තැටියක දැමූ බත් කොටස් තුනකට බෙදා කෑමට නියම කරන ලදී./භික්ෂූ‍න් කෙරෙහි නොකලකිරෙන බව කියා එක් කොටසක් ද සහෝදරයන් දෙදෙනා තරහා නොවන බව කියා තවත් කොටසක් ද අනුභව කළ යුතු වූ අතර ‘‘දෙමළුන් හා යුද්ධ නොකරන්නෙමු’’ යැයි සිතා තෙවන කොටස අනුභව කළ යුතු විය.

කුමාරවරු දෙදෙනා මුල් දෙකොටස සතුටින් අනුභව කළ අතර තෙවන බත් කොටස තිස්ස කුමරු ආපසු තැටියට දැම්මේය. ගැමුණු කුමරු ඇඳට ගොස් අත් පා හකුළුවා වැතිර ගත්තේය.

කුමාරවරු දෙදෙනා මුල් දෙකොටස සතුටින් අනුභව කළ අතර තෙවන බත් කොටස තිස්ස කුමරු ආපසු තැටියට දැම්මේය. ගැමුණු කුමරු ඇඳට ගොස් අත් පා හකුළුවා වැතිර ගත්තේය.
උදාර වචන ගැන බිසොව රජතුමාට පවසද්දී රජතුමා තුෂ්ණීම්භූත විය.

There were two sons born unto king Kavantissa and Vihara devi, and the elder was by name Gamini Abhaya, and the younger was Tissa. At the initial ceremony of feeding rice to the two princes, the queen mother too had the opportunity to feed them. The queen in feeding two lumps of milk rice to the princes respectively, declared “Children, if you abandon the Sambuddha Sasana, this food that you eat shall not digest”. The princes happily ate what was fed.
At the time the princes reached the ages of twelve and ten, the father king wished to check on their attitudes. He therefore, divided what had been left over onto a refuse- plate by the Bhikkhus who has had their meals, and thereafter requested the sons to eat them saying that in eating the first portion they should say that they will not get disgusted of Bhikkhus, in eating the second that the two brothers will never be angry with each other, and the third portion to be eaten thinking, “We will not go to war with Damilas.”

While both princes happily took the first two potions, prince Tissa put the third portion back into the plate, and prince Gemunu went to his bed and laid himself bending his hands and legs.

Even though, queen Vihara requested prince Gemunu to straighten his hands and legs when sleeping, he replied “ How can I sleep with stretched hands and legs when on one side across the river are the strong Damilas, and the vast dumb sea on the other side.
While the queen was repeating to the king the great words uttered by the prince the king was astonished.

lp15එළාර රජ ධර්මිෂ්ඨ පාලකයකු බව මහාවංශ කතාව පවසනවා. නමුත් ධර්මිෂ්ඨ පාලකයකු වූ එළාර රජුට විරුද්ධව රට වැසියා දුටුගැමුණු නායකත්වය පසු පස පෙළ ගැසුණේ ඇයි යන්න විමසීම වැදගත් වෙනවා.

එළාර රජු දැහැමි පාලනයක් ගෙන ගියත් රටේ සංවර්ධනයට හෝ බුද්ධාගමේ දියුණුවට කළ සේවය ප‍්‍රමාණවත් නැත. රජුගේ භාණ්ඩාගාරය සරු සාර වූ බවට සාධක නැත. රජුට බලගතු යෝධයන් සහිත බල සේනා සහ බලකොටු තිබූ බවට නම් තොරතුරු හමු වේ.

කාවන්තිස්ස රජුට දාව උපන් දුටුගැමුණු කුමරු තම ජීවිතය පරදුවට තබා එළාර සමඟ සටන් වදින්නේ එකල ලක්වැසියාට තම රට, ජාතිය, ආගම රැකීමට වීරෝධාර ස්වදේශීය නායකත්වයක් අනුරාධපුර රාජධානියට වුවමනා වූ නිසාමය.

The Mahawamsa speaks of king Elara as a just ruler. However, it is important to find out as to why the countrymen rallied round the leadership of Gemunu if Elara had been such a just ruler.

Even if king Elara had ruled the country justly, the service he rendered to the development of the country or for the advancement of Buddhism has been insufficient. There is no evidence to show that the royal coffers became bountiful. Evidence is of course available to show that he possessed armies comprising powerful giant worriers, and fortresses.

It is only because the Lankans at the time yearned for a patriotic local leadership to the Anuradhapura kingdom to save the country, the nation and the religion, that prince Dutugemunu begotten to king Kavantissa, risks his life to wage war against Elara.

 

lp 14අනුරාධපුරයෙහි එළාර රජ කළ සමයෙහි රුහුණේ රජ කළේ කාවන්තිස්ස රජුය. මේ කාලයේ කැළණියේ තවත් රාජධානියක් විය. එහි තිස්ස නම් රජකු රජකම් කරන ලදී. තිස්ස නම් රජුගේ දියණිය, දේවී කුමරිය කාවන්තිස්ස රජහට මෙහෙසිය වූවාය.

තිස්ස රජුගේ කාලයේදී හදිසියේම මුහුද ගොඩ ගලා කැළණි රාජධානිය විනාශවන්නට විය. මුහුදට බිල්ලක් දීමෙන් මුහුද ගොඩගැලීම නතර කිරීමට හැකි බවට මතයක් ගොඩනැඟූනත් කිසිවකු ඊට ඉදිරිපත් නොවුණි. නමුත් අවසානයේ දේවී කුමරිය තම රට වෙනුවෙන් මුහුදට බිලිවීමට කැමති වූවාය. ඒ වීර කුමරිය කුඩා යාත‍්‍රාවක නැගී මුහුදට බිලි වීමෙන් පසු මුහුද නිසංසල විය. මුහුදේ ගසාගෙන ගිය යාත‍්‍රාව ලක්දිව දකුණු දෙස කිරින්ද අසලින් වෙරළට ළඟා විය. කාවන්තිස්ස රජුට වීර කුමරිය වෙහෙරක් අසලදී හමු වූ බැවින් ඇය විහාර මහා දේවිය ලෙසින් පසුව ප‍්‍රසිද්ධ වූවාය.

කාවන්තිස්ස රජතුමා තිස්ස මහා විහාරය, සිතුල් පව්ව, කූටාලිය ඇතුඵ විහාර රැසක් කරවා පූජා කරන ලදී.

At the time when king Elara was ruling in Anuradhapura, it was king Kavantissa who ruled the Ruhuna. At this time there existed another kingdom in Kelaniya ruled by a king named Tissa. King Tissa’s daughter princess Devi became the queen of king Kavantissa.

During king Tissa’s time the sea began to flow inland causing much destruction to the kelaniya kingdom. Though a consensus arose that the sea could be calmed if it could be offered a human sacrifice, no one took up the challenge. Ultimately, princess Devi volunteered to offer herself to be sacrificed in order to save the country from disaster.Thereafter,she was placed in a small boat which was pushed on to the sea. Lo and behold the sea calmed itself.The boat which was afloat got drifted southwards and came ashore to place close to Kirinda. Since king Kavantissa met this brave princess near a Viharaya she later came to be known as Viharamahadevi.

King Kavantissa built a number of temples including the Tissa Maha Viharaya,Situl Pauva and Kutaliya, all of which were offered to the Sasana.

lp 13සේන සහ ගුත්තික විසින් පැහැරගත් ලක් රජය ආපසු ලබා ගත්තේ අසේල කුමරා විසිනි. අසේල දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරෙකි. අසේල රජුගේ රාජ්‍යය කාලය දස අවුරුද්දක් පමණ විය.මේ අතර සොළී රටින් බල සෙනඟක් රැගෙන ආ එළාර අසේල රජුගෙන් රාජයය පැහැර ගත්තේය. මෙය සිදුවන්නේ ක‍්‍රිස්තු පූර්ව 205 දී පමණය.

හතළිස් හතර අවුරුද්දක් රාජ්‍යය කරන එළාර රජු සැමට සාධාරණය ඉෂ්ට කළ රජකු ලෙස ඉතා ප‍්‍රසිද්ධ විය. හෙතෙම අබෞද්ධ වුවත් බෞද්ධ චාරිත‍්‍ර හොඳින් ඉටු කළේය.

දිනක් රජු සෑගිරි චෛත්‍යයට ගොස් භික්ෂූන් වහන්සේ හමු වී ආපසු එන විට ගමන් ගත් රථය වැදී සෑයක පැත්තක් කැඞී ගියේය. ඇමතියන් ඵ් ගැන කියූ විට රජු රථයෙන් බැස “මේ රථ රෝදයෙන්ම මගේ හිස සිඳව්” යැයි කියා මහ මග දිගා විය. බුදු දහමේ පර පණ නැසීම පිළිනොගන්නා නිසා එළාර රජ චෛත්‍යයේ කැඩුණු තැන සෑදීමට එකඟ විය.

The kingdom of Lanka usurped by Sena and Guttika was recaptured by prince Asela who happened to be a younger brother of king Devanampiyatissa. King Asela’s reign lasted for about a decade. During this period king Elara fetched an army from the Chola land and recovered the country’s rule from the hands of king Asela. This event took place around 205 B.C.

King Elara who ruled for forty four years became famous in history for having dispensed justice in fairness to everyone. Though he was not a Buddhist he ensured due recognition for all Buddhist customs and practices.

One day on his return journey after a visit to meet the monks at Segiri Chetiya, the chariot in which he traveled knocked on a Seya (dagaba) accidently causing damage to it. The accompanying courtiers then informed him of what had happened, whereupon he got off the chariot and stretched himself on the highway saying “ sever my head off with the wheel of the chariot “. As destruction of life does not accord with the tenets of Buddhism, king Elara graciously undertook to repair the damages caused to the Seya.

lp 12බුදු දහමින් පෝෂණය වෙමින් සිංහලයා උසස් ජාතියක් බවට පත්වෙද්දී දකුණු ඉන්දියානු ආක‍්‍රමණිකයන් විසින් ලංකා රාජ්‍යය පැහැර ගන්නා ලදී. මෙය සිදු වන්නේ සූරතිස්ස රජුගේ කාලයේදීය. අසුන් වෙළඳාම සඳහා ලක්දිවට පැමිණි සේන සහ ගුත්තික යන දෙදෙනා රජ වාසල තුළ තිබූ සාමකාමී නිදහස් වාතාවරණයෙන් ප‍්‍රයෝජන ගෙන රාජ්‍යය පැහැර ගත්තෝය.

සැට වසක් ජීවත් වූ සූරතිස්ස රජ පෙර ස්වර්ණපිණ්ඩතිස්ස නම් ද විය. හෙතෙම රජ වීමට පෙර සහ පසු ලංකාරාමය, ගිරිනිල්පනාගොඩ, ඇත්කඳ, වලස්ගල ඇතුඵ විහාර පන්සියයක් කරවීය.

The Sinhalese whilst being nurtured by the Buddhist doctrine was flourishing towards a nation of high esteem; South Indian invaders infiltrated into the Island and took over their rule by force. This happened during the reign of king Suratissa.

Sena and Guttika who arrived in Lanka to engage in trading horses, taking advantage of the existing peaceful and exposed environment of the royal palace, caused disruption therein, and finally usurped the throne.

King Suratissa who lived for sixty years was also known as Swarnapindatissa. Prior to and after becoming king, he constructed five hundred temples including those of the Lankaramaya, Girinilpanagoda, Ethkanda and Walasgala.

lp 11අනුලා බිසව ඇතුඵ ලක්දිව කාන්තාවන්ගේ ඉල්ලීම පරිදි මෙහෙණි සස්න පිහිටුවීමට සංඝමිත්තා මෙහෙණිය ලංකාවට වැඩි සේක. සංඝමිත්තා මෙහෙණිය මිහිඳු මා හිමියන්ගේ සහෝදරියයි. බෞද්ධයන්ගේ ඉතා පූජනීය වස්තුවක් වූ ශ‍්‍රී මහා බෝධිය ලක්දිවට ගෙන ආවේ සඟමිත් මෙහෙණිය විසිනි.ඉතා උත්සවාකාරයෙන් එදා අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි රෝපණය කරන ලද මෙම ශ්‍රී මහා බෝධිය ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙස සැලකේ.Theri Sanghamitta who arrived in Lanka at the request of Lankan women including queen Anula at that time, established the Meheni Sasna (the Bhikkshuni order). Theri Sangamitta was the sister of the great monk Mahinda. It was Theri Sanghamitta who brought along with her the Bo- sapling to Lanka which is highly venerated as the Sri Maha Bodhi by Buddhists. The Sri Maha Bodhi which was planted ceremoniously at the Mahamevuna Uyana in Anuradhapura is considered as the oldest living tree of record in the whole world.

lp10මහා වංශ කතාවේ සදහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජු බුද්ධාගමේ දියුණුව පිණිස මහා විහාරය, ථූපාරාමය, ඉසුරුමුණිය, වැනි බොහෝ වටිනා ස්ථාන නිර්මාණයේ දී පුරෝගාමියා වූ බවයි. තවද මෙම රජු සමයේ ඉන්දියාවේ තම්‍රලිප්ත වරාය ලංකාවේ දඹකොළ හා මාතොට යන වරායන් අතර තිබූ සම්බන්ධතා තුළින් පෙනී යන්නේ ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික සබදකම් මෙන්ම වෙළද සබඳකම් ද පැවති බවයි.

ලංකාවේ සිංහල රජුන් එකසිය හැටක් පමණ සිටි බව පෙනෙනවා. මේ රජවරුන් රාජවංශ අටකට පමණ බෙදේ. දේවානම්පියතිස්ස රජතුමා අයත් වන්නේ ලංකාවේ මුල්ම රාජවංශය වන විජය රජතුමාගෙන් පැවත එන විජය රාජ වංශයට යි.

බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කර සෑදු ථූපය ථූපාරාමය යි. දේවානම්පියතිස්ස රජු ථූපාරාම දාගැබ තැනුවේ මිහිඳු මා හිමියන්ගේ උපදෙස් පරිදි ය. මහා වංශයේ සදහන් වන ආකාරයට රජතුමා ධාතූන් සහිත කරඬුව ඇතු පිටින් බිමට ගැනීමට සූදානම් වූ විට මුඟුලැතු ඊට ඉඩ දී නැත. එවිට මිහිඳුහිමියෝ ඇතුගේ හිසට වඩා පහත් තැනකට ධාතූන් වැඩමවීමට ඇත් රජ අසතුටු බව රජහට දන්වා ඇත. ඒ ඇසූ රජ වහා අබා වැවෙන් වියළි මැටි ගෙන්වා ඇතුගේ උස පමණට ථූපයක් කරවා එය මනාව සරසා ධාතූන් වහන්සේ එහි තැන්පත් කළේය.

The Mahavamsa records that king Devanampiyatissa, pioneered in the establishment of places such as the Maha viharaya, Thuparamaya, Isurumuniya in order to foster Buddhism. Further, the activities that took place between the sea ports, Thamraliptha of India with those of Dambakola and Mathota sea ports of Lanka shows that there have been cultural as well as trade connections.

lp9දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍යය රජරටට පමණක් සීමා වුණේ නැහැ. උතුර,දකුණ,සහ කදුකරය යන ප්‍රදේශ එකතු වී විශාල රාජ්‍යයක් රජු යටතේ පැවති අතර එකල රටේ ඒකීය පාලන ක්‍රමයක් ආරම්භ වූ බව පෙනී යනවා.

මිහිඳු හිමියන්ගේ පැමිණීමත්, ලංකා බුද්ධ ශාසනයේ ආරම්භයත් සිදු වූයේ දේවානම්පියතිස්ස රජු සමයේදී ය. බුදු දහමින් ලද පෝෂණය නිසා අනුරාධපුර රාජධානියේ උසස් සංස්කෘතියක් බිහි විය. සංස්කෘතිය යනු යම්කිසි ජන සමාජයක් තුළ පවතින විශ්වාස, ඇදහිලි, චාරිත්‍ර‍ර වාරිත්‍ර‍ර, ගති පැවතුම්, දැනුම, දක්ෂතා, කලා ශිල්ප ආදියේ එකතුව වේ.

අනුරාධපුරයේ කලා කෘති සරලය, චාම්ය. නමුත් ඒවා උසස් වින්දනයකට සිත පොළඹවයි. එකල සිංහල කලාකරුවා බුදු දහමින් හික්මවන ලද දියුණු වූ මනසක් ඇතිව සිටි බවට කදිම නිදසුනකි පැරණි කලා කෘති.

King Devanampiyatissa’s hegemony was not only confined to the Rajarata. While a vast kingdom comprising the regions of the north, south and the hill country was under the king, the origins of a unitary system of administration is to be noticed at this time.

lp8අශෝක රජතුමාට දාව දේවී කුමරිය මහින්ද සංඝමිත්තා නමින් පුතකු සහ දියණියක වැදුවාය. පසුව දරු දෙදෙනා බුදු සසුනට පූජා කෙරුණි.

අශෝක රජුගේ පුත්, මිහිඳු මා හිමි පොසොන් පොහෝ දින ලක්දිව මිහින්තලා කඳු මුදුනට වැඩම කරන ලදී. උන්වහන්සේ සමග ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන්වහන්සේලා ද සුමන සාමණේර සහ භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද වූහ.

මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුගේ නුවණ මැන බැලූ මිහිඳු හිමි රජු ඇතුඵ ලක්වාසී ජනයා බුද්ධ ධර්මයෙහි පිහිට වූ සේක.

දෙවන පෑ තිස් රජතුමා බුදු දහමට විශාල අනුග්‍රහයක් දැක්විය. සිංහලයා පිළිගත් මුල්ම ආගම බුදු දහම වේ. අවිහිංසාව, සාමය, එකමුතු බව වැනි උසස් සාරධර්මයන්ගෙන් පිරි මිනිස් පරපුරක් බවට සිංහලයා පත් වූයේ බුදු දහමින් ලැබූ පෝෂණය නිසාම ය.

King Asoka begot through Princess Devi, a son and daughter named Mahinda and Sanghamitta, respectively. Later on, these two children were offered to the Buddhist Order. The Maha Thera Mahinda, son of King Asoka arrived on the Mihintala hillock of Lanka on a Poson Poya day. He was accompanied by Theras named Itthiya, Utthiya, Sambala,
Bhaddasala, Samanera Sumana and an anagami Prince, Bhanduka.

lp8අශෝක රජතුමාට දාව දේවී කුමරිය මහින්ද සංඝමිත්තා නමින් පුතකු සහ දියණියක වැදුවාය. පසුව දරු දෙදෙනා බුදු සසුනට පූජා කෙරුණි.

අශෝක රජුගේ පුත්, මිහිඳු මා හිමි පොසොන් පොහෝ දින ලක්දිව මිහින්තලා කඳු මුදුනට වැඩම කරන ලදී. උන්වහන්සේ සමග ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන්වහන්සේලා ද සුමන සාමණේර සහ භණ්ඩුක නම් අනාගාමී කුමාරයා ද වූහ.

මුව දඩයමේ යෙදී සිටි දේවානම්පියතිස්ස රජුගේ නුවණ මැන බැලූ මිහිඳු හිමි රජු ඇතුඵ ලක්වාසී ජනයා බුද්ධ ධර්මයෙහි පිහිට වූ සේක.

දෙවන පෑ තිස් රජතුමා බුදු දහමට විශාල අනුග්‍රහයක් දැක්විය. සිංහලයා පිළිගත් මුල්ම ආගම බුදු දහම වේ. අවිහිංසාව, සාමය, එකමුතු බව වැනි උසස් සාරධර්මයන්ගෙන් පිරි මිනිස් පරපුරක් බවට සිංහලයා පත් වූයේ බුදු දහමින් ලැබූ පෝෂණය නිසාම ය.

King Asoka begot through Princess Devi, a son and daughter named Mahinda and Sanghamitta, respectively. Later on, these two children were offered to the Buddhist Order. The Maha Thera Mahinda, son of King Asoka arrived on the Mihintala hillock of Lanka on a Poson Poya day. He was accompanied by Theras named Itthiya, Utthiya, Sambala,
Bhaddasala, Samanera Sumana and an anagami Prince, Bhanduka.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Get to know latest updates from CUP