අනුරාධපුරයෙහි එළාර රජ කළ සමයෙහි රුහුණේ රජ කළේ කාවන්තිස්ස රජුය. මේ කාලයේ කැළණියේ තවත් රාජධානියක් විය. එහි තිස්ස නම් රජකු රජකම් කරන ලදී. තිස්ස නම් රජුගේ දියණිය, දේවී කුමරිය කාවන්තිස්ස රජහට මෙහෙසිය වූවාය.
තිස්ස රජුගේ කාලයේදී හදිසියේම මුහුද ගොඩ ගලා කැළණි රාජධානිය විනාශවන්නට විය. මුහුදට බිල්ලක් දීමෙන් මුහුද ගොඩගැලීම නතර කිරීමට හැකි බවට මතයක් ගොඩනැඟූනත් කිසිවකු ඊට ඉදිරිපත් නොවුණි. නමුත් අවසානයේ දේවී කුමරිය තම රට වෙනුවෙන් මුහුදට බිලිවීමට කැමති වූවාය. ඒ වීර කුමරිය කුඩා යාත්රාවක නැගී මුහුදට බිලි වීමෙන් පසු මුහුද නිසංසල විය. මුහුදේ ගසාගෙන ගිය යාත්රාව ලක්දිව දකුණු දෙස කිරින්ද අසලින් වෙරළට ළඟා විය. කාවන්තිස්ස රජුට වීර කුමරිය වෙහෙරක් අසලදී හමු වූ බැවින් ඇය විහාර මහා දේවිය ලෙසින් පසුව ප්රසිද්ධ වූවාය.
කාවන්තිස්ස රජතුමා තිස්ස මහා විහාරය, සිතුල් පව්ව, කූටාලිය ඇතුඵ විහාර රැසක් කරවා පූජා කරන ලදී.
At the time when king Elara was ruling in Anuradhapura, it was king Kavantissa who ruled the Ruhuna. At this time there existed another kingdom in Kelaniya ruled by a king named Tissa. King Tissa’s daughter princess Devi became the queen of king Kavantissa.
During king Tissa’s time the sea began to flow inland causing much destruction to the kelaniya kingdom. Though a consensus arose that the sea could be calmed if it could be offered a human sacrifice, no one took up the challenge. Ultimately, princess Devi volunteered to offer herself to be sacrificed in order to save the country from disaster.Thereafter,she was placed in a small boat which was pushed on to the sea. Lo and behold the sea calmed itself.The boat which was afloat got drifted southwards and came ashore to place close to Kirinda. Since king Kavantissa met this brave princess near a Viharaya she later came to be known as Viharamahadevi.
King Kavantissa built a number of temples including the Tissa Maha Viharaya,Situl Pauva and Kutaliya, all of which were offered to the Sasana.