කුමරුගේ පලායාම ගැන කිත්සිරි මේඝ රජු කලබල වුණා. කෙසේ හෝ කුමරු රැගෙන ඒමට ඇමතිවරුන්ට නියෝග කළා. බුද්ධිමත්ව හැසිරුණු කුමාරයාට තම ඇල්ලීමට පැමිණි සේනාව බිය වැද්දීමට හැකිවූණා. කුමාරයාගේ තේජස් විලාසය දුටු භටයෝ දුවන්නට පටන් ගත්තා. අවස්ථාවෙන් පරයාගයෝජනය ගත් කුමරු පියාගේ රාජ්යු සීමාවූ රජරටට ඇතුළු වුණා.
King Kithsiri Megha panicked by hearing prince Parakramabahu’s absent and ordered his knights to bring him back. Prince managed to scare the army intelligently and they run away by seeing his commanding attitude. Prince takes this opportunity to enter in to the outskirts of his father’s dominance, Rajarata.

රුහුණේ පාලකයා වූ මනාභරණ රජුගේ බිසව වූයේ රත්නාවලී කුමරියයි. ඇය පළමු විජයබාහු රජුගේ දියණියකි. මේ දෙපළට පරාකරුම මබාහු නමින් පුතෙකු සිටියා. කුමරු කුඩා අවධියේම පියා පරලොව ගිය නිසා ඇති දැඩි වූයේ සුළු පියවරුන් ළඟයි.
පළමු විජයබාහු රජුගේ මරණින් පසු යුවරජු ලෙස සිටි සහෝදර ජයබාහු රජු රජකමට පත්වුණා. පළමු විජයබාහු රජු මිය යන විට ඔහුගේ පුත් විකරජු මබාහු කුමරා රුහුණු දෙශය බාරව සිටි නිසා පොළොන්නරුවේ සිදුවන දේ ගැන ඔහුට දැනගන්නට ලැබුණේ නැත.මේ අතර පොළොන්නරුවේ සිටි රජ පවුලේ අය පළමු විජයබාහු රජුගේ සහෝදරියගේ පුතු මනාභරණ කුමරුට යුවරජ පදවිය පැවරුවා.
සෝළින් පන්නා දමා රට එක්සේසත් කළ පළමුවන විජයබාහු රජතුමා රට සංවර්ධනය පිණිස වැව් රාශියක් සකස් කළා. විනාශ වූ වෙහෙර විහාර ප්රතිසංස්කරණය කර ශ්රීපාද වන්දනාකරුවන්ගේ පහසුව පිණිස දන්සැල්, ගිමන්සැල්ල පවත්වාගෙන යාමට කටයුතු කළ මෙතුමා කවින්න ආබාධිත අසරණයන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් ලබා දුන්නා.
පැරදී පලායන සෝළි සේනාවට පහර දෙමින් රජරට දෙසට ගමන් කළ විජයබාහු රජුගේ හමුදාව අවසානයේ පොළොන්නරුව අත්කර ගත්තා.තම හමුදාව පරාජයවූ බව දැනගත් සෝළි රජ නැවත ලංකාවට හමුදාවක් එව්වා. සටනින් ජය ලැබීමට නොහැකි වූ විජයබාහු රජු ගිරි දුර්ගයක නැවති කඳවුරු බැඳ අවස්ථාවක් එනතුරු බලා සිටියා.ක්රි.ව. 1070 විජයබාහු රජු ජය පිට ජය ගත් පොළොන්නරුවට පැමිණි බව ශිලා ලිපියක සඳහන් වේ.