දැහැමින් වසර දහඅටක් රජකම් කළ මුගලන් රජුගේ රාජ්‍ය කාලය තුළ බුදුන් වහන්සේගේ කේශ ධාතූන් දඹදිව සිට ලක්දිවට ගෙන එන ලදී.
ඉන් පසු රජකමට පත් වන්නේ මුගලන් රජුගේ පුත් කුමාරදාස කුමරුයි. මොහු කුමාර ධාතුසේන නමින් ද හැ`දින්වේ.
මේඝදූත කාව්‍යය නිර්මාණය කළ ඉන්දියානු මහා කවි කාලිදාසයන් මෙතුමාගේ කළ්‍යාණ මිතුරෙකි. කාලිදාසයන්ගේ අකල් මරණයෙන් කම්පාවට පත් රජු කාලිදාසගේ දැවෙන දර සෑයට පැන දිවි නසාගත් අතර එය දුටු ඔහුගේ බිසෝවරුන් පස්දෙනෙක් ද එම ගින්නට පැන දිවි නසා ගත් බව කියවේ. ඔවුන් සත්දෙනා දැවුණු තැන බෝ පැළ හතක් හට ගත් බවත් එබැවින් එතන හත්බෝධිවත්ත නමින් ප්‍රසිද්ධ වූ බවත් සදහන් වේ.
During the eighteen years of pious rule the sacred hair relics of Lord Buddha were brought to Lanka from Dambadiva.
Subsequently, it is prince Kumaradasa, son of king Mugalan, who becomes the king. He is also identified by the name of Kumara Dhatusena.
He was a very intimate friend of Kalidasa, the great Indian poet who composed the famous epic Meghaduta. On hearing the death of Kalidasa he was so grief stricken that he committed suicide by leaping into the burning pyre of Kalidasa. It is said that on seeing this tragedy, five queen consorts of king Kumaradasa too followed suit. At this place where seven persons got burnt, seven Bo saplings came to being, and hence the place came to be popularly known as Hathbodhiwatte.