පිවිසුම ලක්දිව පුවතට
ඉතිහාසය ඕනෑම කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට ප්‍රබල සාධකයක් වේ. රටක ඉතිහාසය ගවේශනය කිරීමෙන් ද එම රටේ දියුණුව, ආවේණික ගතිලක්ෂණ සහ රට මුහුණ පෑ අතීත අත්දැකීම් අවබෝධ කර ගත හැක. රටක වර්තමානය සාර්ථක කර ගැනීමට නම් විශේෂයෙන්ම එරට ජනතාව රටේ ඉතිහාසයමැනවින් අධ්‍යයනය කර තිබිය යුතුය.
ශ්‍රී ලංකාවේ ත් එහි වසන ජනතාවගේ ත් අතීත තොරතුරු දැනගැනීමට ඇති ප්‍රධානම ඉතිහාස ග්‍රන්ථය මහාවංශය බව අපි දනිමු. ලොව අන් රටකට නොමැතිවසර දෙදහස් පන්සියයකට අධික ඓතිහාසික සිදුවීම් මාලාවක් ඇතුලත් මහා වංශ කතාව අපි මෙසේ අපේ ලක් දූ පුතුන් වෙතට ඉදිරිපත් කරමු.
එදා හෙළදිව අපේ මුතුන් මිත්තන්ගේ උදාර අතීතය කියවන පුංචි ඔබත් මේ මවුබිම අනාගතයේ රැකගැනීමට, දියුණු කිරීමට කටයුතු කරන අභිමානවත් පරපුරක්වනු නොඅනුමානය.
History stands out as a vital clue to establish any person’s identity. By exploring the history of a country it is possible to grasp its development, the inherent characteristics and the experiences it has gathered in the past. Where a country wishes to make its present a success, it is imperative that especially the inhabitants engage themselves in an in-depth study of its history as a prelude.
We are aware that the Mahavamsa, our great Chronicle which has no parallel any where in the world is the primary source of historical information on Sri Lanka and its inhabitants. The author wishes to unfold to our little sons and daughters of Sri lanka, the story of the Mahavamsa containing records of a series of episodes that took place within a span of over two thousand years of its history.
No doubt, you as juvenile readers of the achievements and grandeur of our Sri Lankan ancestors would mould yourselves to be a proud future generation dedicated to the cause of preservation, development and the well-being of our Motherland.