භද්දකච්චායනා බිසවට හා පඞුවස්දෙව් රජුට දාව පුතුන් දසදෙනෙකු සහ දියණියක මෙළොවට බිහිවිය. වැඩිමහල් පුතු අභය වූ අතර බාලම දියණිය චිත්‍රා විය. අනාගතයෙ රාජ්‍යය නිසා චිත්‍රා කුමරියගේ පුතරයකු මාමාවරු මරාදමන බවට ශාස්ත්රධාරී බරාහ්මණයින් කළ ප්‍රකාශයක් නිසා එසේ වීම වැළැක්වීමට අභය කුමරු හැකි සියලූ ක්‍රියාමාර්ග අනුගමනය කළේය.
එක්ටැම් ගෙයක් තනවා සියලූ රැකවල් යොදා දාසියක සමග චිත්‍රා කුමරිය රදවා තබන ලදී. දුටුවන් උමතු කරවන තරම් රුවක් චිතරාට තිබූ නිසා ඇය උන්මාද චිත්‍රා නම් වූවාය.
භද්දකච්චායනා කුමරිය ලක්දිවට පැමිණෙන විට ඇගේ සොයුරන් හයදෙනා, රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු සහ රෝහණ ද පැමිණයහ. එක්ටැම් ගෙයක සිටියත් දීඝායු කුමරුගේ පුත් දීඝගාමිණී කුමරු සමග චිත්‍රා කුමරිය අප්රසිද්ධියේ පේරම සම්බන්ධයක් ගොඩනගා ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් පණ්ඩුකාභය කුමරු මෙලොවට බිහි වේ.
පසුව පණ්ඞුකාභය කුමරු පිළිබඳද තොරතුරු දැනගත් මාමාවරු කුමරු මැරීමට කිහිපවරක්ම උත්සාහ දරති. නමුත් බල සම්පන්න දෛවයකට උරුමකම් කියූ පණ්ඩුකාභය කුමරු තිස් හත්වන වියේදී රජකමට පත් වී හැත්තෑ වසරක් රාජ්‍යය කරන්නේය.
අනුරාධපුරය අගනුවරක් ලෙසින් දියුණු කළ පණ්ඩුකාභය රජු මුළු ලංකාවම පාලනය කළ මුල්ම සිංහල රජු ලෙස හැදින්විය හැක.
Queen Bhaddakachchayana and King Pandvasdev beget ten sons and one daughter the eldest son was Abhaya and the daughter who was the youngest was Chitra. On a prediction made by learned Brahmins that a son of Princess Baddhakachchayana would kill the uncles to gain kingship, Prince Abhaya took all possible action to avoid such a happening in the future.
An apartment situated on a well guarded single tower was constructed and Chitra was detained in it along with a maid. As Chitra was of such enticing beauty that would boggle the mind of those who see her, she came to be known as Unmada Chitra.
At the time Princess Bhaddakachchayana arrived in Lanka her six brothers, Rama, Uruvela, Anuradha, vijitha, deeghayu, and Rohana came with her. Even though the Princess lived in a single towered apartment, she built up a love affair secretly with Deeghagamini, the son of Prince Deeghayu. As a result Prince Pandukhabaya is born.
Subsequently, the uncles having received information about Prince Pandu khabaya tried several times to destroy the little Prince. But as an inheritor to a powerful destiny he became the king at the age of thirty seven and rules for a period of seventy years.
King Pandukhabaya who developed Anuradhapura as a capital city, could be identified as the first Sinhala king of the whole of Lanka.