විජය රජු අපුත්‍රක වූ නිසා ඔහුගේ අන්තිම රාජ්‍ය වර්ෂයෙහි ලංකා රාජ්‍ය පැවරීමට සහෝදර සුමිත්‍ර කුමරුන්ට ආරාධනාවක් කෙරුණි. මේවනවිට සිංහපුරයේ රජකම් කළේ සුමිත්‍ර කුමරුය. තමා මහළු වියේ පසුවන හෙයින් තම පුතණුවන් දෙදෙනාගෙන් බාල පුත්, පඩුවස්දෙව් ලංකා රාජ්‍ය භාරගැනීමට එවනු ලැබීය.
පඩුවස්දෙව් රජ ලංකා රාජ්‍යයෙහි පිහිටුවනු ලැබුවත් මෙහෙසියක නොමැති වීම නිසා අභිෂේක නොකරවීය.මේ වන විට දඹදිව පණ්ඩුශාක්‍ය නම් රජුගේ දියණිය භද්දකච්චායනා කුමරිය ලබා ගැනීමට රජ දරුවෝ සත්දෙනෙක් තරග කරමින් සිටියහ. තරගය නිසා බියටපත් පිය රජ කැමති කෙනෙකුට තම දියණිය ගැනීමට ඉඩහරිමින් ඇය නැවක නංවා ගංගා නම් ගඟෙහි පා කර හැරියේය.
උපතිස්ස ගමට පැමිණි නැව පිළිබද තොරතරු සොයාගත් ඇමතිවරු පණ්ඩුවාසදේව කුමාරයා රාජ්‍යයෙහි අභිෂේක කළ අතර භද්දකච්චායනා කුමරිය රජුගේම හේෂිකා බැව්හි අභිෂේක කළහ.
Since King Vijaya did not beget a son, during his last year of rule an invitation was made to his brother Prince Sumith to hand over the rule of Lanka.As the latter was in his old age ,he sent Panduvasdev, the younger out of his two sons, to take over the rule of Lanka.
Panduvasdev though was set up as the ruler of Lanka, could not be crowned as king because he had no wife. At this time in India, seven princes were competing to win the hand of Princess Bhaddakachchayana, the daughter of King Pandusakya. Fearing this competition the father King boarded her into a ship and floated her down the Ganges river, allowing any one who desires to take her.
The ship landed in the Upatissagama and the ministers having obtained the details of it, they crowned Panduvasdev as king along with Princess Bhaddakachchayana as his Queen consort.