වළගම්බා රජු වතගතව සිටින කාලයේදී වරක් තණසීව නම් ගම් දෙටුවකුගේ ආරක්ෂාව යටතේ සිටියේය. දිනක් තණසීවගේ බිරිඳ රජ බිසව ද සම`ග අසල කන්දකට යද්දී දෙදෙනා අතර ඇති වූ අමනාපයෙන් ගම්දෙටුවාගේ බිරිඳ බිසව රැුගෙන ගිය කූඩයට පයින් ගැසුවාය. බිසව අඩ අඩා රජු වෙත ගිය අතර තණසීවගේ බිරිඳ විසින් කියූ විස්තරයට තණසීව කුපිත වී දුන්න ගෙන පිටත් වුයේය. ඔහු ඒමට පෙර රජු බිසව ද කුමරුන් දෙදෙනා ද ගෙන එතැනින් වහා පිට විය. නමුත් වැඩිමහල් කුමරු ඉදිරියට එන ගම්දෙටුවා දැක විද්දේය. මින් හටගත් වියවුල සංසි`දී ගියේ සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් පසුවය.
එම කලබලය අතරේම රජතුමා ‘‘මම වළගම්බා රජ වෙමි’’ ය කියා තමා පිළිබඳ රහස අනාවරණය කර යුද හමුදාවක් රැුස් කළේය. ‘‘බුදු සසුනට අනුග්‍රහයක් කළ හැක්කේ රජතුමා සමග එක් වීමෙන්ද, දෙමළුන් සමග එක්වීමෙන් දැ’’ යි භික්ෂූන් වහන්සේලා ඇසූ ප්‍රශ්නයට ‘‘රජතුමා සම`ගයැයි’’ වැසියන් දුන් පිළිතුරෙන් පසු රජුට වැසියන්ගේත්, භික්ෂූන් වහන්සේලාගේත් සහාය ඇතිව බල සේනාවක් ගොඩ නගා ගැනීමට හැකි විය. බලසෙනග සමග අනුරාධපුරයට ගොස් දාඨිය නම් දෙමළා මරා රාජ්‍යය ගැනීමට රජුට හැක විය.
During king Valagamba’s exile in the forest, he was once under the protection of a village chieftain named Thanaseeva. One day, whence over some displeasure which arose between Thanaseeva’s wife and the queen who were on their way to a nearby hillock, the chieftain’s wife kicked the basket carried by the queen. While the queen returned to the king weeping, Thanaseeva on hearing what the wife related got enraged and set off with his bow. Before Thanaseeva could arrive, the king quickly left the place taking away the queen and the two princes, the elder prince seeing the chieftain arriving shot at him with his bow. The squabble which had thus arisen came to be settled after the Bhikshus mediated in the matter.
Amidst this commotion the King having divulged his secrecy declaring himself “I am king Valagamba”, thenceforth began to gather an army of worriers. Consequent to a question put to the people by the Bhikshus “is it by joining the Damilas or the King that you could lend patronage to the Buddha Sasana”, and the reply given “It is with the king”, that it became possible to build up an army with the support of the people and the Bhikshus. The king was successful in securing the kingdom after proceeding with the army to Anuradhapura and slaying the Damila named Dhatiya.