වළගම්බා රජතුමා පළමු වර පස් මසක් ද දෙවැනි වර දෙළොස් අවුරුද්දක් ද රාජ්‍යය කළේය.බලයට පත්වන වළගම්බා රජු සෝමා දේවියගේ වීරත්වය ඇගයීමට එතුමිය සතුරා ඉදිරියේ රථයෙන් බසින ලද ස්ථානයෙහි සෝමාරාමය නමින් විහාරයක් කරවන ලද අතර ඇය බිසව තනතුරෙහි ද තබන ලදී.රජු පලායන අවස්ථාවේ රජුට ද්‍රෝහී වූ ගිරි නම් නිඝණ්ඨයා විසූ තැන අභයගිරිය කරවීය. රජ වනගතව සිටිද්දී ආරක්ෂාව සැලසූ මහාතිස්ස තෙරුන්ට අභයගිරි විහාරය පූජා කරන ලදී.නමුත් මිහි`දු මහ හිමියන්ගෙන් ලක්දිව ආරම්භ වූ භික්ෂු පරම්පරාව දෙකඩ වන්නේ කිසියම් චෝදනාවක් මත මහාතිස්ස තෙරුන් වහන්සේ මහා විහාරයෙන් අභයගිරි විහාරයට වැඩම කිරීමත් සමගය.
King Valagamba ruled the country, at first for a period of five months and secondly for a period of twelve years. King Valagamba on assuming power commemorated the bravery of Somadevi by constructing at the place where she got off the vehicle and faced the enemy, a temple named Somaramaya, and also elevating her status posthumously to the rank of the queen. At the place where Giri, the Nighanta who insulted the king, the Abhayagiriya temple was built and offered to Thero Mahatissa who provided security when the king was once exiled in the forest. It was with the settling of Mahatissa Thero, shifting him from the Mahaviharaya over a certain allegation that the Bhikku generation originated in Lanka by Mahinda Maha Thera gets bifurcated.