අනුලා කෙරෙහි බිය වී නුවරින් පලා ගොස් පැවිදිව සිටි මකලන් තිස්ස කුමරු සුදුසු කාලය පැමිණි කල්හි සිවුරු හැර පැමිණ දුෂ්ඨ අනුලා දේවිය මරවා රාජ්‍යය ලබා ගත්තේය.වෙහෙර විහාර, වැව් අමුණු, ඇළ මාර්ග, උයන් ආදිය තැනූ මකලන් තිස්ස රජ වසර විසිදෙකක් රාජ්‍යය කළේය.
ඉන් පසු රජයට පත්වන්නේ මකලන් තිස්ස රජු පුත් භාතිකාභය රජුයි. හෙතෙම රුවන් වැලි සෑයට අසීමිත පුද පූජා පවත්වා ඇත. පරසතුරු උවදුරකින් තොරව වසර විසිඅටක් පමණ භාතිකාභය රජුට ධාර්මිකව රාජ්‍යය කරගෙන යාමට හැකි වූ බව මහාවංශ සටහන් වලින් පෙනේ.
Prince Makalan Tissa who had fled the city and taken to the robes for fear of Anula disrobed himself at an opportune time and having returned, got wicked Anula slained and became the king. He ruled for a period of twenty two years during which time he built many viharas, dagabas,tanks,bunds, canals and laid out gardens.
Subsequent to him, it is his son Bhathikhabhaya who becomes the king. He has made limitless venerations and offerings to the Ruvanveli Seya. It is to be noted in the Mahavamsa that he was able to continue his kingship justly for a period of about twenty eight years without any threats of enemy attack.