භාතිකාභය රජුගෙන් පසු ඔහුගේ සහෝදර මහදැළියාමානා (මහා දාඨික මහානාග) රජ වී දොළොස් වසක් අනුරාධපුරයේ රාජ්‍යය කළේය. හෙතෙම රුවන් වැලි සෑයට නොයෙක් පුද පූජා පැවැත්වූයේය.
ත්‍ම් රජතුමා සංඝයා වහන්සේලා කෙරෙහි කොතරම් භක්තිමත් වූයේ ද කියතොත් සංඝයා වලකද්දීම තමාත්, බිසවත්, කුමරුන් දෙදෙනාත්, මංගල හස්තියාත්, මංගල අශ්වයාත් සංඝයාට පූජා කළේය. පසුව ලක්ෂ ගණන් වටිනා පූජා භාණ්ඩ පූජා කරමින් තමාත් අනෙකුත් සිය`ඵදෙනාත් නිදහස් කර ගත්තේය.
On the demise of king bhathikhabhaya, his brother Mahdeliyamana (Maha Dhatika Mahananga) ascended the throne and ruled from Anuradhapura for a period of twelve years. He made various offerings to the Ruvanveliseya. His devotion towards the maha sanga was magnanimous to such an extent that he not heeding even the objections of the maha sangha, made an offering of himself, the queen, the two princes, the royal elephant and the horse in dedication to the sangha. Later on, he redeemed himself and all others by making offerings instead in kind, worth lakhs.