ගජබා රජුගේ ඇවෑමෙන් ඔහුගේ බිසවගේ පියා මහඵනා රජු හය අවුරුද්දක් රජ කළේය. ඔහුගේ ඇවෑමෙන් පුත් භාතිය තිස්ස රාජ්‍යයෙහි අභිෂේක ලැබීය. බුදු සසුන කෙරෙහි භක්තිමත් වූ මොහු මහා විහාරය වටා මහා ප්රාකාරයක් කරවීය. භාතියතිස්ස රජුගෙන් පසු චූලනාග, කුඞ්ඩනාග, සිරිනාග, වෝහාරතිස්ස යන රජවරු පිළිවෙළට රජ වූහ. මේ කාලයේ අභයගිරි විහාරය, මහාවිහාරය යනුවෙන් බුදු දහම මුල් කර ගත් විහාර දෙකක් විය. වළගම්බා රජු කල මෙම විහාර දෙකෙහි ඇති වූ ආගමික වෙනස්කම වෝහාරතිස්ස රජුගේ කාලයේදී උග්‍ර විය. රජු කපිල ඇමතිවරයා සම`ග එකතු වී වෛතුල්‍යවාදය මර්දනය කර ලක්දිව බුදු සසුන ආරක්ෂා කළ බව මහාවංශයෙහි ස`දහන් වේ. වෛතුල්යවදය යනු ඉන්දියාවේ අශෝක රජු කල බුදු දහම වැනසීමට මහණ වෙස් ගත් වෛතුල්‍ය බමුණකු විසින් ඇති කරන ලද්දකි. මහා වංශය මහායාන ධර්මය හ`දුන්වන්නේ වෛතුල්‍යවාදය නමිනි.මහා වංශය මහා විහාරයට සමිබන්ධ භික්ෂූන් විසින් ලියූ බැවින් අභයගිරි විහාරය ගැන මහා වංශයේ ස`දහන් විවේචන මැදිහත්ව සැලකීම වඩාත් උචිතය.