විජය කුමරු ලක්දිවට පැමිණෙන විට මෙහි සිටියේ යක්ෂ ගෝත්රයට අයත් ජන කොටසකි. කුවේණිය විජයට මුණගැසෙන පළමු ස්ත්රියයි. කුවේණිය සමග මිත්රවන විජය ඇයගේ උදව් ඇතිව ලක්දිව බලය ලබා ගනියි.
විජය කුමරු කුවේණිය සමග වාසය කරමින් තම්බපණ්ණී නගරය ඉදි කළේය. අනුරාධ සහ උපතිස්ස යන විජයගේ ඇමතිවරුන් මල්වතු ඔය ඉවුරේ අනුරාධගාම සහ උපතිස්සගාම යන ජනාවාස ගොඩනැගූ අතර අනෙක් මැති ඇමතිවරුන් මල්වතු හා කලා ඔය අවට ජනාවාස ගොඩ නගන ලදී.
ගොවිතැන ප්රධාන ජීවනෝපාය මාර්ගය කර ගත් විජය ඇතුලූ පිරිස ක්රමයෙන් ගංගා ඔස්සේ රට තුළට සංක්රමණය කළහ.
At the time Prince Vijaya arrived in Lanka, its inhabitants belonged to a tribe known as the Yakshas. The first woman whom Vijaya meets is Kuveni. Vijaya who befriends Kuveni, holds sway over Lanka with her assistance.
Prince Vijaya living with Kuveni built up the city of Thambapanni. While Vijaya’s ministers Anuradha and Upatissa , set up the Anuradhagama and Upatissagama settlements respectively on the banks of the Malvatu Oya, the other ministers established settlements around Malvatu and Kala Oya.
Vijaya and his followers who set up agriculture as the main source of livelihood graduallybegan to infiltrate into the interior of the country through its river valleys