අභයගිරි විහාරවාසී භික්ෂූහු ඉන්දියාවෙන් මහායාන ආගමික ක්රම අනුගමනය කළ බැවින් ධර්මරුචි නිකාය නමින් ද හැඳින්විය.අභයගිරි නිකාය නිසා ලක්දිව පැවති පිරිසිදු බුදු දහමට හානියක් වේයැයි සිතූ මහා විහාරවාසී භික්ෂූන් වහන්සේලා එතෙක් තම කටපාඩමින් රැගෙන ආ ත්රිපිටක ධර්මය පොත්වල ලියා මාතලේ අළුවිහාරයේදී ග්රන්ථාරූඩ කිරීමට කටයුතු සංවිධානය කළ සේක.ත්රිපිටකය ග්රන්ථාරූඩ කිරීම වළගම්බා රජු දවස සිදු වූ විශාල ශාසනික සේවයක් ලෙස සැලකේ.
Since the resident Bhikshus of Abhayagiri followed the Indian religious traditions of Mahayana, they were also identified as being of the Dhammaruchi Nikaya (sect).The resident Bhikshus of Mahaviharaya sensing the harm that may be caused to the pure Theravada Buddhism, made arrangements at the Aluviharaya of Matale, to manuscript the Tripitaka dhamma hitherto handed down through the oral tradition. It is considered as one of the great services rendered to the Sasana during the days of king Valagamba.