වළගම්බා රජුගෙන් පසු ඔහු පුත් මහා චූලතිස්ස (මහසිඑ මහතිස් රජ) දහහතර වසරක් රාජ්‍යය කළේය. තම දහඩිය මහන්සියෙන් උපයා ගත් ධනයෙන් දෙනු ලබන දානය මහත් පින් දෙන බව ඇසූ රජු වෙස්වලාගෙන පිටිසර ගමකට ගොස් ගොයම් කපා ලැබුණු කුලියෙන් මහාසුම්ම තෙරුන්වහන්සේට පිණ්ඩපාතය දුන්නේය. වරෙක උක් මිරිකන යන්ත්‍රයක වැඩ කර කුලිය වෙනුවට ලැබුණු උක් හකුරු ගෙන්වාගෙන නුවරට ගොස් භික්ෂු සංඝයාට දන් දුන්නේය. එසේම භික්ෂූන් තිස්දහසකටත් මෙහෙණින් දොළොස්දහසකටත් වස්ත්‍ර දන් දුන් බවට ද මහා වංශයෙහි සඳහන් වේ.
On the demise of king Valagamba, his son Maha Chulatissa (king Mahasilu Mahatis) ruled for fourteen years. He, having heard that offering alms using one’s own earnings would acquire great merit, went in disguise to a rustic village, laboured himself as a paddy reaper and out of the wages received, offered alms to Mahasumma thera. On one occasion having worked at a sugar cane crushing machine, instead of the wages he called for cane sugar jaggery, and went into the city to offer alms to the Bhikkhu sangha. It is of record in the Mahavamsa that likewise he offered robes to thirty thousand bhikkhus and twelve thousand nuns.