සිරිසඟබෝ රජුගේ කාලයේදී එනම් කි‍්‍ර.ව.250ට ආසන්න කාලයේදී ලක්දිව මහා නියගයක් ඇති විය. ඉන් රටවැසියා මහත් පීඩාවට පත්වූහ.තමාගේ ධාර්මික බව සැබෑනම් ඒ බලයෙන් වැසි වසින තුරු නොනැගිටිමි’යි සිතාගෙන රජතුමා රුවන් වැලි සෑ මඵවෙහි වාඩි විය. ටික වේලාවකින් අහස අන්ධකාර වී ගිගුරුම් සහිත වැසි කඩා හැලෙන්නට විය. මහා වැස්සේ තෙමෙන රජු ඉවතට ගෙන යාමට ඇමතිවරුන් සූදානම් වුවත් තමා වැසි ජලයේ පාවෙන තුරු නොනැගිටින බව රජුගේ අධිෂ්ඨානය බව ඇමතිවරුන්ට පැහැදිලි විය. සෑ මඵවේ ජලය බසිනා කපොඵ වසා මඵව වැසි ජලයෙන් පිරවීමට ඇමතිවරු කටයුතු කළහ. වැසි ජලයෙහි පාවීමට පටන් ගත් රජතුමා නැගී සිටියේය.