පළමු සේන රජුගේ කාලයේදී ඉන්දියාවේ පඩි රටින් රජකු ලක්දිව කොල්ල කෑමට ආවේය. මහා යුද්ධ සේනාවක් රැුගෙන පැමිණී එම කොල්ලකරු පලවා හැරීමට සේන රජු හමුදාවක් යැවුවත් සුදුසු සෙන්පතියෙකු සිටියේ නැහැ. සතුරන් අනුරාධපුරයට ලං වුණා. සේන රජු අනුරාධපුරය අත්හැර ගියා. ඇතකු පිට නැගි සටන් බිමට ගිය මිහිඳු නම් කුමරෙකු සතුරන් අතින් මිය යනවාට වඩා සිය දිවි හානිකර ගැනිම සුදුසු යැයි සිතා දිවි නසා ගත්තා. ඔහුගේ පිරිසි ද ඒ අනුව ක්‍රියා කලා.
මේ සියල්ල දුටු කාශ්‍යප නම් සිංහල කුමරෙකු සතුරා මැදට පැන අශ්ව වල්ලක් මෙන් පෙනෙන සේ තම අශ්වයා හසුරුවමින් තනිව සටන් කලා. නමුත් කුමරාගේ උදව්වට කිසිවෙකු පැමිණියේ නැත. සතුරා අතින් මිය යනවාට වඩා ජිවත් විම ඉදිිරියට ප්‍රයොජනවත් යැයි සිතු කුමරා සතුරාට පහර දෙමින්ම එතැනින් පලා ගියා.
During the regime of King Sena – 1, a King from India came with troops to loot the country. King Sena sent out a large Army to battle with the enemy but there was no suitable General to guide the soldiers and therefore the enemy was able to reach Anuradhapura. King Sena left Anuradhapura. Prince Mihindu who went to battle on elephant back thought suicide is better than dying at enemy’s hand, killed himself. His troops followed same. Prince Kashyapa who saw all this sprang at the enemy. He guided his horse with great speed to appear as a circle of horses and fought the enemy all alone. None came to his help. Believing that living is useful for the future than to die at the enemy’s hand, Prince Kashyapa fled from battle fighting.

ඉන්පසු රජකමට පත් වන්නේ මිහිඳු රජුගේ සොහොදරයකු වු අටවන අග්බෝ රජුයි. තම මවට සියළු සත්කාර කල ඔහු සේවකයින්ට ද ඉතා කරුණාවන්ත විය.
ඉන්පසු රජකමට පවත්වන පළමුවන උදය රජතුමා වෙහෙර විහාර අලූත් වැඩියා කිරිමට, සංඝයා වහන්සේලාට සැලකීම මුලික කරගත් අතර ගිලණුන්ගේ සුභ සිද්ධිය උදේසා ද කටයුතු කල අයෙකි.
සතුරන් මර්දනය කර රට සාමයෙන් තබාගත් දෙවන මිහිඳු රජු වෙහෙර විහාර අලූත් වැඩියා කිරිමට, භික්ෂුන් වහන්සේලාට උවමනා දේ සැපයීමට සහ රට වැසියාට හොඳින් සංග්‍රහ කිරිමට අමතක කලේ නැහැ.
දෙවන මිහිඳු රජුට දප්පුල ගෙන් නිතර කරදර සිදුවුණා. මේ නිසා රජුය දප්පුල සමග සටන් කිහිපයක් කිරිමට සිදු විය. සෑම සටනකින්ම පලා ගිය දප්පුල නැවත සේනා රැස් කර සටනට පැමිණියා. මේ නිසා රටටත් රට වැසියාටත් විශාල හානි සිදු විය.
සෙන්පති මිහිඳු ලක්දිව දෙවන මිහිඳු නමින්ද හැදින්වෙනවා. මොහුගෙන් රාජ්‍යය උදුරා ගැනීමට රටේ අධිපතියන් සමහරකු උත්සාහ කර ඇත. දප්පුල ඉන් ප්‍රධාන තැනක් ගනී. ඔහු සමග සෙන්පති මිහිඳුට කිහිපවාරයක් සටන් කිරීමට සිදු වූ බව සදහන් වේ. මුල්ම සටනින් ජය ගත් රජු ආපසු නගරයට පැමිණ භික්ෂූන්වහන්සේලාට ද රටවැසියන්ට ද නොයෙකුත් සංග්‍රහ කර ඇත. එපමණක් නොව තිරිසන් සතුන්ට ද සංග්‍රහ කළ බව ඉතිහාස පුවත් වලින් එළිවෙයි.
හත්වන අග්බෝ රජුගේ මරණින් පසු රජකම හිස් ව පවතින බව දැනගත් ලක්දිව උතුරේ අධිපතියන් අය බදු ගෙවීම නතර කළා. මෙය දැනගත් සෙන්පති මිහිඳු වහාම සේනා රැගෙන ගොස් ඔවුන් යටත් කර ගත්තා. තම කුඩම්මා වූ මියගිය රජුගේ බිසොව හමු වී තමා රට ආරක්ෂා කර දෙන බවටත් ඇයට රාජ්‍ය භාරගන්නා ලෙසටත් දැනුම් දුන්නා. නමුත් ඇයට වුවමනා වූයේ සෙන්පති මිහිඳු මරවා තමාට වුවමනා පරිදි කටයුතු කිරීමටයි. මෙය දැනගත් සෙන්පති මිහිඳු කුඩම්මා ඇදක සිරකර තබා රට පාලනය තමා අතට ගත්තා.
හයවන අග්බෝ රජුගේ මරණින් පසු හත්වන අග්බෝ නමින් රජකමට පත්වන්නේ යුව රජු වී සිටි අග්බෝ කුමාරයායි. මොහු පොළොන්නරුවෙහි වාසය කළ බව සදහන්ය. නොයෙකුත් ආගමික කටයුතු වල නියලුණු මොහු බොරු නඩු ගෙනෙන්නන්ට තදින් දඩුවම් කළ අයෙකි. ඔහු මිය යන විට ඔහුගේ පුත්‍රයාද මියගොස් සිටි බැවින් රජකම හිස් විය. නමුත් රට ආරක්ෂා කර ගැනීම යුතුකමක් බව සිතූ හයවන අග්බෝ රජු පුත් සෙන්පති මිහිඳු රජකම භාරගත්තා.
රජකමට පත් වූ අග්‍රබෝධි කුමාරයා හයවන අග්බෝ සෙලමෙවන් නමින් රජ වුණා. තමාට රජකම භාරදුන් කුමාරයාට යුවරජකම පැවරුවා. මේ දෙදෙනා සාමයෙන් රජකම් කිරීම දාමරිකයන්ට පහරක් වුණා. රජු කෙටවීමට කේලාම් පැතිරුවා. අවසානයේ රජුත් යුව රජුත් අතර ඇති වූ යුද්ධයෙන් යුව රජු පැරදුණා. පැරදී පලායන සහෝදර කුමරු ගැන රජුට දුකක් ඇති වුණා. ”අනේ මං මේ පරදවා පළවා හැරියේ අතේ තිබූ රජකම මට පැවරූ මගේම සහෝදරයා නේද?” කියා රජු මහජනයා ඉදිරියේම දුක් වුණා. අවසානයේ දෙදෙනා නැවතත් මිතුරු වී පෙර සේ සාමයෙන් කටයුතු කළා.
අග්බෝ රජුගේ ඇවෑමෙන් ඔහුගේ සහෝදර කාශ්‍යප කුමරු රජ විය. ඉතා ධාර්මික ලෙසින් තම පාලන කටයුතු කළ ඔහු සත්ව ඝාතනය නොකරන ලෙස මාඝාතය පැනවීය.ඉන් පසු රාජ්‍යයට පත් වන්නේ මිහිදු ඈපා රජුය. ඔහුට අග්‍රබෝධි නම ඇති පුතුන් දෙදෙනකු සිටියා. එක් කුමරකු රජුගේම පුතා වූ අතර අනිත් කුමාරයා තම සහෝදරයාගේ පුතා විය.