එළාර රජ ධර්මිෂ්ඨ පාලකයකු බව මහාවංශ කතාව පවසනවා. නමුත් ධර්මිෂ්ඨ පාලකයකු වූ එළාර රජුට විරුද්ධව රට වැසියා දුටුගැමුණු නායකත්වය පසු පස පෙළ ගැසුණේ ඇයි යන්න විමසීම වැදගත් වෙනවා.
එළාර රජු දැහැමි පාලනයක් ගෙන ගියත් රටේ සංවර්ධනයට හෝ බුද්ධාගමේ දියුණුවට කළ සේවය ප්‍රමාණවත් නැත. රජුගේ භාණ්ඩාගාරය සරු සාර වූ බවට සාධක නැත. රජුට බලගතු යෝධයන් සහිත බල සේනා සහ බලකොටු තිබූ බවට නම් තොරතුරු හමු වේ.
කාවන්තිස්ස රජුට දාව උපන් දුටුගැමුණු කුමරු තම ජීවිතය පරදුවට තබා එළාර සමඟ සටන් වදින්නේ එකල ලක්වැසියාට තම රට, ජාතිය, ආගම රැකීමට වීරෝධාර ස්වදේශීය නායකත්වයක් අනුරාධපුර රාජධානියට වුවමනා වූ නිසාමය.
The Mahawamsa speaks of king Elara as a just ruler. However, it is important to find out as to why the countrymen rallied round the leadership of Gemunu if Elara had been such a just ruler.
Even if king Elara had ruled the country justly, the service he rendered to the development of the country or for the advancement of Buddhism has been insufficient. There is no evidence to show that the royal coffers became bountiful. Evidence is of course available to show that he possessed armies comprising powerful giant worriers, and fortresses.
It is only because the Lankans at the time yearned for a patriotic local leadership to the Anuradhapura kingdom to save the country, the nation and the religion, that prince Dutugemunu begotten to king Kavantissa, risks his life to wage war against Elara.

අනුරාධපුරයෙහි එළාර රජ කළ සමයෙහි රුහුණේ රජ කළේ කාවන්තිස්ස රජුය. මේ කාලයේ කැළණියේ තවත් රාජධානියක් විය. එහි තිස්ස නම් රජකු රජකම් කරන ලදී. තිස්ස නම් රජුගේ දියණිය, දේවී කුමරිය කාවන්තිස්ස රජහට මෙහෙසිය වූවාය.
සේන සහ ගුත්තික විසින් පැහැරගත් ලක් රජය ආපසු ලබා ගත්තේ අසේල කුමරා විසිනි. අසේල දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරෙකි. අසේල රජුගේ රාජ්‍යය කාලය දස අවුරුද්දක් පමණ විය.මේ අතර සොළී රටින් බල සෙනඟක් රැගෙන ආ එළාර අසේල රජුගෙන් රාජයය පැහැර ගත්තේය. මෙය සිදුවන්නේ ක්‍රිස්තු පූර්ව 205 දී පමණය.
බුදු දහමින් පෝෂණය වෙමින් සිංහලයා උසස් ජාතියක් බවට පත්වෙද්දී දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් ලංකා රාජ්‍යය පැහැර ගන්නා ලදී. මෙය සිදු වන්නේ සූරතිස්ස රජුගේ කාලයේදීය. අසුන් වෙළඳාම සඳහා ලක්දිවට පැමිණි සේන සහ ගුත්තික යන දෙදෙනා රජ වාසල තුළ තිබූ සාමකාමී නිදහස් වාතාවරණයෙන් ප්‍රයෝජන ගෙන රාජ්‍යය පැහැර ගත්තෝය.
අනුලා බිසව ඇතුඵ ලක්දිව කාන්තාවන්ගේ ඉල්ලීම පරිදි මෙහෙණි සස්න පිහිටුවීමට සංඝමිත්තා මෙහෙණිය ලංකාවට වැඩි සේක. සංඝමිත්තා මෙහෙණිය මිහිඳු මා හිමියන්ගේ සහෝදරියයි. බෞද්ධයන්ගේ ඉතා පූජනීය වස්තුවක් වූ ශ්‍රී මහා බෝධිය ලක්දිවට ගෙන ආවේ සඟමිත් මෙහෙණිය විසිනි.ඉතා උත්සවාකාරයෙන් එදා අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි රෝපණය කරන ලද මෙම ශ්‍රී මහා බෝධිය ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙස සැලකේ.Theri Sanghamitta who arrived in Lanka at the request of Lankan women including queen Anula at that time, established the Meheni Sasna (the Bhikkshuni order). Theri Sangamitta was the sister of the great monk Mahinda. It was Theri Sanghamitta who brought along with her the Bo- sapling to Lanka which is highly venerated as the Sri Maha Bodhi by Buddhists. The Sri Maha Bodhi which was planted ceremoniously at the Mahamevuna Uyana in Anuradhapura is considered as the oldest living tree of record in the whole world.
මහා වංශ කතාවේ සදහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජු බුද්ධාගමේ දියුණුව පිණිස මහා විහාරය, ථූපාරාමය, ඉසුරුමුණිය, වැනි බොහෝ වටිනා ස්ථාන නිර්මාණයේ දී පුරෝගාමියා වූ බවයි. තවද මෙම රජු සමයේ ඉන්දියාවේ තම්රලිප්ත වරාය ලංකාවේ දඹකොළ හා මාතොට යන වරායන් අතර තිබූ සම්බන්ධතා තුළින් පෙනී යන්නේ ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික සබදකම් මෙන්ම වෙළද සබඳකම් ද පැවති බවයි.
දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍යය රජරටට පමණක් සීමා වුණේ නැහැ. උතුර,දකුණ,සහ කදුකරය යන ප්‍රදේශ එකතු වී විශාල රාජ්‍යයක් රජු යටතේ පැවති අතර එකල රටේ ඒකීය පාලන ක්‍රමයක් ආරම්භ වූ බව පෙනී යනවා.
අශෝක රජතුමාට දාව දේවී කුමරිය මහින්ද සංඝමිත්තා නමින් පුතකු සහ දියණියක වැදුවාය. පසුව දරු දෙදෙනා බුදු සසුනට පූජා කෙරුණි.
මුටසීව රජුට පුතුන් දස දෙනෙක් හා දුවරු දෙදෙනෙක් ද වූහ. දේවානම්පියතිස්ස නමින් ප්‍රසිද්ධ දෙවන පුත්‍රයා ඉතා නැණවත් පින්වත් කුමරකු විය.