පණ්ඞුකාභය රජුට දාව ස්වර්ණපාලී මෙහෙසිය කුසින් උපන් මුටසීව නම් කුමරු පණ්ඞුකාභය රජුගේ ඇවෑමෙන් පසු රජකමට පත් වේ.
මහාවංශයෙහි මෙසේ සටහන් වුවත් රාජාවලිය නමැති ග්‍රන්ථයේ සදහන් වන ආකාරයට පණ්ඞුකාභය රජුට අනතුරුව රාජ්‍යය භාරගන්නේ ඔහුගේ පුත් ගණතිස්ස කුමරුය. පුත් මුටසීව රාජ්‍යයට පැමිණෙන්නේ ඊට වසර දහතුනකට පසුවය.
අනුරාධපුරයේ මහමෙව්නා උයන කරවන ලද්දේ මුටසීව රජු විසිනි. එම උයන සදහා භූමිය වෙන් කරන දිනයේ අකල් මහා වැස්සක් ඇති වූ නිසා මහාමේඝවන හෙවත් මහමෙව්නා යන නාමය යෙදුණි.
මුටසීව රජතුමා යුද්ධ කෝලාහල කිසිවක් නැතිව අනුරාධපුරයෙහි වසර හැටක් පමණ රාජ්‍යය කළේය
Mutasiva.the son of King pandukhabhaya, born to Queen Swarnapalee, becomes the king on the death of king Pandukhabhaya.
Even though the Mahavamsa states so, according to the book known as the Rajavaliya it is Prince Ganatissa, son of Pandukha who succeeds to the throne and Mutasiva ascends the throne, thirteen years afterwards

භද්දකච්චායනා බිසවට හා පඞුවස්දෙව් රජුට දාව පුතුන් දසදෙනෙකු සහ දියණියක මෙළොවට බිහිවිය. වැඩිමහල් පුතු අභය වූ අතර බාලම දියණිය චිත්‍රා විය. අනාගතයෙ රාජ්‍යය නිසා චිත්‍රා කුමරියගේ පුතරයකු මාමාවරු මරාදමන බවට ශාස්ත්රධාරී බරාහ්මණයින් කළ ප්‍රකාශයක් නිසා එසේ වීම වැළැක්වීමට අභය කුමරු හැකි සියලූ ක්‍රියාමාර්ග අනුගමනය කළේය.
විජය රජු අපුත්‍රක වූ නිසා ඔහුගේ අන්තිම රාජ්‍ය වර්ෂයෙහි ලංකා රාජ්‍ය පැවරීමට සහෝදර සුමිත්‍ර කුමරුන්ට ආරාධනාවක් කෙරුණි. මේවනවිට සිංහපුරයේ රජකම් කළේ සුමිත්‍ර කුමරුය. තමා මහළු වියේ පසුවන හෙයින් තම පුතණුවන් දෙදෙනාගෙන් බාල පුත්, පඩුවස්දෙව් ලංකා රාජ්‍ය භාරගැනීමට එවනු ලැබීය.
විවිධ ජනපද පිහිටුවා ගත් විජය කුමරුගේ ඇමතිවරුන් රාජ්‍යාභිෂේකය කරන ලෙස විජය කුමරුට බල කළත් ක්ෂත්රිය කන්‍යාවක් නොමැතිව අභිෂේකය කිරීමට විජය කුමරු අකමැති වූයේය. විජය කුමරුට මෙහෙසියක ගෙන ඒමට ඉන්දියාවේ පාණ්ඩ්‍යය දේශයට දුතයන් යවන ලදී. ඒ අනුව විජය කුමරුන්ට මදු රජගේ දියණියත් අනෙකුත් ඇමතිවරුන් සදහා තවත් කාන්තාවන් සමග නොයෙකුත් කර්මාන්තකරුවන් හා ශිල්පීන් රාශියක් ලක්දිවට ගොඩබසින ලදී.
විජය කුමරු ලක්දිවට පැමිණෙන විට මෙහි සිටියේ යක්ෂ ගෝත්‍රයට අයත් ජන කොටසකි. කුවේණිය විජයට මුණගැසෙන පළමු ස්ත්‍රියයි. කුවේණිය සමග මිත්‍රවන විජය ඇයගේ උදව් ඇතිව ලක්දිව බලය ලබා ගනියි.
විජය කුමරු ඇතුලු ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව ලක්දිව ජනාවාස ඇති විය. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ සිදු වීම් මහා වංශයෙහි විස්තර කෙරෙනුයේ කෙසේදැයි අපි දැන් විමසා බලමු. විජයගේ මව සිංහසීවලී වු අතර පියා සිංහබාහු නම් වේ. සිංහබාහු රජ කළේ උතුරු ඉන්දියාවේ ලාට රටෙහිය.
ඉතිහාසය ඕනෑම කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට ප්‍රබල සාධකයක් වේ. රටක ඉතිහාසය ගවේශනය කිරීමෙන් ද එම රටේ දියුණුව, ආවේණික ගතිලක්ෂණ සහ රට මුහුණ පෑ අතීත අත්දැකීම් අවබෝධ කර ගත හැක. රටක වර්තමානය සාර්ථක කර ගැනීමට නම් විශේෂයෙන්ම එරට ජනතාව රටේ ඉතිහාසයමැනවින් අධ්‍යයනය කර තිබිය යුතුය.