චෝරනාගගෙන් පසු රජකමට පත් වූයේ කුඩා තිස්ස රජුය. කුඩා තිස්ස රජු මහාචූල තිස්ස රජුගේ පුත්‍රයෙකි. මොහු තුන් අවුරුද්දක් රාජ්‍යය කළේය. කුඩා තිස්ස රජු විෂ ශරීරගත වී මරුමුවට පත්වන්නේ තම බිසව අනුලා දේවිය නිසාය. අශීලාචාර චරිතයක් ඇති අනුලා චෝරනාග රජුගේ ද බිසව වූවාය. චෝරනාග රජු මරුමුවට පත් වන්නේ ද අනුලා බිසව දුන් වස පානය කිරීමෙනි.
පාලනය කරගත නොහැකි හිතක් තිබූ අනුලා දේවිය සිවනම් දොරටුපාලයකු වසරක් පමණ රාජ්‍යය කරද්දී වටුක නම් දමිලයා කෙරෙහි සිත බැඳගත් අනුලා දේවිය වස දී සිව රජු මරා වටුක රජ කරවයි. වසරක් පමණ කාලය ගත වෙද්දී වටුක රජුට වස දී මරා දරකැටියා රජකරවන අනුලා දේවිය ඉන් නොනැවතී නීලිය නම් දමිළ බමුණකුට මාස හයකට රජකම ලබාදෙයි.
මේ කාලයේදී රටේ සිටි බුද්ධිමත් කුමාරවරු මහණවෙස් ගෙන වනගත වූවෝය. එකෙක් මරා එකෙකුට රජකම දී ඔහුට මෙහෙසිය වීමේ නොසංසිඳෙන ආශාව නිසා අනුලා දේවිය නීලිය රජු ද වස දී මරා තමාම රාජ්‍යයට පත් වූවාය. ලැජ්ජාවෙන් වුවද ලක්දිව මුල්ම රූජිණ බව ස`දහන් කිරීමට අපට සිදුවේ.
නමුත් ආඩම්බර විය හැකි අනුලා නාමයක් ද ලක් ඉතිහාසයේ ඇත. අනුලා රැජිණට අවුරුදු 250කට පමණ පෙර සගමිත් මෙහෙණියගේ උතුම් සේවයත්, ජය සිරිමහ බෝධියත් ලක් දිවට ලැබුණේ දෙවන පෑතිස් රජුගේ මෙහෙසිය වූ අනුලා දේවිය පැවිදි වීමට කළ බලවත් ඉල්ලීම නිසාය.
It was king KudaTissa who succeeded Choranaga. Kudatissa was a son of king Mahatissa. He ruled for three years. King kudatissa dies on being poisoned by his queen Anula devi. Anula possessed of bad character was also the queen to king Chora naga. Even king Choranaga met with his death by drinking poison given him by queen Anula. The uncontrolability of Anula devi was such that when a gate keeper named Siva was ruling the country, she fell for a damila named Vatuka whom she installed as the king by killing king Siva. As time passed by for about a year, she also administered poison to Vatuka killing him too. Not stopping at that she institutes a brahamin by the name of Neeliya to the throne for a period of six months.
During this time the intelligent princes in the country disguised themselves as monks and fled to the jungles. The insatiable craving to become the queen consort to a man of her attraction whom she set up as king by killing the other successively, made her to kill king Neeliya too poisoning him, and ultimately proclaimed herself as the ruling queen of the country. Even though embarrassing, it has to be stated here that she happens to be the first queen to rule the Isle of Lanka.But however,there is another name of an Anula of whom one could certainly be proud of. This was because two hundred and fifty years before this notorious queen,there was an Anula,the queen consort of king Devanampiyatissa who on her insistence to become a nun paved the way to the realization of the noble services of theri Sanghamitta and the import of the Jayasri Maha Bodhi to Lanka.