Lakdiva Puvatha

lp 70සිලාකාල පසුව අඹ හෙරණ සලමෙවන් නමින් ද ප‍්‍රසිද්ධ විය. තමාට ලැබුණු අඹ වගයක් භික්ෂූන් වහන්සේලාට බෙදා දී අනුභව කළ නිසා මෙම නම ලැබුණු බව කියවේ.

සිලාකාල රජු ලම්බකර්ණ වාංශිකයෙකි. මොහුගේ මෙහෙසිය වූයේ මුගලන් රජුගේ සහෝදරියයි.

සිලාකිල රජුට මුගලන්, දප්පුලා, උපතිස්ස නමින් පුත්තු තිදෙනකු වූහ. වැඩිමහල් කුමරුට ලක්දිව නැගෙනහිර කොටසත් දෙවෙනි කුමරාට මලය රටත් පැවරූ රජ උපතිස්ස කුමරා තමා ළගම තබා රාජ්‍යය විචාරීය. සිලාකාල රජු දහතුන් වසරක් රජ කළේය.

Silakala, later on came to be known as Amba Herana Salamevan. It is said that this was because he had partaken some mango fruits which he had received after distributing them to the venerable Sangha.

By clan, Silakala was a Lambakarna. His queen happened to be the sister of king Mugalan.

King Silakala begot three sons named Mugalan, Dappula and Upatissa. Whereas, the king allocated the authority over the eastern part of Lanka to his eldest son Mugalan, and the Malaya Rata to the second prince, he kept with him prince Upatissa while engaging himself in his royal duties. King Silakala ruled for a period of thirteen years

lp 69කුමාර ධාතුසේන රජුගේ අභාවයෙන් පසු ඔහු පුත් කීර්තිසේන රජු බලයට පත්වේ. ඉන් පසු සිවයා, උපතිස්ස යන රජවරු බලයට පත් වූ බව කියවේ. උපතිස්ස රජුගේ පුත් කාශ්‍යප ධර්මයෙන් කාලය ගෙවද්දී සිලාකාල නම් තැනැත්තෙක් බල ලෝභයෙන් සේනා රැුස් කරන්නට වූයේය. මුලදී ඇතකු පිට නැගී කාශ්‍යප කුමරු සිලාකාල මර්දනය කිීමට සමත් වූවත් අවසානයේ සිලාකාල ජය ලැබුවේය.

On the death of King Kumara Dhatusena, his son Kirthisena succeeds to the throne. After him it is said that king sivaya and Upatissa ascended the throne. While prince Kashyapa, son of king Upatissa was spending his time righteously, a person named Silakala craving for power started to gather forces. Even though at the beginning prince Kashyapa riding an elephant was capable of suppressing Silakala, at the end Silakala was victorious

lp 68දැහැමින් වසර දහඅටක් රජකම් කළ මුගලන් රජුගේ රාජ්‍ය කාලය තුළ බුදුන් වහන්සේගේ කේශ ධාතූන් දඹදිව සිට ලක්දිවට ගෙන එන ලදී.

ඉන් පසු රජකමට පත් වන්නේ මුගලන් රජුගේ පුත් කුමාරදාස කුමරුයි. මොහු කුමාර ධාතුසේන නමින් ද හැ`දින්වේ.

මේඝදූත කාව්‍යය නිර්මාණය කළ ඉන්දියානු මහා කවි කාලිදාසයන් මෙතුමාගේ කළ්‍යාණ මිතුරෙකි. කාලිදාසයන්ගේ අකල් මරණයෙන් කම්පාවට පත් රජු කාලිදාසගේ දැවෙන දර සෑයට පැන දිවි නසාගත් අතර එය දුටු ඔහුගේ බිසෝවරුන් පස්දෙනෙක් ද එම ගින්නට පැන දිවි නසා ගත් බව කියවේ. ඔවුන් සත්දෙනා දැවුණු තැන බෝ පැළ හතක් හට ගත් බවත් එබැවින් එතන හත්බෝධිවත්ත නමින් ප‍්‍රසිද්ධ වූ බවත් සදහන් වේ.

During the eighteen years of pious rule the sacred hair relics of Lord Buddha were brought to Lanka from Dambadiva.
Subsequently, it is prince Kumaradasa, son of king Mugalan, who becomes the king. He is also identified by the name of Kumara Dhatusena.
He was a very intimate friend of Kalidasa, the great Indian poet who composed the famous epic Meghaduta. On hearing the death of Kalidasa he was so grief stricken that he committed suicide by leaping into the burning pyre of Kalidasa. It is said that on seeing this tragedy, five queen consorts of king Kumaradasa too followed suit. At this place where seven persons got burnt, seven Bo saplings came to being, and hence the place came to be popularly known as Hathbodhiwatte.

lp 67මුගලන් කුමරු ලක්දිව රජකමට පත් වීමත් සමග මහා විහාරයෙහි භික්ෂූන් වහන්සේලා විසින් නව රජු ආදරයෙන් පිළිගන්නා ලදී. කාශ්‍යප රජුට පක්ෂපාතීව සිටි ඇමතිවරුනට මුගලන් රජුගෙන් මහත් පීඩා අත් විය. නමුත් පසුව භික්ෂූන්වහන්සේලා වෙතින් බණ අසා සන්සුන් වන රජු දැහැමි ක‍්‍රියාවල නියැලේ.

සහෝදරයාගේ විෂ්මය ජනක නිර්මාණය වූ සීගිරිය දැක ගැනීමට පවා අකමැති වූ මුගලන් රජු එය සංඝයාවහන්සේලාටම පවරන ලදී.

On prince Mugalan’s ascension to the throne of Lanka, the bhikshus of the Maha viharaya cordially welcomed the new king. The ministers who were loyal to king Kashyapa were subjected too much harassment in the hands of king Mugalan. But, later on after listening to the sermons of the Bhikshus, he calmed down and set forth to embark on pious activities.
King Mugalan who did not even wish to see Sigiriya, the marvelous creation of his brother, bestowed it to the Sangha.

lp 66සීගිරි කාශ්‍යප රජතුමා රජ වී අවුරුදු දහඅටක් ගත වන විට මුගලන් කුමරු සේනාවක් සම`ග ලක්දිවට ගොඩ බසී. මුගලන් කුමරු හා සටනට නොයන ලෙස කාශ්‍යප රජුට උපදෙස් ලැබුණත් රජු තම යුධ සෙන`ග රැගෙන සටනට යයි.

සටන් කරන අතරතුරදී කාශ්‍යප රජ ඉදිරියෙහි වූ මඩ වගුරක් දැක වෙනත් මගකින් ඉදිරියට යාම පිණිස ඇතු ආපස් හරවයි. කාශ්‍යප රජුගේ සේනාව එය තේරුම් ගත්තේ පැරදී ආපසු යාමට සූදානම් වූ ලෙසිනි. සේනාව රජු ද තනි කර දමා වහා ආපසු පලා ගියහ. කාශ්‍යප රජ මුගලන් කුමරුගේ සේනාව ඉදිරියේ අසරණ වූයේය. මුගලන් කුමරුගේ සේනාව ප‍්‍රීති ඝෝෂා පවත්වද් දී කාශ්‍යප රජ තම අසිපත ගෙන හිස සි`ද ගත් බව වංශකතා වල පැවසේ.

 

At the time king Sigiri Kashyapa was completing eighteen years of rule prince Mugalan landed in Lanka.Even though king Kashyapa had been advised not to fight with prince Mugalan, yet he takes his armies and goes to fight with him.

Whilst fighting, king Kashyapa noticing a puddle of mud, got his elephant to go backwards so that he could advance forward taking another route. Unfortunately, Kashyapa’s armies misunderstood the reversal of the elephant to be an act of the king to retreat, and as a result the worriers of the king forsook him and fled away. Thus, king Kashyapa became helpless in the face of prince Mugalan’s men. According to Vamsa katha lore, it is said that when Mugalan’s men were applauding victoriously, king Kashyapa tragically beheaded himself.

lp65අනුරාධපුර යුගයට අයත් සීගිරි සිතුවම් නිර්මාණය කිරීමේ අරමුණ පැහැදිළිව නොකියවේ. ලක්දිව පුරාවිද්‍යා කටයුතු ගැන උනන්දුවක් දැක්වූ බෙල් මහතා දරන මතය අනුව මෙම චිත‍්‍ර තුළින් එදා කාශ්‍යප රජුගේ මාළිගාවේ කුමරියන් සහ සේවිකාවන් පිදුරාගල විහාරයට ගිය සැටි නිරූපනය වේ.ආනන්ද කුමාරස්වාමි මහතා දරන මතය වන්නේ සීගිරි සිතුවම් දෙවඟනන් නිරූපනය කරන බවයි.පරණවිතාන මහතාගේ අදහස වන්නේ සීගිරි චිත‍්‍ර වලින් විදුලිය සහ වැසි වළාකුඵ පෙන්වන බවයි.

 

It is not clearly stated as to the motive behind the creation of the Sigiriya paintings. According to the view of Mr.Bell, an enthusiast of Lankan archaeology, these paintings reveal how the princesses and maids of the Kashyapan royal household set forth to the Piduragala temple. According Paranavitana, sigiriya grafitis depict lightning and rain clouds.

lp64සීගිරියට පලා ආ කාශ්‍යප රජු සීගිරිය වටා විශාල පවුරක් බැන්දේය. වසර ගණනාවක් තිස්සේ අව්, වැසි, සුළං ආදියට ගොදුරු වෙමින් තිබූ සීගිරි චිත‍්‍ර අද දක්වා ත් නොනැසී පවතින්නේ එදා සිංහල සිත්තරුන් භාවිතා කළ උසස් ශිල්පීය ක‍්‍රම නිසාය.ප්‍රෙස්කෝ බුවනෝ යනුවෙන් අද බටහිර චිත‍්‍ර ශිල්පීන් අනුගමනය කරන සිතුවම් කලාව එදා හෙළදිව සිත්තරුන් සීගිරි ගලෙහි තෙත බදාමය මත රූ රටා මැවීමේදී අනුගමනය කරන ලද්දකි.සීගිරි චිත‍්‍ර නිසා ලක්දිවට විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි.

King Kashyapa having fled to Sigiriya built a large fortress around Sigiriya. It is due to the advanced technology employed by Sinhala artists at the time that the Sigiriya paintings still exist without decay, braving the rigors of the sun, wind and rain. The fresco- buono technique adopted by modern artists of the occident is the same technique that was used then by the Lankan artists in their creations of art on wet plaster. The Island of Lanka has earned a lot of publicity due to the Sigiriya frescos.

lp63පියා මැරූ කාශ්‍යප රජකම අල්ලා ගත්තේය. කුමන මොහොතක මුගලන් කුමරු පැමිණ සටන් කරාවිදැයි සිතා ගැනීමට නොහැකි වූ කාශ්‍යප රජ තම ආරක්ෂාව පතා සීගිරි ගලට පැනගත්තේය.අනුරාධපුරයට දකුණු දෙසින් පිහිටි සීගිරිය රාජධානිය කරගනිමින් ක‍්‍රි.ව. 477 සිට 495 දක්වා කාශ්‍යප රජු රජ කළේය.

Kashyapa having murdered his father thus wrested the kingship. Being unable to guess at what moment Prince Mugalan would come to attack him, Kashyapa fled to the Sigiriya rock to ensure his safety. Having established Sigiriya, located south of Anuradhapura, as his kingdom, king Kashyapa ruled from 477 A.D. to 495 A.D.

lp62මෞර්ය වංශයට අයත් ධාතුසේන රජතුමා බලයට පත් වීමත් සමඟ දකුණු ඉන්දියානු ආක‍්‍රමිකයන් විසින් විනාශ කරන ලද ලක්දිව වෙහෙර විහාර ප‍්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කෙරුණි.ධාතුසේන රජුගේ පුතකු වූ කාශ්‍යප කුමරු විසින් රජු මැටි ගසා මරන ලදී.

On ascending the throne king Dhatusena, a Maurya clansman, commenced work on the restoration of the dagabos and temples destroyed by South Indian attackers. Prince Kashyapa, a son of king Dhatusena killed him by plastering mud on him.

lp61මහානාම රජුගෙන් පසු සොත්තිසේන, මිත‍්‍රසේන ඇතුඵ අටදෙනෙක් පමණ ලක්දිව රජකර ඇත. අවුරුදු විසිපහකට ආසන්න කාලය තුළ මොවුන්ගෙන් රටට සිදු වූ සේවයක් ගැන විශේෂයෙන් සඳහන් වන්නේ නැත.

ඉන් පසු රජකමට පත්වන්නේ ධාතුසේන කුමාරයාය. කුඩා කළ සාමනේර ජීවිතයක් ගත කළ මේ කුමරාට බොහෝ සතුරු කරදර විය. සතුරන්ගෙන් කුමරා ආරක්ෂා කරන ලද්දේ මහතෙර කෙනකුන් විසිනි.

දිනක් සතුරන්ගෙන් බේරී පලා යන මේ දෙදෙනාට අනුරාධපුර දකුණු දිග පිහිටි ගෝණ නදිය තරණය කිරීමට සිදුවිය. ගඟ ගලා මග ඇහිරී ඇති බව දුටු තෙරුන් වහන්සේ ”මේ නදිය අපගේ මග අවුරයි, එබැවින් ඔබ ද මතු රජ වී මේ නදියේ ගමන අවුරා වැවක් තැනීම කළ යුතුය” යනුවෙන් කී සේක.

පසු කලෙක ධාතුසේන රජු විසින් කලාවැව තනන ලද්දේ මේ නදියේ ජලය ඇහිරීමෙනි

After the reign of king Mahanama about eight persons including Soththisena,Mithrasena have ruled the country. No special mention is made in the chronicles of any services to the country during their reigns covering nearly twenty five years.

It is prince Dhatusena who becomes the next king. His childhood as a Samanera was wrought with oppression from enemies. He was protected from enemies by a certain Maha Thera.

The two of them once, escaping an enemy attack had to cross the Gona River located south of Anuradhapura. The Thera noticing the river in floods obstructing their way said, ‘This River obstructs our path Therefore, when you become king in the future you should bar it and construct a tank’.

It was king Dhatusena who thus built the Kala weva at a later date.

lp60උපතිස්ස රජුගෙන් පසු සහෝදර මහානාම කුමරු රජවේ. මේ යුගයේ හෙළ අටුවා පොත් පාලි භාෂාවට පෙරළීම සඳහා බුද්ධඝෝෂ හිමි ලක්දිවට වැඩම කළසේක.මහා විහාරීය භික්ෂූන්ගෙන් අවසරය ගත් බුද්ධඝෝෂ හිමි එවකට සිංහල භාෂාවෙන් පමණක් ලියවී තිබූ අටුවා පොත් පාලියට නගන ලදී. මින් පසු සිංහල උගතුන් පාලි භාෂාවට වැඩි උනන්දුවක් දැක්වූ අතර සිංහලෙන් පොත් ලිවීම නවතා පාලියෙන් පොත් ලිවීමට උනන්දු වූ බව පෙනේ. මෙය සිංහල භාෂාවේ දියුණුවට තර්ජනයක් විය. බුද්ධඝෝෂ (බුදුගොස්) හිමියන් පාලියට පෙරලූ පොත් “පාලි අට්ඨ කතා” යනුවෙන් හැදින්වේ.

On the demise of king Upatissa, his brother Mahanama succeeds as king. During his time Thera Buddhaghosa was brought down to Lanka, to get the Hela Atuva texts translated to Pali. Thera Buddhaghosa having obtained the permission of the Bhikshus of Maha Vihara embarked on the translation of the Atuva texts which at the time were written only in the Sinhala language. After this incident, Sinhala scholars took a greater interest in the Pali language, stopped the use of Sinhala and were more inclined to use Pali language to write texts. This invariably paused a threat to the development of the Sinhala language. The texts translated by Thera Buddhaghosa (Budugos) into the Pali language are identified as “Pali Attakatha”

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Get to know latest updates from CUP