Lakdiva Puvatha

lp50ගෝඨාභය රජු මේඝවර්ණාභය නමින්ද ප්‍රසිද්ධ විය. බුදු සසුනට මහඟු සේවයක් කළ මොහු මේඝවර්ණාභය නම් විහාරයක්ද කරවීය. දෙටුතිස් කුමරු (ජෙට්ඨතිස්ස) සහ මහසෙන් යනු රජුගේ පුතුන් දෙදෙනායි. පියාගෙන් පසු දස වසරක් රාජ්‍යය කරන දෙටුතිස් රජුගෙන් පසු රජකමට පත්වන්නේ මහසෙන් කුමාරයයි. අදටත් ‘මින්නේරිය දෙවියන්’ ලෙසින් ප්‍රසිද්ධ මහසෙන් රජ වැව් තැනවීම ගැන ප්‍රසිද්ධියක් උසුලයි.විජය රජුගේ පටන් මහසෙන් රජු දක්වා ලක්දිව රජ දරුවන් හා පුවත් සඳහන් වන මහා වංශය නැමැති අපේ ඉතිහාස කතාවේ මහාවංශය නමින් හඳුන්වන මුල් කොටස මහසෙන් රජුගෙන් අවසන් කර ඇත. මහසෙන් රජු දක්වා ඉතිහාසය ලියා අවසන් කළ යම් පඬිවරයකු තමා විසින් අවසන් කරන ලද කොටස අවසානයෙහි “මහා වංශය නිමි”ඳහන් කළා විය හැක. ඉන්පසු ජාතියේ ඉතිහාස කතාව ලියූ පඬිවරුද එම සටහන පිළිගෙන තමන් විසින් ලියන ලද කොටස් “චූල වංශය” නමින් නම් කර ඇත. 

King Gotabhaya was also known by the name of Meghawarnabhaya. He has rendered much service to the Buddha Sasana, and also constructed a Vihara named Meghawarnabhaya. Detutis (jettatissa) and Mahasen are the two sons of this king. It is king Detutis who succeeds the father and rules for a period of ten years. He is succeeded as king by prince Mahasen. King Mahasen popularly known as “Minneriya Deiyo” even today is well known for the construction of several irrigation tanks.

In the story of our history- the Mahavamsa, details of its first part dealing with the line of kings from Vijaya upto Mahasen are compiled in the chronicle known as the Mahavamsa which concludes with the reign of king Mahasen.It may be due to the fact that a pundit who wrote the history up to king Mahasen concluded the chronicle with the phrase " end of the Mahavamsaya.” 

Those who continued with the writing up of the remainder of our history whilst acknowledging this note, named their compilations them as “Chulavamsaya”

lp49සිරිසඟබෝ රජතුමාගේ හිස දන්දීම පිළිබද ජනකතාවල ඉතා රසවත් කතා පුවත් කියවේ. රජතුමා පෙරහන්කඩය ගෙන බෙල්ලේ රේඛාවක් ඇඳ තමාගේ අධිෂ්ඨාන බලයෙන් කඳින් වෙන්කළ හිස රැගෙන මගියා ගෝඨාභය රජු වෙත ගියේය. නමුත් එය සිරිසඟබෝ රජුගේ හිස නොවේ යැයි කියමින් ඉවත විසි කිරීමෙන් ගෝඨාභය රජු, රැස්ව සිටි රටවැසියාගෙන් සිරිසඟබෝ රජු මැරීමට තමා කටයුතු කළේයැයි එල්ලවන චෝදනාවෙන් මිදීමට උත්සාහ කළා විය හැක. ගෝඨාභය රජු මෙසේ කරනු ඇතැයි සිරිසඟබෝ රජතුමා දැන සිටියා විය හැක. අහසේ රැඳි සිරිසඟබෝ රජුගේ හිසට ජීවය ලැබී “මම සිරිසඟබෝ රජුවෙමි” යි රැස්ව සිටි ජනයා මවිත කරමින් ප්‍රකාශයක් කෙරුණි. මින් සසල වූ ගෝඨාභය රජු වහා හිස ගෙන අත්තනගලු වනයට ගොස් රජුගේ දේහයට අවසාන ගෞරව දක්වා සොහොන් කර එහි වෙහෙරක්ද කරවීය.

Folk lore abounds with many interesting stories wound around the incident of the offer of king Sirisangabo’s head.One such is that the king drew a circle around his neck with the water strainer, and the head severed through the sheer power of his determination was taken away by the traveler to king Gotabhaya. But the king, who refused to reckon that it was the head of king Sirisangabo, threw it away probably to free himself from any accusation that may be leveled against him for the murder of king Sirisangabo.

It may well be that king Sirisangabo knew well in advance that king Gotabhaya would react so. The thrown away head sprang up in the air, regained life, and declared “I am king Sirisangabo” astonishing all spectators. King Gotabhaya who was moved by this spectre, forthwith carried the head to the forest of Attangalla and having paid his last respects to the body, interred the remains and caused the erection of a vehera thereon.

 

lp48රාජ්‍යය අල්ලාගත් ‍ගෝඨාභය රජුට සිරිසඟබෝ රජතුමාගේ හිස දකින තුරු අස්වැසිල්ලක් නොවුණි. සිරිසඟබෝ රජුගේ හිස ගෙන එන අයෙකුට දහසක් තෑගි දෙන බව ප්‍රසිද්ධ වීම නිසා දිනපතා මිනිස් හිස් ගෙන මාළිගාවට පැමිණෙන අයගේ සංඛ්‍යාව වැඩිවිය.මේ අතර වනගත වූ සිරිසඟබෝ රජු තපස් රකිමින් අත්තනගලු වනයෙහි වාසය කළේය. මුණගැසුණු මගියකුගෙන් අනුරාධපුරයෙහි තොරතුරු අසා කම්පාවට පත්වූ රජතුමා මෙසේ සිතුවේය.“මා ගෝඨාභය සමඟ යුද්ධ නොකර රාජ්‍යය ඔහුට ගන්නට ඉඩදුන්නේ යුද්ධයක් වුවහොත් රට වැසියා නැසෙන බැවිනි. නමුත් දැන් මගේ නාමයෙන් අහිංසක මිනිසුන් දහස් ගණනකගේ හිස් කැපේ. අහිංසක මිනිසුන් මෙම විපතින් මුදා ගැනීමට නම් මා ගෝඨාභය වෙත යා යුතුය.”සිරිසඟබෝ රජුයැයි නොදත් මගියා තමාගේ බත් මුලින් කොටසක් රජතුමාටත් පිළිගැන්වූයේය. මගියාගේ ආහාරය පිළිගත් රජු, “මම සිරිසඟබෝ රජු වෙමි. ඔබ මට ආහාරයෙන් කොටස් පිළිගැන්වූයේය. ඒ සඳහා කළගුණ සැලකීමට ඔබට දීමට මා ළඟ ඇත්තේ මාගේ හිස පමණි. මම ඔබට හිස දන්දෙමි.” යි කියා කාලක්‍රියා කළේය. රජු හිස දන්දීම වැළැක්වීමට මගියා කොපමණ උත්සාහ කළත් අවසනායේ සිරිසඟබෝ රජුගේ හිස රැගෙන ගෝඨාභය රජු වෙත යාමට මගියාට සිදුවිය.

King Gotabhaya who seized the throne had no peace of mind until he could to see the head of king Sirisangabo. As the announcement of a reward of a thousand gifts in return for the head of king Sirisangabo had wide publicity, the number of persons bringing in human heads too began to rise.
In the meantime king Sirisangabo was living as a recluse in the forests of Attanagalla. Being appalled on hearing news of the happenings at Anuradhapura from a traveler whom he happened to meet, the king thought thus:-

“I allowed Gotabhaya to take over the throne without waging war against him, lest such a war would cost the lives of my countrymen. But now it appears that thousands of people are slain for their heads in my name. If I am to save these innocents from this tragedy, I must go to Gotabhaya”

He, traveller quite unaware that it was king Sirisangabo offered him a share of his packet of rice. The king having accepted the offer declared “I am king Sirisangabo. You have offered me a share of your meal. The only thing I posses to show my gratitude is only my head. I shall offer you my head”, and then ended his life. Even though the traveller resisted very much the offer, it so happened that in the end he had to take king Sirisangabo’s head to king Gotabhaya.

lp47සිරිසඟබෝ රජු රටවැසියාගේ සිත් දිනාගෙන රජකම් කිරීම නිසා ඊළගට රජ වීමට බලාපොරොත්තුවෙන් සිටි සිරිසඟබෝ රජුගේ අමාත්‍යය, භාණ්ඩාගාර නායක ගෝඨාභය මදක් නොසතුටින් සිටියේය.රාජ්‍යය ලෝභයෙන් පිරුණු ගෝඨාභයට ඉවසාගෙන සිටීමට නොහැකි වූ තැන නුවරට උතුරු දෙසින් රාජ්‍යය ඇල්ලීම පිණිස සේනාව මෙහෙය විය. සිරිසගබෝ රජුට මෙය ආරංචි විය. ගෝඨාභය සමග සටන් කිරීමෙන් රටවැසියන් වූ සිංහලයාම විනාශ වන බව තේරුම් ගත් රජු තපස් වෙස් ගෙන වන ගත විය. ගෝඨාභය රජකමට පත් විය.නමුත් රටවැසියා තුළ සිරිසඟබෝ රජු කෙරෙහි තිබූ පැහැදීමත් රජු ආ ගිය අතක් කිසිවකු නොදත් නිසාත් සන්සුන් මනසින් ගෝඨාභය රජුට රාජ්‍යය කරගෙන යාමට නොහැකි විය.එබැවින් සිරිසඟබෝ රජුගේ හිස ගෙනැවිත් දෙනකෙනෙකුට දහසක් තෑගි දෙන බව දන්වා රටපුරා අණබෙර යැවීමට රජු කටයුතු කළේය.

lp46සිරිසඟබෝ රජු කාලයේදී රුහුණු වැසියන් රතැසි නම් ඇස් රෝගයකින් මරණයට පත් වූ බව කියවේ. එය රාක්ෂයකු විසින් ඇති කළ රෝගයක් ලෙසට ජනයා අතර කතා පැතිරුණි. යක්ෂයා දුටු අය ඇස් රතු වී මරණයට පත් වූ අතර, එම රෝගීන් දුටු අය ද මරණයට පත් වූහ.වැසියාට වන විපත ඉවසා ගත නොහැකි වූ රජතුමා රතැසියා නම් යකු හමු වී මිනිසුන් පිළිනොගෙන, තමා බිල්ලට ගන්නා ලෙසට ඉල්ලීමක් කළ බව කියවේ. නමුත් රජුගේ සත්පුරුෂභාවය නිසා යකුට එවැන්නකුගේ මස් කෑමට වරම් නොමැති බැවින් සෑම ගමකින්ම යකුට බත් පිදේනි ලබා දීමට රජු එකග වී ඇත. ඉන් පසු වැසියෝ රජුගේ නියමය පරිදි යකුට බත් පිදේනි තබා උවදුර දුරු කර ගනිති.

lp45සිරිසඟබෝ රජුගේ කාලයේදී එනම් කි‍්‍ර.ව.250ට ආසන්න කාලයේදී ලක්දිව මහා නියගයක් ඇති විය. ඉන් රටවැසියා මහත් පීඩාවට පත්වූහ.තමාගේ ධාර්මික බව සැබෑනම් ඒ බලයෙන් වැසි වසින තුරු නොනැගිටිමි’යි සිතාගෙන රජතුමා රුවන් වැලි සෑ මඵවෙහි වාඩි විය. ටික වේලාවකින් අහස අන්ධකාර වී ගිගුරුම් සහිත වැසි කඩා හැලෙන්නට විය. මහා වැස්සේ තෙමෙන රජු ඉවතට ගෙන යාමට ඇමතිවරුන් සූදානම් වුවත් තමා වැසි ජලයේ පාවෙන තුරු නොනැගිටින බව රජුගේ අධිෂ්ඨානය බව ඇමතිවරුන්ට පැහැදිලි විය. සෑ මඵවේ ජලය බසිනා කපොඵ වසා මඵව වැසි ජලයෙන් පිරවීමට ඇමතිවරු කටයුතු කළහ. වැසි ජලයෙහි පාවීමට පටන් ගත් රජතුමා නැගී සිටියේය.

lp44ඉන් පසු රජකමට පත්වන්නේ සිරිසඟබෝධි කුමාරයාය. මේ රජු ඉතා ධාර්මිකව රට පාලනය කළ බව සදහන්වේ. රජුගේ ධාර්මික පාලනය තුළ නීති රීති ලිහිල් වීම හේතුවෙන් රටේ තැනින් තැන සොර බිය ඇති විය.රජු මෙය මැඩලීමට සොරුන් අල්ලා ප‍්‍රසිද්ධියේ නඩු අසා බන්ධනාගාර ගත කළේය. නමුත් රහසිගත ඔවුන්ට අවවාද දී ධාර්මික ජීවිත ගත කරන ලෙසට පොරොන්දු කරවාගෙන ඈත පෙදෙස් වලට යැවීය. ඉන් පසු සොහොනෙන් මළ සිරුරු ගෙන්වා පුඵස්සා සිරගතව සිටි සොරුන්ට මරණ දඩුවම් හිමි වූ බව රට වැසියනට ඇගවීය. මෙමගින් සිරිසඟබෝ රජුට සොර බිය මැඩලීමට හැකි විය.

lp43ගජබා රජුගේ ඇවෑමෙන් ඔහුගේ බිසවගේ පියා මහඵනා රජු හය අවුරුද්දක් රජ කළේය. ඔහුගේ ඇවෑමෙන් පුත් භාතිය තිස්ස රාජ්‍යයෙහි අභිෂේක ලැබීය. බුදු සසුන කෙරෙහි භක්තිමත් වූ මොහු මහා විහාරය වටා මහා ප‍්‍රාකාරයක් කරවීය. භාතියතිස්ස රජුගෙන් පසු චූලනාග, කුඞ්ඩනාග, සිරිනාග, වෝහාරතිස්ස යන රජවරු පිළිවෙළට රජ වූහ. මේ කාලයේ අභයගිරි විහාරය, මහාවිහාරය යනුවෙන් බුදු දහම මුල් කර ගත් විහාර දෙකක් විය. වළගම්බා රජු කල මෙම විහාර දෙකෙහි ඇති වූ ආගමික වෙනස්කම වෝහාරතිස්ස රජුගේ කාලයේදී උග‍්‍ර විය. රජු කපිල ඇමතිවරයා සම`ග එකතු වී වෛතුල්‍යවාදය මර්දනය කර ලක්දිව බුදු සසුන ආරක්ෂා කළ බව මහාවංශයෙහි ස`දහන් වේ. වෛතුල්‍යවදය යනු ඉන්දියාවේ අශෝක රජු කල බුදු දහම වැනසීමට මහණ වෙස් ගත් වෛතුල්‍ය බමුණකු විසින් ඇති කරන ලද්දකි. මහා වංශය මහායාන ධර්මය හ`දුන්වන්නේ වෛතුල්‍යවාදය නමිනි.මහා වංශය මහා විහාරයට සමිබන්ධ භික්ෂූන් විසින් ලියූ බැවින් අභයගිරි විහාරය ගැන මහා වංශයේ ස`දහන් විවේචන මැදිහත්ව සැලකීම වඩාත් උචිතය.

lp42ගජබා රජ සොළී රටට යාමේ පුවත රාජාවලියේ මෙසේ විස්තර කෙරේ.නීලමහා යෝධයා සමග සොළී පුරයට යන ගජබා රජුගෙන් පැමිණියේ කුමක් සදහාදැයි සොළී රජ විමසයි. තම පිය රජුගේ කාලයේ ගෙන ආ දොළොස් දහසක් සෙන`ග ආපසු ගෙන යාමට පැමිණි බව පවසද්දී, තනිවම පැමිණියේ ඇයිද කියා සොළී රජු අසයි. තමා තනිව නොපැමිණි බවත් නීලමහා යෝධයා සමග පැමිණි බවත් ගජබා රජු විස්තර කරයි. ගෙන ආ සෙනග යළි මුදා හැරීමට අකමැති වන සොළී රජු, ”වැලි මිරිකා තෙල් ගත හැකි ද? යකඩ මිරිකා වතුර ගත හැකි ද? බොළ`ද කතා රාජ සභා මැද නොකියව”යි අවවාද කරයි.ඒ සම`ග නීලමහා යෝධයා යගදාව මිරිකීමට පටන් ගනී. ඉන් ජලය වෑස්සෙනවා දැක සොළී රජු ඇතුඵ පිරිස බිය වෙති.අවසානයේ ගජබා රජුට අවනත වන සොළී රජු පොළී දොළොස් දහසකුත් සමග විසිහතර දහසක් සෙනග ආපසු ලක්දිවට රැුගෙන යාමට ඉඩ දෙයි.

lp41වංකනාසික තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ඔහු පුත් ගජබා ගැමුණු වසර විසිදෙකක් අනුරාධපුරයෙහි රාජ්‍යය කළේය. රටේ තොරතුරු සෙවීමට වෙස්වලා ඇවිදීම රජුගේ සිරිත විය.
දිනක් මෙසේ ඇවිදින රජුට එක්තරා නිවසකින් අදෝනාවක් ඇසී පසු දින ඊට හේතු විමසීමට කටයුතු කළේය. පිය රජු කාලයේදී සොළී රටට ගෙන ගිය දොළොස් දහසක් සෙනග අතරට තම පුතුන් දෙදෙනා ද අයත් වූ බව පවසමින් හැඩූ ගැහැණියට පුතුන් දෙදෙනා ලබා දීමට රජු එකග වූයේය.

After the death of king Vankanasika Tissa, his son Gajaba Gemunu ruled at Anura dhapura for a period of twenty two years. He was in the habit of travelling around disguised, in order to inquire as to what was happening in the country. On one of such travels he having heard a moan and cry coming out of a house, made enquiries regarding it the following day. He having learnt that it was a woman lamenting over the fact that her two sons had been in the group of youths seized during the time of his father’s period of rule, there upon promised to get back the sons.

lp40සිංහලයන් දොළොස් දහසක් ඉන්දියාවේ කාවීර පටුනෙහි කුලීකරුවන් ලෙසට පැහැරගෙන ගියේ වංකනාසික තිස්ස රජු කාලයේදී බව මහාවංශයෙහි නොකියවුණත් රාජාවලිය, පූජාවලිය වැනි පොත් වල සදහන් වේ.ජනකතා වල කියවෙන අන්දමට පාඵ පෙදෙස් වල සැගවී සිටි දාමරිකයන් තරුණයකු දුටු විට අල්ලා අත් පා බැද නැවට දමාගත් බව පැවසේ. ‘බිල්ලෝ එනවා’ යනුවෙන් ළමුන් බිය ගැන්වීමට අපේ මව්වරුන්ගේ කටට හුරු වූයේ ද ඉන් පසුව බව ඇතමෙක් කියති.

Even though the great chronicle Mahavamsa does not state, literary works such as the Rajavaliya and Pujavaliya indicate that during the reign of king Vankanasika Tissa twelve thousand Sinhala men were seized away to work as labourers at the Kaveri Patuna in India. According to folk tales, there have been thugs lying in ambush seizing yongsters at sight and after tying up their limbs were loaded into a ship. Some say that the words ‘ billo enava’ that our mothers used to utter to scare off children started after this incident.

The Children’s Upliftment Programme (CUP)

CUP was founded in May 2004 with the primary objective of building up the future of the younger generation of the country.

Newsletter

Get to know latest updates from CUP